😎04🖤

325 33 0
                                    

කටකපලා නිදිමත වැක්කෙරෙද්දී මම ෆිල්ම් එක බලනවා වගෙ හිටියට හෙන අවුලෙන් හිටියෙ.

"Tay ඔයා මගෙන් කවදද අහන්නෙ..." namtan ගෙ කටහඩ හීනයක් වගෙ ඇහෙද්දී මට හිතා ගන්න බැරි වුණා මොකක්ද කියලාවත්.
"ඒ කියන්නෙ."
"ඔයා හිතනවද මම ඔයාට කැමති කියලා ඔයා දන්නෙ නෑ කියන එක මම විශ්වාස කරනවා කියලා"
"ඔයා මට කැමතිද?"
"ඔෆ් කෝර්ස් tay. ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නෙ."
"ඉතින් මමත් ඔයාට කැමති කියලා ඔයා දැනන් ඉන්න ඇතිනෙ..."
"නෑ. මම කලෙ නෑ.."
"එහෙනම් කොහොමද මාත් දැන ගන්නෙ..."
"හරි දැන් මොකක් වුණත් අපි එළියට යනවද?" Namtan මට කැමති කිව්ව වේලාවේ මට සතුටක් කියලා විශේශයෙන් දැනුනේ නෑ. එත් මට විශ්වාසයි මම namtan ට ගොඩාක් කැමති කියලා.
"ඇත්තටම... අපි කරනවා." Namtan මගෙ උරහිස්සෙන් ඔලුව තියාගත්තා.

*************

මම ගෙදර යන්නත් හිතලා ආයෙත් කාර් එක new ලාගෙ ගේ පැත්තට හැරෙව්වේ කොල්ලා පරිස්සමින් ගියාද කියලා හිත හිතායි.

"මේ ලමයා මොකො මේ රෑ වෙලා" මම ගියපු ගමන් new ගෙ අම්මා ඇහුවා.
"නෑ අද new ව දැකලත් දාලා යන්න වුනා ටිකක් කතා කරන්න ආවේ." නැන්දගෙ අතේ එල්ලෙන ගමන් මම කිව්වා.
"අද ගෙදර එන්න වෙන්නෙ නෑ කිව්වා පුතේ. මොකක්ද වැඩක් කිව්වේ. යාලුවෙක්ගෙ ගෙදර නවතිනවා කිව්වා."
"මොකක්.. කාගෙද?"
"P'sun ගෙ ගෙදර කිව්වා." නැන්දා එක්කත් විනාඩි ගානක් කතා කරලා කාර් එක ලග ආපු මට හුස්ම හිර වෙනවා වගෙයි දැනුනෙ

"හලෝ...." ඉන්නම බැරි තැන new ට කෝල් පහක් විතර ගත්තට පස්සෙයි එයා කෝල් එකට ආවෙත්
"තමුසෙ කොහෙද ඉන්නෙ."
"මොකටද අනෙ අහන්නෙ."
"New මගෙන් මැරුම් නොකා කොහෙද කියනවා."
"මම බාර් එකෙ sun ගෙ. පස්සෙ එයාලගෙ ගෙදර යනවා."
"මම එනකල් ඉන්නවා." තඩි බිඩි ගාලා ෆෝන් එක තිබ්බ මම ස්පීඩ් එකෙ බාර් එකට ගියා.

P'sun එක්ක මුකුළු කර කර ඉන්න new දැක්කාම මට මරුවා ආවේශ වුණා.

"යනවා කාර් එකට." New ගෙ වැලමිට තදට අල්ලද්දී new ඇඹරුනා.
"මොන මගුලක්ද වෙලා තියෙන්නෙ. පෙන්නෙ නැද්ද මම බොනවා."
"New තමුන් මගෙ මල්ලී. ඒක දැන ගන්නවා. රෑ ගානෙ එක එක තැන් වල නිදාගන්න ලැජ්ජ නැද්ද?" මගෙ සද්දේ එන්න එන්න වැඩි වෙද්දී මට මාවම පාලනේ කරගන්න බැරි වුනා.
"P'tay සමාවෙන්න මමයි new ව මෙහෙට එක්ක ආවේ." කොහෙදෝ ඉදන් ආව ගෑණු කටහඩ දිහා බැලුවාම මම දැක්කෙ yiiwaa.
"ආ කමක් නෑ. New කාර් එකට නගිනවා දැන්." මම අණකරලා එද්දී new එයාගෙ කාර් එකටම නැග්ගා.
"බය වෙන්න දෙයක් නෑ. මට ලයිසන් නැති වුනත් හැප්පෙන් නැතුව යන්න පුලුවන්. අනික තව විනාඩියක් ඔය මූණ බලන් යන්න මට ඕනෙ නෑ..." new එහෙම කියද්දී මට ආව කේන්තිය මෙච්චරක් කියන්න බෑ. New ගෙ කාර් එක පිටිපස්සෙන්ම ගිහින් ගේ ඇතුලට දානකල් ඉදලම මම ගෙදර යන්න ආවේ මට මෙච්චර වගකීමක් මල්ලී ගැන හිතේ තියෙනවද කියලා හිතලයි.

You make my heart smile 🖤😎 (Complete)Место, где живут истории. Откройте их для себя