"තේ..... ආදරේයි මහත්තයෝ..." බෙල්ල වටේම අත ඔතාගෙන එයාගෙ නලලට හාදුවක් දෙන ගමන් මම කිව්වා.

"වැඩේ කියන්නෙ මේ වගෙ හුරතල් වෙන්න කේක්ම ඕනේ නම් තව මහත් වෙයිනෙ..." ටේ එහෙම කියද්දී මම අහක බලා ගත්තා.
"මගේ හීන් මහත වුනත් ලස්සනයි. එත් පොඩ්ඩක් හිතන්න සෞඛ්‍ය ගැන. මුල ඉදන්ම ඔයාගෙ කෑම සෞඛ්‍යයට හිතකර නෑ..." ටේ ට ඔහෙ කියවන්න කියලා මම කුස්සියට ගියෙ කේක් කන්න...

"ම්ම්ම් පොඩි එකා වගෙ තාම..." මගෙ කටවටේ ගෑවිලා තිබ්බ අයිසින් ටික පිහිදලා එයා කෑවා

"ශීයා චීසි ටේ. ඔයාට ඔහොම රොමැන්ටික් පැත්ත ගැලපෙන් නෑ..."
"එහෙනම් දරුණු වෙන්නද?"
"කොහොමද?" ටේ මගෙ තොලේ ආයෙත් අයිසින් ටිකක් ගාලා මගෙ ඔඩොක්කුවෙන් කකුල් දෙපැත්තට දාලා ඉදගත්තා.
"ඒයි තේ..."
"මම නෙවේනෙ දරුණු වෙන්න ඕනෙ කිව්වේ..." එයා හිමින් සියුම්ව මගෙ තොල් සිප ගන්න පටන් ගත්තා එන්න එන්නම හාදුව ගැඹුරු වෙනවා එක්කමයි මගෙ ෆෝන් එක රිංග් වුනේ...

"ඕක අමතක කරන්න නිව්... එන්න..." ටේ ආයෙත් මුලට යද්දී හදිස්සියක් වගෙ එක ආයෙත් රිංග් වුනා..
"ටේ පොඩ්ඩක් ඉන්න..." මම දැක්කෙ යී වා ගෙ නම්බර් එක. කට් කරන්නත් බෑ...

"කට පියන් ඉන්න පොඩ්ඩක්..." මම එහෙම කියලා ටේ ගෙ තොල් වලට දඹරගිල්ල තිබ්බා.
"හලෝ...."
"හලෝ පි ඔයා කොහෙද?" මට දැනූනා මගෙ බෙල්ල තෙත් වෙනවා වගෙ මට කතා කරගන්නත් බෑ තොල් දෙකම හපාගෙන ටේව අයින් කරන්න හැදුවේ...

"නිව් ඔයාගෙ අම්මා මට අද එහෙ ඩිනර් එකට එන්න කිව්වා..."
"මොකක් අපෙ අම්මා" විකාර කර කර හිටිය ටේ ඔලුව උස්සලා බැලුවේ ඒ සද්දේට.
"ම්ම්ම් හරි යී වා. ඔයා යන්න. මම දැන් ගෙදර නෙවේ මමත් එන්නම්..." මම ෆෝන් එක තියලා ටේ දිහා බැලුවා.

"ඔයාට ටිකක්වත් ඉවසන්න බැරිද ටේ..."
"තමුසෙ කතා කරේ යී වා එක්ක. එකක් මතක තියාගන්න නිව්. දැන් මම කියනවා ඊයෙ රැයින් පස්සෙ ඔයාට බෑ වෙන ඌන් එක්ක ඉන්න..."
"මේ ඔක්කොම ඔයාගෙ වැරදි ටේ..,"
"මම මොනවද කරේ..." මට කට අරින්න වුනේ නෑ ටේ ගෙ ෆෝන් එක රින්ග් වුනා.

"හලෝ මෑ කියන්න..."
"ඔයා අද නිව්ගෙ ගෙදර එන්න ඕනෙ."
"එත් ඇයි අම්මා..."
"නම්ටන් එක්ක අපි එහෙ යනවා. ඔයා නම්ටන්ගෙ කෝල්ස් අරන් නෑ... අපි එහෙ ඩිනර් ගන්නෙ..."
"එත් ඇයි අම්මා නම්ටන්..."
"ටේ ඔයා එන්න... මම තියනවා." කන තියන් මම ඔක්කොම අහගෙන හිටියා.  ටේ එකපාරටම මගෙ උරහිස්සෙ ඔලුව හංගගත්තා.

You make my heart smile 🖤😎 (Complete)Where stories live. Discover now