🍁 Chapter 18

Magsimula sa umpisa
                                    

azohi : හලෝ ළමයි ටික !! එන්න එන්න ඇතුළට !! මෙහේ තමා පාටි එක !!!

මේ අතරෙ බොම්ග්‍යුයි අනික් අයයි y/n ළගෙ ගෙදරට ආපු නිසා ඉස්සරලා තිබුණු දුක්බර සීන් හැම එකක්ම ඉවරටම ඉවර වුණා..

ඇත්තටම මෙයාලා මේ පාටි එකක් දාන්න තමයි ලෑස්ති වෙන්නෙ...

ඒක ටිකක් විශේෂ එකක්..

azohi : හේ හේ...අපිට තව විනාඩි දෙකක් විතර තියෙන්නෙ !! කට්ටිය සේරම රෙඩී නේහ්?? එහෙනම් තම තමන්ගෙ තැන්වලට යන්නලා !!

after 2 mins

seungmin : ම්ම්...නූනා ! හ්‍යුන්ලා ! මල්ලිලා !! කෝ කවුරුත් නැද්ද??ම්ම්...හැමෝටම මාව අමතක වෙලාද කොහෙද?ඕක ඉතින් අහන්නත් දෙයක්‍ යෙ මින් !! ඔයා ඔය අවුරුද්දකට පස්සෙනෙ නිවාඩුවට ගෙදර ආවෙ !!

සන්ග්මින් ගොඩ කාලෙකට පස්සෙ අද තමයි ගෙදර එන්නෙ..මොකද එයා දැන් ලෙක්චර කෙනෙක් නිසා එයාට වැඩ ගොඩක් කරන්න තියෙනවා..ඉස්සර පොඩියට හිටියට දැන් හැමෝම ලොකුයි..

සන්ග්මින් ගේ ඇතුළට එද්දි ගෙදර කවුරුත් පේන්න හිටියෙ නැති නිසා එයා හිතුවෙ එයාව කට්ටියට අමතක වෙලා ගිහින් කියලා..

all : happy birthday to you !! // happy birthday dear seungmin !! happy birthday to you !!

එකපාරටම හැමෝම birthday song එක කියාගෙන හැංගිලා හිටපු තැන්වලින් එළියට ආවෙ සන්ග්මින්ව සප්‍රයිස් කරගෙනමයි...

seungmin : වාහ් !! තැන්ක් යූ හැමෝටම !! මට නම් මේක විශ්වාස කරන්නත් බෑ !! ඔයාලට ඒක මතක තිබුණා !!!!

y/n : ආහ් ! එහෙම අමතක වෙනවද මල්ලි පණ !! මෙන්න මගෙන් ඔයාට තොත්තුවක් !!

y/nගෙ තොත්තුව තරම් වටින තෑග්ගක් සන්ග්මින්ට එදා ලැබුනෙ නෑ..මොන තරම් දේවල් ලැබුනත් නූනගෙ තොත්තුවට තමා මේ මල්ලිලා සෙට් එක වැඩියෙන්ම ආස කරන්නෙ..

changbin : ආ..!! ආ...!! කට්ටිය මං නැතුව කේක් කන්නද ලෑස්ති !?

bangchan : අඩෝ බින් !! මෙන්න අපේ කේපොප් තරුව ඇවිල්ලා !!!

සන්ග්මින්ගෙ පාටි එකේ තිබුණු තවත් විශේෂයක් තමයි ඒ..
කවුරුත් හිතුවෙ නෑ එදා බින් පාටි එකට එයි කියලා..මොකද එයාට දැන් පාරෙ බැහැලා යන්නවත් බැරි තරම් ප්‍රේක්ෂක පිරිසක් ඉන්න නිසා නිවඩුවක් අරන් ගෙදර එන්නත් අමාරුයි..
එදා දවසෙ හැමෝම එකට එකතු වුණ නිසා එයාලා ගොඩාරියක් සතුටින් හිටියෙ..

Infinite fraternity [straykids]Tahanan ng mga kuwento. Tumuklas ngayon