අහ්ම්ම්ම්ම්...අහ්ම්ම්ම්ම්....මස්සිනේඒඒඑ අපි ආවට කමක් නැද්දෝඕඕඕ

ටේගෙයි ජන්කුක්ගෙයි හාදුවට බාද කරමින් කාමරේ ඇතුලට එබුනේ ජැක්සන් විතරක් නෙවේ පවුල් දෙකේ සෙට් එකම කාමරේ අස්සට එන්න දොර ලග ඉදන් පොර කනවා...



ආයි...මිනිහෝ කකුල පාගන්න එපා..මට කලින් යන්න දෙනවා මම තමා ටේගෙ නූනා..

හහ් මම ටේගේ හියුන්ග් මට කලින් යන්න දෙනවා...

ආහ් මගෙ කොන්ඩේ ආහ් අත ගන්නවා....

දෙයියනේ ලමයිනේ මම ටේගේ නැන්දම්මා..

ඇයි මම මාමන්ඩි..

තමුසෙ කටවහගන්නවා...

දෙයියනේ දෙයියනේ ලමයිනේ මම ටේගේ අප්පා.මට කලින් යන්න දෙන්න..



ආහ්හ්හ් ඔයාලා කවුරුත් නෙවේ ඉස්සෙලම යන්නේ අපියි...පවුල් දෙකේ සෙට් එක කොහෙන්දෝ මන්දා කඩා පාත් වුන වලි කුකුලෝ සෙට් එකක් වගේ දොර ලග රන්ඩු වෙද්දි..

පිටිපස්සෙන් ඇවිත් කතාකලේ ටේගේ පැංචෝ දෙන්නව වඩාගෙන ඉන්න නර්ස්ලා දෙන්නා..


කෝ ඉඩ දෙන්න.....අපිට මේ රෝස මල් දෙක එයාගෙ ඔම්මා ලගට ගෙනියන්න ඉඩ දෙන්න..



ටේගේ පැංචෝ දෙන්නව ටේ ලගට අරන් යන්න ඉඩ දීලා පවුල් දෙකම දෙපැත්තට වුනා...



හබී.....


නර්ස්ලා දෙන්නා අතේ සනීපෙට ගුලි වෙලා ඉන්න බබාලා දෙන්නවම දැක්කම ටේ ජන්කුක්ගේ අත තද කරලා අල්ලගත්තේ ජන්කුකුත් නර්ස්ලා අතේ ඉන්න බබාලා දෙන්න දිහා ඇසිපිය නොගලා බලන් ඉද්දි.


මිස්ටර් ජියොන්....මේ ඉන්නේ ඔයාගේ පුතා...

එතකොට මිස්ටර් ජියොන් මේ ඉන්නේ ඔයාලගෙ දුව...

නර්ස්ලා දෙන්නා ටේගේ අතටයි ජන්කුක්ගේ අතටයි පැටවු දෙන්නව දුන්නේ ටේගේ ජන්කුක්ගේ ඇස් වල කදුලු ආයෙමත් අලුත් වෙද්දි..


ටේ එයාගේ ඇගිල්ලෙන් එයාගෙ අතේ ගුලි වෙලා ඉන්නෙ පැටියගේ කම්මුල ස්පර්ශය කලේ ඇත්තටම මේ එයාගෙ බන්ඩිය ඇතුලේ හිටිය පැංචෝ දෙන්නද හිතාගන්න බැරුව...



My little wifie🐵🐱❤️Onde histórias criam vida. Descubra agora