Chapter 02

460 116 3
                                    

ගිම්හාන කාලය ජිමින්ගේ තනිකමෙන් පිරුන ජීවිතේට වෙනස්ම අත්දැකීමක් වෙන්න පටන් ගත්තා..වටපිටාව හරිම නිහඩයි..ඒ වගේම ලස්සනයි..ඇගේ දැවටීගෙන හමන හුලං පහර අමුතුම හැගීමක් වුනා...

මාපල් ගහක් මුල වාඩිවෙලා ඉස්සරහ තියෙන ගග දිහා බලන් ඉදපු ඔහුගේ තොල් අතර ලස්සන සිනහවක් ඇදුනේ කුඩා කලයේ ඔහුගේ පියා සමග විනෝදවෙමින් ගතකල සුන්දර මතකයන් මතක් වෙද්දි..

"තාත්තේ..මට පාලුයි...ගොඩක් පාලුයි..ඔයාට මතකද ඔයා මාව තනි අතින් උස්සලා කරේ තියාගෙන මාලු බාන්න යන විදිය..මට ආයිත් ඒ හැමදේම ඕන..මට මෙහෙම ඉන්න බැහැ..ඇයි මාව තනියම දාලා ගියේ??.."

ජිමින්ගේ දෑස් බොදවෙලා කම්මුල් දිගේ කදුලු කැට එකින් එක කඩා හැලෙන්න පටන් ගත්තේ පපුවට තදකරගෙන තිබෙන දනිස් දෙක අස්සේ හෙමීට ඔහුගේ මුහුන සගවගනිද්දි..

හෙමින් හෙමින් ඔහුගේ නිවසට ඇවිදගෙන ගිය ජිමින් ටිකක් ඈත ඉදන් බලන් හිටියේ ඔහුගේ ගෙදර දොර ලග හිටගෙන ඉන්න නාදුනන පුද්ගලයා දිහා..

ජිමින් විමසිල්ලෙන් ඔහු දිහා බලලා ටිකෙන් ටික ඔහුට ලං වුනා..

තරමක් ගෙවිලා ගිය කලු පාට සපත්තු දෙකක්..විශාල දුඹුරු පාට කලිසමකට කලු පාට කබායක් ඇද සිටි ඔහුගේ කහ පාට සම කැපිලා පෙනුනා..තද දුඹුරු කොන්ඩය පිලිවෙලට හදලා තිබුනත් ඔහුගේ උඩු රැවුලත් යටි රැවුලත් හොදටම වැවිලා තිබුනා..තද කලු ඇස්...ඒත් අපැහැදිලි බවක් පෙනුනේ ඔහු පැලද සිටි පරණ තාලේ විශාල රවුම් කන්නාඩි දෙක නිසා..

පලල් උරහිස් තිබුන ඔහු ශක්තිමත් හැඩි දැඩි ජිමින්ට වඩා තරමක් උස පුද්ගලයෙක් වගේම තමන්ගේ සියුමැලි අත් සමග බලද්දි ඔහුගේ අත් ගොඩක් විශාල වගේම රලු බවක් පෙනුනා..

"ජිමින් සර්??.."

නිහඩවම තමන් ඉදිරියේ සිටින පුද්ගලයා දිහා ඇසිපිය නොගහා බලන් ඉදපු ජිමින්ගේ අවධානය ඔහු වෙතට ගියේ ඔහුගේ ගැඹුරු කටහඩ නිසා..

"ඔ..ඔයා මාව අදුරනවද??.."

ජිමින්ගේ කටහඩ වෙව්ලන්න ගත්තේ හේතුවක් නැතුවමයි..

"මාව මෙහෙට එව්වේ ඔයාගේ යාලුවා ෆ්‍රෙඩ්..එයා කිව්වා ඔයාගේ ගෙදර වැඩට කෙනෙක් ඕන කියලා.."

ඔහු ලස්සනට හිනාවෙලා සැහැල්ලුවෙන් කිව්වා..

"එහෙමද??..ඒත් ඔයාට පේනවා නේද මගේ ගෙදර...මේ වගේ පොඩි ගෙදරකට වැඩ කරන කෙනෙක්ව ගන්න තරම් දෙයක් ඇත්තටම නැහැ...අනික මම තනියම ඉන්නේ..ඔයාට ලොකු පඩියක් ගෙවන්න තරම් සල්ලිකාරයෙක් නෙමෙයි මම.."

ජිමින් ටිකක් කලබලෙන් කිව්වේ සිදුවෙලා තියෙන කිසිම දෙයක් ගැන ඔහු නොදැනුවත් නිසා..

Reflection || VMIN [ Completed ✔]حيث تعيش القصص. اكتشف الآن