කල්පනාවෙන් කල්පනාව මං එයාට සාමාන්‍ය හිනාවක් දීලා කෑම මේසෙන් ඉදගත්තා.....එයා මට කන්න කියලා ඉදගනිද්දි මාත් එක්කම කෑම බෙදාගන්න ගමන් එයා කතා කළා....
"අයියා ඊයෙ එද්දි රෑ වුණාද......? සොරි මට නින්ද ගියා......"
පව් කොල්ලා මං එනකම් බලන් ඉදලද කොහෙද.....🥺....මට මං ගැනම ලොකු දුකක් දැණුනා.....
"ඔව් මල්ලි ගොඩක් රෑවුණා....."
"අයියට job එකක් හම්බුණාද.....?අදත් යනවද......?"
"හ්ම්ම්....."
දෙන්න උත්තරයක් නෑ මට.....ඒක රස්සාවක්ද.....? අනේ මන්දා .....මම දන්නෙ එක දෙයයි....ඒ මං ඉවරෙටම ඉවරයි කියලා විතරයි.....මගේ ජීවිතේ අපායක් වෙලා ඉවරයි.....මගේ ඇස් වලට කදුලු උනන්න ඔන්න මෙන්න.....එයා මගේ ඇස් වල කදුලු දකියි කියන බයටම මං ඉක්මනට කෑම එක දිහා බලාගෙන කාගෙන කාගෙන ගියා....
"මල්ලි මං යනවා.....අදත් රෑවෙයි......"
"හ්ම්ම් හරි අයියෙ ....බුදු සරණයි......."
එයාගෙ ආදරණීය ලෙංගතුකමට මගේ පපුව පිච්චිලා ගියා.....එයා මට ගොඩාක් ආදරේ කරනවා....ඒත් එයාට ඕන ආදරේ දෙන්න මට බෑ...මං ඒකට සුදුසු නෑ......මට සමාවෙන්න මල්ලි.....ඔයා නොකියා කියන දේ නොතේරුණා වගේ ඉන්නවට.....
මං මගේ මුලු හිතින්ම එයාගෙන් සමාව ඉල්ලන ගමන් එයා දිහා නොබලම පාරට බැස්සා.....උදේ රුක්ෂාන් call කරලා කිව්ව වගේම වාහනයක් මාව ගන්න ඇවිල්ලා තිබ්බා....වටපිට බලලා මං වාහනේට නැගගනිද්දි එක්කෙනෙක් මගේ ඇස් වල කලු පටියක් බැන්දා.....අනෙකා මගේ අත් දෙක බැන්දා....
හ්ම්ම්.....මේක උන්ගෙ තියරිය......ඊයෙ රුක්ෂාන් මට ඔක්කොම කියලා තිබ්බ නිසා මට කලබලයක් කරන්න ඕන වුණේ නෑ....පැය එක හමාරක විතර ගමනකින් පස්සෙ උන් ගියපු වාහනෙන් මාව තව වාහනේකට මාරු කරද්දි ආයෙම ගමන ඇරඹුණා.....ආයෙමත් පැය බාගෙකට විතර පස්සෙ දෙන්නෙක් මාව වාහනෙන් බස්සගෙන කොහෙද තැනකට එක්කන් ගියා.....අන්තිමේ ඒ තැනට ආවම තමයි මගේ අත් දෙකයි ඇස් දෙකයි ලිහුවෙ......
.
.
.
.
.
.
.
මූසල පාට තැනක්....මාව ගෙනාපු මිනිස්සු දෙන්නා මගේ දෙපැත්තෙ හිටගනිද්දි මගේ ඉස්සරහට ආවෙ රුක්ෂාන් කියන තිරිසනා .....ඇත්තමයි මට එන කේන්තියක්.....මම ඌව දැකලා අහක බලාගනිද්දි ඌ මගේ ළගට ආවා...."උඹ අදම වැඩ කරන්න පටන් ගන්න ඕන.....මුලින්ම පොඩි දේකින් පටන් ගමු............"
එහෙම කියපු ඌ කාටදෝ කතා කරලා පොඩි පාර්සලයක් මගේ අතේ තිබ්බා.....
"ඕක &$%$& School එකේ ගේට්ටුව ළඟ ඉන්නවා අපේ මිනිහෙක්......අන්න ඌට දීපන්....ඌට මං උඹගෙ 4to එකක් දීල ඇත්තෙ....ඌ උඹව අදුරගනී....උඹට තියෙන්නෙ කිසිම කලබලයක් නොකර වැඩේ කරලා එන්න....."
ඊටපස්සෙ ඌ ආයෙම මගේ ඇස් ගැටගැහුවා.....ආයෙමත් අර විදියටම වාහන මාරු කර කර ගිහිල්ලා ඒ කියපු තැනින් මාව බැස්සුවා....අරූ කිව්ව විදියටම ඒ මිනිහා මාව අදුරගෙන අර පාර්සලේ මගෙන් අරගෙන කාටදෝ කතා කළා....ඒ එක්කම රුක්ෂාන් මට call කරලා උඹේ වැඩේ අදට හරි දැන් පලයන් කිව්වා.....
මමත් තවත් එතන නොයිද ඉක්මනට පාර පැනලා දුල්මිණගෙ ගෙදරට යන්න බස් එකට නගින්න යද්දි මාව කෙනෙක්ගෙ ඇගේ හැප්පුණා....එයා ඉක්මනටම මට excuse කරලා එතනින් යන්න ගියේ මාව මොහොතකට අතරමං කරලා....
අලු ඇස්........ඒ එයා 🥺.......දෙවියනේ .......ජීවිතේ අතාරින්න කියලා බලාපොරොත්තු නැති කරගන්න හදද්දිම එයා හරි ලස්සනට මගේ හදවත ගස්සනවා.....ඒත් එයා කවුද.....? මට මේ දැනෙන හැගීම ආදරේද.....? මට ආදරේ විදින්න සුදුසුද......? මට දෛවය ඒකට අවස්ථාවක් දෙයිද.....? අනේ මන්දා......හිත යකාගෙ කම්මල වගේ වෙද්දි මං මිගමු බස් එකට නැග්ගා.....
.
.මතු සම්බන්ධයි ......
🥀ඔන්න ගොඩාක් කාලෙකින් මං ආවා.....සමාවෙන්න update කරන්න පරක්කු වෙනවට 🥺
🥀 ඔයාලා හිතන්නෙ අවීට මොන වගේ දෙයක් වෙයි කියලද.....?
🥀 කියවලා හොරෙන් යන්නෙ නැතුව vote එකක් වත් දාගන යන්න.....ආයෙ ඉක්මනටම එන්නම්....
.
.✍️තිසූ......
YOU ARE READING
🚫ꫀꪜ𝓲ꪶ 𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction Completed )
Non-Fictionජීවිතේ වරදින්න එක තත්පරයක් හොදටම ඇති.........අනුන්ගෙ සතුට වෙනුවෙන් කවදාවත් වරදක් නොකරම වැරදිකාරයෙක් වුණ මාව සමාජය ආයෙ පිළිගනීද........? 🩸
9.නොසංසුන් හිත 🥺
Start from the beginning