one

4.7K 527 98
                                    

Tigger warning- violence/child abuse

අදුරු ගරා වැටුන පරණ විශාල නිවසක් ඇතුලේ පොඩි ගැහැණු ලමුන් 100ක් පමණ හඩා වැලපෙමින් හිටියා... වයසින් ටිකක් වැඩිමහල් ගෑනු දරුවන් පොඩිම ගැහැනු දරුවන් තුරුලු කරගෙන ඔවුන්ව සනසමින් හිටියා...

කොටසක් දරුවන් බයෙන් මිරිකෙමිනුත්, කොටසත් කේන්තියෙන් දත්මිටි කමිනුත්, කොටසක් මේ වධහිංසා වලින් ගැලවීමට මරණය යදිමිනුත් හිටියා...

විශාල අදුරු ශාලාවේ කොනක හිර කරගෙන හිටිය අවුරුදු 8ත් අවුරුදු 15ත් අතර නිවසින් පැහැරගත් දරුවන් අද රාත්‍රියේ හොංකොං බලා පිටත් කිරීමට හැමදේම සූදානම් වෙලා තිබුනා...

"කට වහපන්" ඉස්සරහම හිටිය ගැහැණු දරුවගේ කොණ්ඩෙන් තදින් ඇදලා ගත්ත මයිකල් ඒ ගැහැණු දරුවව උස්සලා බිත්තියට තියලා තද කරා... කකුල් පොලොව මත ඉදන් ඉහලට එසෙවිලා තිබුන නිසා ගැහැණු දරුවා කකුල් ගසමින් දගලන්න ගත්තම මයිකල් ඒ ගැහැණු දරුවව පොලොව මතට විසි කරලා දැම්මා...

පොලොව මතට වැටුන ගැහැණු දරුවගේ නළල පොලොවේ වැදිලා ලේ ගලන්න ගත්තම අඩමින් හිටිය හැම කෙනාම බයවෙලා ඒ ගැහැණු ලමයා දිහා බලාගෙන හිටියා...

"ආයේ උබලා එකෙක් හරි ඇඩුවොත් මම උබලවත් මේ වගේ මරලා දානවා" එතනම හිටිය තවත් ගැහැණු ලමයෙක්ට පයින් ගැහුව මයිකල් දොර ලගට ගියා...

"අර කෙල්ල අරන් පලයන් තාම මැරිලා නැතුව ඇති මැරෙන්න දෙන්න එපා එකෙන් හරි අඩු වුනොත් බොස් මාව මරයි, ඊට කලින් මේ කෙල්ලට බෙහෙත් කරලා එක්කන් වරෙන්, අනික මේකිට තුවාල වුනේ මගේ අතින් කියලා බොස් දැන ගන්න බෑ තේරුනාද?" දොර ලග හිටිය කලු ඇදගත්ත බොඩිගාඩ් කෙනෙක්ට මයිකල් කිව්වම බොඩිගාඩ් ඔලුව වනලා ඇතුලට ඇවිදගෙන ගියා... "ඉවරයි මිස් කෝල් එකක්" මිස් කෝල් එක තිබ්බ නම්බර් එක ඩයල් කරපු මයිකල් එහා පැත්තෙන් කටහඩක් ඇහෙනකන් අවුරුදු 14 ක් වගේ පේන ලස්සනය කොළ පාට ඇස් දෙකක් එක්ක තඹ පාට කොණ්ඩයක් තිබුන ගෑනු ලමයා දිහා බලාගෙන හිටියා...

"ඔහ් බොස් කියන්න"

"උබ මොකද එකපාරින් ෆෝන් එක ආන්ස්වර් නොකරේ" එහා පැත්තෙන් ඇහුන ගැඹුරු කට හඩට ඇග වෙව්ලලා ගියාම මයිකල් තොල්දෙක තද කර ගත්තා...

lucifer ||vkook||Место, где живут истории. Откройте их для себя