😎11🖤

257 33 2
                                    

මම උදේ නැගිටිද්දි tay මා ගාව හිටියෙ නෑ. මම හිතන්නෙ එයා යන්න ගියා ඊයෙ වගෙම namtan  අක්කා කතා කරන්න යන්න ඇති.

************

මාස තුනක් එක දිගට ෂූටින් තිබ්බා මම tay එක්ක ඉන්න පැය ගනන් වැඩි වුනා. එයා මගෙ දිහා බලපු බැල්ම ඇක්ටින් එකක් කියලා හිතන්න බැරි තරම්. අපි දෙන්නා කතා කරේ වැඩ ගැන විතරයි. ඉතුරු ටිකේ yiiwaa මගෙ අතේ එල්ලිලා නැත්තම් namtan අක්කා tay ලග. ඉතින් අපි ඈත් වුනා. කතාවට ලගින්ම ඉදන් ඉන්න අපි ඇත්තට ගොඩාක් ඈත් වෙලා. ඒත් කතාවේ අපිට තියන ලව් පාර්ට් වලට අපි දෙන්නා හරියට අපි අපිම වගෙ. මොකද මට තාමත් tay ගැන තියෙන හැගීම වෙනස් වෙලා වත් yiiwaa ට ආදරේ වත් නෑ ඒත් මම ඒක තාම ට්‍රයි කරනවා.

"P'new අපි දෙන්නාගෙ කිස් සීන් එක නේද අද." එර්ත් ඇවිත් ඇහුවේ අලුතින් ශූට් කරන වෝටර් බෝයි ඩ්‍රාමා එක ගැන.
"ඔව්. මම මේක ඉවර වෙලා ඉක්මනින් එනවා. එත් ඇයි ඔයා වේලාසන."
"ඔයා රගපානවා බලන්න..."
"මේ කොල්ලා නම්... විහිලු වලට සීමාවක් නෑ."
"නෑ හරිද? අද මේකෙ ඔයාට කිස් එකක් නෑ නේද?"
"ම්ම්ම් නෑ අද තියෙන්නෙ නෝර්මල් ඒවා."
"ආහ් එක හොදයි මොකද අද ඔයා මගෙ..." එර්ත් කරන්නෙ ජෝක් කියලා මම හොදටම දන්නවා. එක එයාගෙ විදිය.
"ආහ් හරි නොන් එර්ත්... අද ඔයාගෙ..."

මමත් ඇහැක් ගහලා කොල්ලාව ඇවිස්සුවා.

**********
වෝටර් බෝයි එකේ ශූට් එකයි කිස් මී අගේන් එකෙ ශූට් එකයි කරලා මම හිටියෙ මැරුනා වගෙ. දෙයියනෙ එර්ත් කියන්නෙ පවර්ෆුල් කිසර් කෙනෙක්ද කොහෙද?

මම ගෙදරට එද්දී කෑම මේසෙ කට්ටියම ඉන්නවා. ඔව් ඩීප් අන්කල් එක්ක tay වගෙම නැන්දාත් ඉන්නවා.

"අනේ මගෙ චූටි කුමාරයා ආවා." Tay ගෙ අම්මා මාව දැක්ක ගමන් ලගට ඇවිත් බදාගත්තා.
"මගෙ ඇගෙ දාඩියනෙ අම්මා. ඉන්න මම වෝශ් එකක් දාන් ඉක්මනින් එන්නම්."
"පිස්සා මට කමක් නෑ. ඔයා මගෙ පුතානෙ."
"මාව නරක් කරන්නෙ ඔයා තමා ඔන්න." මම නැන්දාට කිව්වා.

මමත් වොශ් දාගෙන ඇවිත් මේසෙන් වාඩි වුනා. ඒ වෙද්දී පවුල් දෙක කියෝපුවට ඇහුම් කන් දෙන්න මට ඕනෙ  වුනේ නැති නිසා මම ෆෝන් එකෙන් සෙල්ලම් කරන්න ගත්තා

You make my heart smile 🖤😎 (Complete)Where stories live. Discover now