සමහර විට එයා එයගෙ ගෑනුලමයක් එක්ක පොඩි රන්ඩුවක් වෙන්න ඇති ඒකයි ඔය..ජිමින්ට හිතුනා..

හැබැයි ජිමින් දැනගෙන හිටියෙ නෑ අනිත් පැත්තෙන් ටේ කොච්චර විදවනවද කියලා...

-------------------------------------------------------------


ජිමින් ..ජිමින්.

ජිමින්ට ඇහුනේ ජ්ංකුක්ගෙ කටහඬ.ජිමින් එහෙම්ම නැවතිලා පිටිපස්ස බැලුවා.

ඔව් ජංකුක් කියන්න?

නෑ මම නිකන් ආවේ. කොහොමද අද එක්සෑම් එක?

අද තමයි ජිමින් මෙච්චර දවස් පාඩම් කරපු එක්සෑම් එක තිබ්බේ. ජිමින් මේ පාර නම් කලින් හැම පාරකටම වඩා හොඳට එක්සෑම් එකට මූන දුන්නා මොකද කලින් හැම පාරකටම වඩා ජිමින් මේ පාර හොද සූදානමකින් හිටිය නිසා .

අව්ලක් නෑ ජ්ංකුක් . මම හොද්ට ලිව්වා . මම යන්නම්.

ජිමින් එහෙම්ම එතනින් යන්න ගියා.

ජ්ංකුක් ජිමින්ගෙ පස්සෙන් යන්න ගියෙ නෑ .එයාට ඕන උනේ නෑ ජිමින්ට වදයක් වෙන්නෙ..


ජිමින් තනියෙන්ම එයාගෙ ගෙදරට එන පාර දිගේ ඇවිදගෙන ආවා...

ජිමින්........ඔහොම ඉන්න....

ජිමින් එ සැරේ නම් නැවතුනේ නෑ .. මොක්ද ඒ කතාකරපු කෙනාගෙ කටහඬ කාලයක් ජිමින් මේ ලෝකේ අහන්න ආසම කටහඩ වෙලා තිබුනා හැබැයි දැන් ඒ කටහඩ ඇහෙනකොට ජිමින් ගෙ හිතට එන්නේ දරාගන්න බැරි වේදනාවක්.
ජිමින් නවතින්නේ නැතුවම ඉස්සරහට ඇවිදගෙන් ගියා.


ජිමින්....... පොඩ්ඩක් ඔහොම ඉන්න . මට ඔයාට කතා කරන්න ඕනේ........

ජිමින්.........

ටේ පිටිපස්සෙන් දුවගෙන ඇවිත් ජිමින්ගේ ඉස්සරහින් හිටගෙන ජිමින්ගෙ උරහිස් දෙකෙන් අල්ල ගත්තා.

ජිමින් ඒ එක්කම ටේ ට බනින්න හැදුවත් ටේ ජිමින්ට කතා කරන්න දුන්නේ නෑ.

ජිමින් මේක අහන්න මට හුගක් වෙලා නෑ . මේක ඔයාට .මේකේ  හැමදේම තියෙනවා කරුනාකරලා මාව තේරුම් ගන්න උත්සහ කරන්න . ඔයා දන්නෙ නෑ පහුගිය දවස් ටිකේ ඔයා නැතුව මම කොච්චර දුකෙන්ද හිටියෙ කියල .. මට සමාවෙන්න මේ හැමදේම මගෙ වැරැද්ද.



You've reached the end of published parts.

⏰ Last updated: Aug 23, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

 i was always yours 💞Where stories live. Discover now