"මොකද වුණේ යුමී"

මම ඇහුවා.

"ආහ් ඩී.. මම ආවේ...මේ ආච්චි කිව්වා නොම්බර 17 ගෑණු කෙනා වැඩිය පේන්න හිටියේ නෑ කියලා. ඉතින් ආච්චි අපේ දොරට තට්ටු කරලා අපි එයාව දැක්කද කියලා අහන්න, ඉතින් මම දැක්කේ නෑ කිව්වම ආච්චි අමතර යතුරින් දොර අරින්න හදද්දි මාත් එයාට උදව් කලා. යතුර ඇරලා කාමරේ අස්සට ගියාම කිසිම කෙනෙක් තියා කිසිම බඩුවක් වත් නෑ කියලා දැක්කේ-එ"

"ඒ කෙල්ල කොහෙ ගිහින් ද මන්දා"

ඒ ගමන ආච්චි කතා කරන්න ගත්තේ යුමිගේ කතාවට බාධා කරමින්.

"ඔයාලට මේ වෙලාවේ මගෙන් කරදරයක් වුණා නම් කරන්න දෙයක් නෑ. මොකද ඔක්කොටම වැරදි ඒ කෙල්ලයි. ඒ කෙල්ල ආගිය අතක් නෑ. මට ඔයාලගෙන් එයාව දැක්කද කියලා අහන්නයි ඕන වුණේ. මොකද නොම්බර 10 ඉදන් 16 වෙනකම් ඉන්නේ පිරිමි අය, එයාලා ගොඩක් වෙලාවක් කරන්නේ රෑ වැඩ. 18 හිස් කාමරයක්. ඒකේ හිටපු කෙනා අද උදේ වෙනත් තැනකට යනවා කියලා ගියා. 19 න් තමා මට ඒ කෙල්ල ගැන විස්තර අහන්න තිබ්බේ. දැන් ඔයාලත් එයාව දැකලා නැත්නම් මම මොකද කරන්නේ....ආආආආ බැ#ලි "

ආච්චි තරහෙන් හිස කසන්න ගත්තේ ඒ කෙල්ලට සාප කරමින්.

"ඒකට කමක් නෑ ආච්චි. ආච්චිට මොනා හරි උදව්වක් ඕනි වුණොත් කියන්න"

යුමී ආච්චිට කිව්වා.

මම යුමීව ඇදන් ආච්චිගෙන් පොඩ්ඩක් ඈතට ගියා.

"යුමී මම දන්නවා ඔයා උදව් කරන්න කැමැතියි කියලා. ඒත් ප්ලීස් ආයෙ මොකක්හරි කරන්න යනවනම් මට කියන්න. අපි මේ කොලනිය ගැන දන්නෙත් නෑ හරියටම. කෝකටත් පරිස්සම් වෙන එක හොඳයි නේද?"

"ඩී, එයා ආච්චි කෙනෙක්. ඒ වගේ කෙනෙක් මට මොනා කරන්නද? අනික මගේ අම්මා වගේ හැසිරෙන එක නවත්තනවද? දැන් අපි තරුණයි. ලෝකෙ වෙන දේවල් ඉගෙන ගන්න ඕනි. එකිනෙකාට උදව් කර ගන්න ඕනි."

යුමී එයාගේ පණ්ඩිත කතා ආපහු ඇදලා ගත්තා. ඒ එක්කම වගේ ආච්චි අපි දිහාවට ආවා.

"දැන් ඉතින් මට කරන්න වෙන්නේ පොලිසියට කියන්න. ඒ කෙල්ල මාස දෙකක කුලියත් ගෙවන්නෙ නැතිව ගිහිං. මහ කපටි කෙල්ලෙක් !"

Desires Will Hurt  [COMPLETED]Where stories live. Discover now