32.නුඹ කරා ❤️

Start from the beginning
                                    

"අයියෙ මේ....මට ටොයිලට් එකට යන්න ඕනනෙ....."

මේ වගේ තැන්වල බාතෲම් කියලා අහලා බොරුවට කිච වෙන්න ඕන නැති නිසා මං දන්න වචනෙම දාලා එහෙම ඇහුවා.....

"ආ...පොඩ්ඩක් හිටපන් මල්ලි...මාත් එක්ක යමන්.....මාත් ඒ පැත්තට යනවා....."

එහෙම කියපු ඒ මනුස්සයා ඉස්සර වෙද්දි මමත් එයාගෙ පස්සෙන් වැටුණා....ඒ මනුස්සයා ගිහින් නතර වුණේ ගරා වැටුණු කාමරයක් වගේ එකක් ළඟ....

"මල්ලි ඉස්සෙල්ලා ගිහින් වරෙන් .....තව ටිකකින් මෙතන සෙනග පිරෙනවා..මටත් යන්න ඕන......"

ඌ එහෙම කියලා මාව ඇතුළට යවද්දි පිළිකුලෙන් උනත් මං ඒක ඇතුළට ගියා....ශිට් ....පුදුම ගදක්...මට වමනෙ යන්නත් ආවා ඒකෙ ගදට....ඒත් ඉතිං මේ වෙලාවෙ පොෂ් වෙන්න ගිහින් තියන සහනෙත් නැති කරගන්න බැරි නිසා මං පිළිකුලෙන් උනත් මගේ වැඩ ටික කරන් එළියට ආවා....බුදු අම්මෝ පෝලිම.....අරූ කිව්වා හරි....මං එළියට ආවා විතරයි ඌ ඉක්මනට ඇතුළට ගියපු නිසා මම ටිකක් එහාට වෙන්න ගිහින් හිටගත්තෙ ඌ එනකම්....මොනවා උනත් ඌ ඉන්න එක මට ශක්තියක් වගේ දැණුනා....(හිරේ ඇතුලෙ ජීවිතේ ගැන මං දන්නෑ ඉතිම් එක එක ඒවා කියවලා ගලපගත්තා හාද 😕)
.
.
.
.
.
.
.
.
.
.
.
උදේ කෑම එකත් ඊයෙ රෑ වගේම බලු බල්ලෙක්ට කන්න බැරි වෙද්දි මං කෑම එක බින් එකට දාලා වතුර එක බීගෙන ගියා....අනේ හේෂ්......🥺.....මට මගේ හේෂ් නපුරව මතක් නොවෙන වෙලාවක් නෑ...මට ඕන ඉක්මනටම ගිහින් එයාගෙ කටින් ආදරෙයි කියලා අහගන්න....මොකද මං දැන් දන්නවා එයත් මට ආදරෙයි කියලා.....

ඒත්.....

මං මෙහෙන් යන්නෙ කොහොමද  💔😕......
.
.
.
.
.
.
කෑම නොකා වතුර එක විතරක් බීලා කූඩුවට වෙලා බිත්තියට හේත්තු වෙලා හේෂ් ගැන මනෝ පාරක් ගහන් හිටපු මට වෙලාව යනවා දැනුනෙවත් නෑ......ඒ තරම් හේෂ් කියන්නෙ මට ඩ්‍රග් එකක්....හයිලි ඇඩ්ක්ට් වෙන....එයා ගැන හිතුවත් හිතලා ඉවරයක් කරගන්න බෑ මට....එන්න එන්නම එයා ගැන මගේ හිතේ තියන ආදරේ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙම නෑ....

සමහරවිට උඹලා හිතනවා ඇති කොල්ලෙක් වෙනුවෙන් කොල්ලෙක්ට මෙච්චරම ඇඩ්ක්ට් වෙන්න පුලුවන්ද කියලා....මගේ උත්තරේ ඔව්....මොකද හේෂ් කියන්නෙම මට මහ මෙරක්..මගේ ජීවිතේ ...මගේ ආලෝකය....මගේ පණ....මගේ ගැලවුම්කාරයා ...මගේ හැමදේම....ඉතිං මාව රිද්දන්න වගේම හිනස්සවන්නත් මං එයාට අයිතිය දීලා තියෙන්නෙ ඒ අලු ඇස් මගේ ඇස් ඉස්සරහට ආව දවසෙමයි කියලා මං පරක්කු වෙලා හරි තේරුම් ගත්ත එක ගැන මට සතුටුයි .....

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now