chapter 08💗

140 36 20
                                    

ටේ..........

ආ ජිමින්... ඇයි මේ.....

ටේ...........

ජිමින් ටේ ගෙ කාමරේට දුවගෙන ඇවිත් ටේ ව බදාගත්තා ජිමින්ට එයාගෙ ඇස් දෙකෙ කදුලු හිර කරගෙන ඉන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ....ටේව තදින් බදාගෙන ජිමින් ඉකි ගහන්න ගත්තේ ටේ ගෙ ඔලුවට ප්‍රශ්න දාහක් ගොඩ ගැහෙද්දි...

ජි....ජිමින්..... ඇයි මේ අඩන්නෙ.... ශ්..... ශ්....

ටේ ජිමින්ගෙන් මොනවත් අහන්න කලින් ජිමින්ව හයියෙන් තුරුලු කරගෙන ජිමින්ගෙ ඔලුව අත ගෑවේ මෙකෙන් ජිමින්ගෙ හිත හදන්න පුලුවන් කියලා දන්න නිසා... ටික වෙලාවක් ටේ ගෙ උරහිසේ අඩපු ජිමින් අඩන එක නැවත්තලා ටේ ගෙ ඇස් දෙක දිහා බැලුවෙ ලාවට කදුලු පිරුනු ඇස් දෙකකින්...

ජිමින්...... කියන්න මොකද්ද උනේ....

ටේ.....

හ්ම්ම්ම්.....

ඔ...ඔයා හිතන්නෙ පිරිමි කෙනෙක්ට තව පි....පිරිමි කෙනෙක්ට ..කැ..කැමති වෙන්න බෑ කියලද? එ.. එහෙම..උනොත් ..ඒයා...මානසික පිස්සෙක් සමාජෙට ලැජ්ජාවක් වගේද ඔයා බලන්නෙ.... කියන්න ටේ.....

පිස්සුද ජිමින්... කවමදාකවත් නෑ... කැමැත්ත ආදරේ කියන එක ඕනම කෙනක්ට ඕනම කෙනෙක් ගැන ඇති වෙන්න පුලුවන්.. ගැහැනු,පිරිමි,කලු ,සුදු මේ කිසිම දෙයක් වැඩැක් නෑ ...තමන් ආදරේ කරන කෙනා ලග හිටියම හොදටම ඇති...

එහෙනම් ... ඇයි.... හැමෝටම ඔහොම හිතන්න බැරි....

ජිමින් ආපහු ටේව බදාගෙන අඩන්න ගත්තා.. ජිමින්ගෙ ඇස් දෙකෙන් වැටෙන කදුලු දිහා ටේ බලාගෙන හිටියේ කියාගන්න බැරි දුකකින්..

ජිමින්... අහන්න ... අඩන්න එපා මම කියලා නැද්ද ඔයා අඩනකොට කැතැයි කියලා... අනික මම කැමති නෑ අපේ minnie අඩනවට ..කෝ බලන්න...

නෑ ටේ ඔයාට තේරෙන්නෙ නෑ....

අ...අ...අද....ජින්..හි..යුන්ග්...

ජින් හියුන්ග් ට මොකද්ද ?

එ...එයා....suicide ක්..කර.. ගන්න ගියා...
අම්මා...හරි වෙලාවට ..කාමරේට ගියේ නැත්තන් .. ජින්...හියුන්ග්...😭😭😭😭😭

ශ්.... ශ්.... අඩන්න එපා කෝ එන්න....

ටේ ජිමින් ගෙ තව හයියෙන් තුරුලු කර ගත්තා...

 i was always yours 💞Kde žijí příběhy. Začni objevovat