05.The Mafia Lord - Part II

Start from the beginning
                                    

කසයක් අතේ තියාගෙන හිටිය මිනිහෙක් තමන්ගෙ රැවුල අතගාන ගමන් කියද්දි ජිමින් රතු වුන ඇස් වලින් ඒ මිනිහා දිහා බලාගෙන හිටියා.

එතනින් පස්සේ තවත් කසපාරවල් විස්සක් විතර ජිමින්ගෙ මුළු ඇඟම රතු පාට කරනකොට ජිමින්ගෙ ගතේ තිබ්බ ශක්තියත් අඩාල වෙලා ගිහිං ඔහේ ඉදිරිය බලාගෙන හිටියෙ එන විදිහකට මූණ දෙන්න බලාගෙන.

සම්පූර්ණ කසපාරවල් පනහකට පස්සේ ජිමින්ගෙ වටේ රැස් වෙලා හිටිය මිනිස්සු තුන්දෙනා එතනින් පස්සට වුනේ තව ටිකකින් එයාලගෙ නායකයා ජොන් ජන්ග්කුක් වදකාගාරෙට එනවා කියලා පණිවිඩය ලැබුණ නිසා.

කසපාරවල් නැවතුන නිසා මිනිත්තු කිහිපයක් ගැඹුරින් හුස්ම ගත්ත ජිමින් වටේ පිටේ සද්ද වලට අවධානය යොමු කරා.නිෂ්ශබ්ද බේස්මන්ට් එක පුරා ජන්ග්කුක්ගෙ සපත්තු අඩි සද්දෙ පැතිරෙනකොට හිර කුටි වල ඉන්න හිරකාරයො කුටියෙ මුල්ලකට ගුලි ගැහුනෙ ජන්ග්කුක්ගෙ හුළඟත් මරනය මතක් කරනකොට.

ජන්ග්කුක්ටම වෙන්වුන එයාගෙ කටකොනේ හිනාව ආයෙමත් මූණට නැගෙද්දී අද දවසෙ ලේ වලින් තමන්ව සතුටු කරන්න ඉන්න හිරකාරයා ඉන්න වදකාගාරයට ජන්ග්කුක් අඩි තිබ්බා.

වදකාගාරයෙ දොර ' ක්‍රීස් ' හඬක් එක්ක විවර වෙනකොට පොලවට ඇස් යොමූ කරගෙන හිටිය ජිමින් ඔළුව යන්තම් උස්සලා කාමරේට ආවෙ කවුද බැලුවා.

' ජේකේ..! ' ජන්ග්කුක්ගෙ පාතාල අන්වර්ථ නාමය හිතින් මුමුණපු ජිමින් හොඳ හුස්මක් ගත්තෙ තමන් ඉස්සරහා හිටගෙන ඉන්න මාරයගෙ ඇඟේ ඉහළ සිට පාදාන්තයටම ඇස් යවලා.

" හැරී මූ මොනවා හරි වැමෑරුවද..?" ජිමින්ගෙ ඇඟ දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය ජන්ග්කුක් එතන හිටිය මනුස්සයෙක්ගෙන් ඇහුවා.

" නෑ බොස්..කිසිම දෙයක් වැමෑරුවෙ නෑ.."

" ම්ම්ම්..ඉන්ට්‍රස්ටින්ග්..." ජිමින් ඉස්සරහ තිබ්බ කලුපාට ලොකු මේසෙට හේත්තු වුන ජන්ග්කුක් අත් ඔරලෝසුවෙන් වෙලාව බලන ගමන් මිමිණුවා.

" පාක් ජිමින්.. එහෙම නැත්තං මම ඩාර්ක් ෂැඩෝ කියන්නද.. ම්ම්ම්...?"

🔞 Honey | Jɪᴋᴏᴏᴋ Sᴍᴜᴛ Cᴏʟʟᴇᴄᴛɪᴏɴ Where stories live. Discover now