22.අනතුරක සේයාවක් 💔

Start from the beginning
                                    

හේෂ් කියන පරක්කුවට මං ඩේව්ට 4n එක දුන්නම එයා drive කරන ගමන් හේෂ් එක්ක මොන මොනවදෝ කතා කළා...4n එක තිබ්බ ඩේව් මගේ දිහා බැලුවා....

"මහත්තයා ....."

"ඔව් ඩේව් කියන්න....."

"මං තැනක වාහනේ නවත්තනවා අරුන්ට හොයාගන්න බැරිවෙන්න.....මහත්තයා ඉක්මනට බැහැලා එතන තියන ගහට මුවා වෙන්න......."

"ඩ්....ඩේව් 😳......"

"බයවෙන්න එපා මහත්තයා මං මහත්තයව පරිස්සමට එක්කන් යන්නම්......."

එහෙම කියපු ඩේව් වාහන කීපෙකට overtake කරලා පාළු වගේ තැනකින් දූවිලි කපාගෙන වාහනේ නැවැත්තුවා.....

"ඉක්මනට බහින්න මහත්තයා....අර පේන නුග ගහ අස්සෙ හැංගෙන්න.....මට විනාඩි 5ක් දෙන්න......."

එහෙම කියපු ඩේව් මාව බස්සලා ඉගිල්ලුණා කිව්වොත් හරි.....මං ඉක්මනට අර කිව්ව නුග ගහ අස්සෙ හැංගුණාම මං දැක්කා අපිව follow කරපු අර වාහනෙත් ඩේව් පස්සෙන් යනවා.....මං දැක්කා ඩේව් උන්ට හිතාගන්න වත් බැරිවෙන්න වාහනේ එහේ මෙහේ අරන් යනවා....ඒත් එක්කමයි බයික් එකක් ඇවිල්ලා මං හිටපු හරියෙ නැවැත්තුවෙ......

දෙයියනේ මං දැන් මොකද්ද කරන්නෙ 🥺.....මං බයවෙලා වගේ පස්සෙන් පස්සට යද්දි අර බයික් කාරයා මං දිහාවට ඇවිදන් ආවා.....

"ද්........දුල්මිණ....😳........?"

"හහ් හහ් හා මාව අදුරගත්තා නේද එහෙනම්........අවී......අයියෙ 😏......"

"දුල්මිණ මොකද මේ.....?"

එයා ටිකෙන් ටික මගෙ ළගට කිට්ටු වෙද්දි මං පස්සෙන් පස්සට ගියේ කරන්න දෙයක් හිතාගන්න බැරුව.....

"උඹව බලාගන්න දාපු එකා හරි මෝඩයි බන් අයියෙ....උඹලා මගේ ඇමට අහුවුණා 🤣🤣🤣....."

"දුල්මිණ .....මේ මං දන්න ඔයා නෙමෙයි......plz මට මුකුත් කරන්න එපා....."

"හහ් උඹ දන්න දුල්මිණ මැරුණෙ උඹ මාව දාලා ආව දවසෙමයි අවී.....දැන් මේ උඹ ඉස්සරහා ඉන්නෙ රුක්ෂාන්ගෙ මල්ලි ....දුල්මිණ 😏.....යමං.....අපේ අයියට උඹව ඕනලු...."

"මට බෑ....."

එයා මාව ඇදන් යන්න හදද්දි මං එයාගෙ අත ගසලා දැම්මා.....

"මොකද තමුසෙට එන්න බැරි.....අර අලුතින් ආව බල්ලට #$%$ අල්ලලා ආස වෙලාද .....😏......?"

"තමුසෙ😠......තමුසෙ කොහොමද ඒ මනුස්සයට එහෙම දෙයක් කිව්වෙ වත් 😐😐😐......"

"ඕහෝ උඹට රිදුණද 😏......"

"දුල්මිණ හරි සිහියට වරෙන් මල්ලි....කලින් හිටපු දුල්මිණ වෙයං plz....."

"හහ් කලින් හිටපු දුල්මිණ ආයෙ කවදාවත්ම එන්නෙ නෑ අවී අයියෙ ......ඒ දුල්මිණ උඹට පට්ටෙට ආදරේ කළා....උඹමයි ඒ ආදරේට පයින් ගහලා වෙන බල්ලෙක් එක්ක ලැග්ගෙ ....."

"චටාස් 👋........"

"ඒ රත්තරන් මනුස්සයට බල්ලා කියන්න උඹට කොහෙන්ද හයියක් 😠......"

මුලින් මූ මට උදව් කරා නේද කියලා ඉවසුවත් හේෂ්ට වරදක් කියනවා මට බලන් ඉන්න බැරිම තැන මං උගේ කම්මුලට ගැහුවා....මට තේරුණා රුක්ෂාන් මූට විස පොවලා කියලා...උගේම මල්ලිනෙ ඉතිං ....කොහොම උනත් එදා එතනින් පැනගනිපු එකට මං සතුටු වුණා....

මං උගේ කම්මුලට ගහපු නිසා ඌ වියරු වැටිලා වගේ මට ගහන්න පැන්නා...ඒත් ඉතිං මගේ කරාටි දක්ෂතාවය නිසා පාරවල් දෙකෙන්  ඌව බිම දාන්න මට පුලුවන් වුණා....එතකොටයි මට මං මේ දේවල් ඉගෙන ගනිපු එකේ වටිනාකම තේරුණේ.....

ඌ ආයෙම නැගිටලා සක්කුවට අත දාලා මොකක්දෝ injection එකක් අතට ගත්තා.....දෙයියනේ අර drug එක....🥺.....මං ඒකට නම් බයයි....බයටම මං පස්සෙන් පස්සට යද්දි එක පාරටම.......
.
.
.
.
.
.
.
.
මතු සම්බන්ධයි ......

💞හායි සමයි ඔන්න බෝනස් එකක් දුන්නා 🙈.......Lan Wang Xu ඔන්න නංගා දැන් හරිද 🤧

💞ආයෙ ටික දවසකට එන්න වෙන්නෑ මට හූම්ම් 😒 ....

💞මොකක් වෙයිද අවීට දුල්මිණ inject කරයිද ...නැත්නම් 🤧......?

💞කතාව ආදරෙන් වැලදගන්න හැමෝටම ස්තූතී💛 .....

💞හැමෝම පරිස්සමින් ඉන්න .....

✍️තිසූ

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now