😎10🖤

257 31 0
                                    

New pov.

මම දන්නෙ නෑ tayට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. මගෙ තොල් ඔක්කොම හීරිලා වගෙ රිදෙනවා. එයා මාත් එක්ක කේන්තියෙන් හිටියා වගෙ. හැමෝම වුන දේට tayට ජෝක් කරද්දී මම කටවහන් හිටියා. මට මාව පාලනේ කරගන්න ගොඩාක් අමාරු වුනා. මට මේ වෙන දේ මොකක්ද කියලා මෙහෙමයි කියන්න මට බෑ. මම එයාට ආදරේ ද? නැද්ද? මම දන්නවා ඕකෙ මගෙ පැත්තෙන් මොන උත්තරේ ආවාත් එයාගෙ උත්තරේ නෑ කියන දේ. ඒ ඇස් දැන් මලානික වුනාට namthan අක්කා ලග එළිය වැටෙනවා.

"New මාත් එක්ක යමු." Tay ලගට ඇවිත් කියනවා
"නෑ P ඔයා යන්න. Namtan අක්කත් ඉන්නවනෙ."
"මම ඇහුවේ නෑ උත්තරේ මම කිව්වේ යමු කියලා."
"බෑ P මම මගෙ කා එකෙන් ආවේ. අනික මට yiiwaa ව ඩ්‍රෝප් කරන්නත් ඕනේ. ඔයා යන්න" මම එයාට වචනයක්වත් කියන්න නොදි yiiwaa එක්ක ආවා.

"අද මොකක්ද අර වුනේ." Yiwaa කතාව පටන් ගත්තා.
"මොකක්ද?" මම හිතනවා හරි නම් මේ කිස් එක ගැන
"Tayගෙ කිස් එක. ඔයාගෙන් පලිගන්නවා වගෙනෙ..."
"පොඩි කාලෙ ඉදන් එයාට ඕනෙ මාත් එක්ක රණ්ඩු වෙන්න. මේ ලගදී මම කිව්වා එයාට බෑ මාව කිස් කරන්න කියලා. ඔය එකෙ පලිය."
"Tay නම් පොඩි එකෙ වගෙනෙ. ඉතින් හුරතල්..."
"මම කැමති නෑ එයා ගැන කතා කරන්න." ඇයි මම මේ බොරු කියන්නෙ...

බැංකොක් වල හරියට ට්‍රැෆික් ඇත්තමයි මට එළියට ගිහින් කෑ ගහන්න හිතෙනවා. අනික මට රිදෙනවා. තොල් දෙකම නෑ වගෙ. මට දැන් හරි කේන්ති.

Yiiwaව ගෙදරින් දාලා එනකොට අම්මා කෝල් කරේ එයාලා ගමනක් යනවා කියලා. කමක් නෑ අද නිදහසෙ ඉන්න පුලුවන්. අම්මා නෑ කිව්වට ගෙදර ලයිට් දාලා ගිහින්. කෙලින්ම දොරත් ලොක් කරගෙන ලයිට් නිවාගෙනම කාමරේට ගියෙ ටිකක් නිදාගන්න. මට හරි මහන්සි.

"දැන්ද එන්නෙ." කාමරේට එනවත් එක්කම කටහඩක්. ලයිට් එක දාන් බලද්දී tay ඇද උඩ ඉදගෙන ඉන්නවා.
"කොහොමද ආවේ ඇතුලට."
"අම්මා ගියෙ මන් ආවාම."
"හා හා." මුකුත් කියන්න දෙයක් මට නෑ. මට ඕනේ මේ මිනිහාගෙන් දුරට ගිහින් හැංගෙන්න. ඒත් මේ මිනිහා මාව හොයන් එනවා
"එච්චරද?"
"මොකක්ද?"
"New කියන්න දෙයක් නැද්ද වෙන."
"P'tay ඔයා මේ ස්ක්‍රීප්‍ට් එකෙ ඩයලොග් කියන්නද මෙතනට ආවේ"
"නෑ."
"එහෙනම් අනේ ඔයාට ඕනෙ වේලාවක් ඉන්න මම නාන්න යනවා හරි මහන්සි"
"අද කොහොමද? තුවාල කරගෙන වෙන  වෙන ඒවා කරලා ගොඩාක් මහන්සිද?"
"P'tay ඔයා කියන්නෙ මොනවා වුනත් මට වැඩක් නෑ. මේ මගෙ ජිවිතේ."
"උදේ මාත් එක්ක දවල් එයා එක්ක." Tay කියපු ඒ දේ මගෙ හිතට වේදනාවක් ආවා. 'මම විතරද tay ඔයාගෙ namthan එක්කත් ඔයා එහෙම නෙවේද?' කියලා කෑ ගහලා කියලා එයාට ගහන්න කේන්තියක් ආවා.
"ඔයාට ඉන්න ඕනෙ නම් ඉන්න යන්න ඕනෙ නම් යන්න" විනාඩි ගානක් ගියා පැයක් යන්න ඇති මම වෝශ් රූම් එකෙ. මම අනුමාන කරා tay යන්න ඇති කියලා මගෙ පොඩි ශෝටත් ඇද ගෙන එළියට එද්දිත් tay ඇද උඩ.

You make my heart smile 🖤😎 (Complete)Where stories live. Discover now