"ඔයා උදෙන්ම යනවද??.."
දුඹුරු පාට තරමක් ලොකු දිග කලිසමකට කලු අත් දිග කමිසයක් ඇදගෙන කෑම මේසය පිලියෙල කරන ඩෙරික්ගෙන් ජිමින් ටිකක් උස් හඩින් ඇහුවා..
"ඔහ් ජිමින්...අහ් ඔව්..මාත් දැන් යන්න ඕන...ඔයත් ඇදගෙන ඉන්නෙ..යන්න කලින් කාලා ඉන්න..හැමදාම එලියෙන් කන එක එච්චර හොද නැහැ..ඒ නිසා.."
"ඔයා මං ගැන වදවෙනවද??"
ජිමින් ඔහුට හෙමීට ලංවුනා..ඩෙරික් ඔහු කරමින් ඉන්න වැඩේට විතරක් ඔහුගේ අවධානය දුන්නා..
"ඔව්.."
ඩෙරික් හෙමීට කිව්වත් ඔහුගේ ගැඹුරු කටහඩින් එය ස්තීරවම කිව්ව බව ජිමින් දන්නවා..
"ස්තූතියි ඩෙරික්.."
"සුලු දෙයක්.."
ඔහු යන්තම් හිනාවෙද්දි ජිමින් ඔහු සමග ලස්සනට හිනාවුනා..
"ජිමින්!!..."
ජිමින් ඉක්මනින් ඔහුගේ පිටිපස්සෙන් කෑගහගෙන තමන් ලගට දුවගෙන එන කෙනාට අවධානය දුන්නෙ මුහුනේ ඉබේටම හිනාවක් ඇදෙද්දි..
"අනෙහ් ජිමින්!..ඔයා කොලේජ් ඇවිත්..මට දැන් පාලු නැහැ..."
ෆ්‍රෙඩ් හති දමමින් කලබලෙන් කිව්වේ දනිස් දෙකට අත් දෙකත් තියාගෙන..
"ස්තූතියි ෆ්‍රෙඩ්.."
ජිමින්ගේ තොල් අතර ලස්සන හිනාවක් ඇදුනා..ඔහු දකින් ඕනම කෙනෙක්ට ඔහු සතුටින් බව අනිවාරෙන්ම කියන්න පුලුවන්.."
"ඩෙරික් නිසාද??...ඒක සුලු දෙයක් ජිමින්..එයා කැමැත්තෙන් ගිය නිසා ප්‍රශ්නයක් නැහැනෙ..කොහොමත් එයා ගොඩක් හොද කෙනෙක් ඒත් වැඩිය කතා බහක් නැහැ..ඒත්.."
"නැහැ ෆ්‍රෙඩ්..එයා එහෙම නැහැ...ඇත්තටම එයා හොදයි..මම එයාට ගොඩක් කැමතී.."
ජිමින්ගේ කටින් පිටවුන වචනත් එක්කම ඔහුගේ කොදුඇට පෙල දිගේ හිරිවැටිලා ගියේ ආදුනික හැගීම් ඇති කරවමින් වගේම ඒක ජිමින්ට ලොකු අපහසුතාවක් වුනා..
"එහෙනම් කමක් නැහැ..එන්න දැන් යමු.."
ජිමින්ගේ වචන ඒ තරම් ගනන් නොගෙන ෆ්‍රෙඩ් හිනාවෙලා ජිමින්ගේ කරට අත දාගත්තා..
"හේයි ටේහියුන්!!..."
ෆ්‍රෙඩ් ඈත අතවනපු කෙනා ලග ජිමින්ගේ ඇස් නතර වුනේ නොදැනුවත්වමයි..
"ජිමින්..මේ ටේහියුන්...ඔයා කොලේජ් ආවේ නැති කාලේ ටේහියුන් අලුතෙන් ආවේ.."
ටේහියුන් දෙන්නටම නිහතමානී හිනාවකින් සංග්‍රහ කලත් ජිමින්ගේ ඇස් තාමත් ඒ රූපෙත් එක්ක අතරමං වෙලා..
"නැහැ නැහැ...මට මෙයාව මෙච්චර පුරුදුයි වගේ දැනෙන්නෙ ඇයි??..කොහෙදිහරි දැකලවත් තියෙනවද...නැත්තම්..අනේ මන්දා"
ජිමින්ගේ හිතේ එක එක සිතුවිලි ඇතිවෙන්න ගත්තා..ඔහු තේරුම් ගන්න බැරි හැගීම් ගොඩක අතරමං වුනා..