Chapter 10

331 87 23
                                    

"මොකක් ගර්ල් ෆ්‍රෙන්ඩ් ? අපි හිතුවේ ඔයයි බිනෝලුයි.......ආආආආව්"

මම, යුමි කියන්න ගිය වාක්‍ය සම්පූර්ණ කරන්න කලින් එයාට වැලමිටෙන් හයියෙන් එකක් ඇන්නා.

"නෑ නෑ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙමේ. එක්ස්-ගර්ල් ෆ්‍රෙන්ඩ්. අපි දෙන්නා සම්බන්ධෙ නවත්තලා දැන් දවස් දෙක තුනක් වෙනවා. මම මේ ටිකේ එයාව දැක්කෙත් නෑ."

"ඉතින් ඇයි එයා මෙහෙ කුලියට කාමරයක් ගත්තේ ?"

යුමි ඇහුවා.

"සම්බන්ධෙ පටන් ගත්ත දවස් වල ඉදලම එයා මං ගැන අවදානෙන්. හරියට මට එයාගේ අවසරේ නැතිව මොකක්වත් කරන්න බෑ වගේ. ඉතින් මම යන්නේ කොහෙද එයත් එතන ඉන්න ඕනි. මම ඉන්නේ කොතනද එයත් එතන ඉන්න ඕනි. ඉතින් පස්සෙ මම එයත් එක්ක කතා කරලා සම්බන්ධෙ නතර කරා. ඉතින් ඊට පස්සෙ මට එයා ගැන මුකුත් අහන්න ලැබුන් නෑ."

ශේන් කිව්වා.

"ඇත්තටම එයා නම් පුදුම ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් තමයි. මම නම් කියන්නේ ඔයාට ගැලපෙන්නේ බිනෝ-"

යුමි ආපහු කියද්දි මම එයාගේ අත හෙමිහිට කෙනිත්තුවේ ඕක නතර කරන්න කියලා හෙමිහිට කියන ගමන්.

අපේ කතාවට බාධා කරමින් ආච්චි කතා කරන්න ගත්තා.

"දැන් එහෙනම් ඔය ළමයිනුත් කාමර අස්සට ගියොත් හොදයි. මම එහෙනම් මෙතනින් යනවා."

එහෙම කියලා ආච්චි කොරිඩෝව දිගේ නොපෙනී ගියා.

"මමත් යන්න ඕනි. මේ කුණු ටික එලියෙ කුණු බක්කි වලට දාලා නිදා ගන්න. හෙට මට වැඩත් එක්කනේ. එහෙනම් මම යන්නම්"

ශේන් කොරිඩෝව දිගේ නොපෙනි යනකම් මමයි යුමියි ඒ පැත්ත බලන් හිටියා. ඊට පස්සේ අපි දෙන්නාත් අපේ කාමරයට ගිහින් නිදා ගත්තා.










































"ආහ් හා..හරී... චොක්ලට් මූස් එකයි.. එතකොට ඔය මහත්තයට ලෙමන් ජූස් එකක් නේද?"

" නෑ මට ඕනි කොෆි එකක්"

කැෆේ එක පිරිලා සෙනග! මම කට්ටියගෙ ඕඩර්ස් ගන්න එක එක මේස වලට යන්න සිද්ධ වුණා. ඒ අස්සේ එක ඕඩරයක් වරද්දලා ගෙනිහින් දීලා මම කැෆේ එකේ අක්කලාගෙන් හොද බැනුමකුත් අහ ගත්තා. ඇත්තටම එයාලා නම් මට බනින්නේ කොයි වෙලේද කියලා බලන් ඉන්න සෙට් එකක්.

Desires Will Hurt  [COMPLETED]Where stories live. Discover now