end the pain

360 86 108
                                    

     මං කවදහරි ආස දෙයක් කලා නං.. ඒ කලේ ඕලෙවල් වලට චිත්‍ර කරපු එක.. මං නිදහසේ ඉන්න හැම වෙලේකම මගෙ හිතේ ඇදුනු ගොඩනැගිලි, කුළුණු , පාලං චිත්‍ර පොත පිටිපස්සෙ ඇන්දා.. මං චිත්‍ර කලේ ඒ නිසා.. රේඛා සියුම්ව අදින හැටි මට තව ඉගෙනගන්න ඕනෙ නිසා.. මට මිනිස් රූප අදින්න බෑ.. මං ආසත් නෑ.. මං ආස එකම දේ ගොඩනැගිලි, පාලං, කුළුණු අදින එක.. පුංචිම කාලෙ ඉදලාම මං හීන දැක්කෙම ඒකට.. දවසක අයිෆල් කුළුණ වගේ ලස්සන මතක හිටින කුළුණක් හදන්න.. ඒ උනත් ඒ හීනෙ මගෙන් දුර ගියේ හිතාගන්න බැරි විදියට.. මං හැගීම් වලට යට උනා.. යට වෙලා තැළුණා.. තැලිලා පොඩි උනා.. පොඩි වෙලා මැරුණා.. 

                  මුලින්ම ඒ අළු පාට ඇස් දෙක මට හම්බුනේ දහය වසරෙදි.. එච්චර කාලයක් එක පන්තියෙ ඉදපු මායි මල්ලියි පන්ති දෙකකට කැඩුනෙ මං චිත්‍ර කරපු නිසා.. මල්ලි කලේ ඉංග්‍රීසි සාහිත්‍යය.. ඉතිං අපි පන්ති දෙකක.. අපේ පන්තියට අලුතෙන් ආව කොල්ලො දෙන්නගෙන් එක්කෙනෙක් එයා.. එයා දැක්කම මට මුලින්ම හිතුනෙ මං ඉන්නෙ හොග්වාර්ට්ස් වල කියල.. එයා හරියට ඩ්‍රැකෝ වගේ.. සීතල හිම කුමාරයෙක්.. පැත්තට පීරල තියෙන කොන්ඩෙ.. කෙට්ටු උස ඇග.. හීනි ඇහිබැම.. උල් නිකට.. ඉස්සරහට නෙරපු උගුරු දණ්ඩ.. පිලිවෙලට අදින ඇදුම.. හැමතිස්සෙම මේන්ටේන් කරන්න දගලන තත්වෙ.. ඔව්.. ඩ්‍රැකෝ ගෙයි එයාගෙයි වෙනස තිබුනෙ කොන්ඩෙන් විතරයි.. එයාට තිබුනෙ කලු කොන්ඩයක්.. ඩ්‍රැකෝට තිබුනේ සුදු පාට කොන්ඩයක්.. ඒ උනත් මං ඒ පොඩි වෙනස නොසලකා හැරල එයව ඩ්‍රැකෝ විදියට නම් කලා.. ඊලගට මගේ විනෝදාංශෙ උනේ දවසගානෙ ඩ්‍රැකෝගෙ ප්‍රසන්ට් මාක් කරන එකයි.. එයා දවසකට ඩ්‍රැකෝ වගේ කරන වැඩ ගාන මතක තියාගන්න එකයි.. ඩ්‍රැකෝ කතා කරන්නෙ නෑ හැමෝම එක්ක.. එයාට වැදගත් අය එක්ක විතරයි කතා කරන්නෙ..

              එක දවසක් ඒ අලු පාට ඇස් දෙක උවමනාවෙන් මගෙ දිහා බලල මගේ මෝඩපාට දුඹුරු ඇස් එක්ක හිනාඋනා.. ඒ බැල්ම.. විනිවිදගෙන යන සුළුයි.. ඒ උනත් මහා ගොඩාරියක් ආදරේ ඒ ඇස් ඇතුලෙ හැංගිලා කියල මට හිතුනා.. ඩ්‍රැකෝ ආව දවසෙ ඉදලා මගල් කෙනෙක් විදියට මං ගෙව්ව ජීවිතේ විසාර්ඩ් කෙනෙක් විදියට වෙනස් උනා.. මගේ දේදුන්න එයාගෙ පාට වලින් පාට උනා.. පන්තියෙ බැම්මෙන් එහාපැත්තෙ මදුරුවො එන නිසා වවල තියෙන අඹදාස් මල් කොච්චරක් ලස්සනද කියල මං දන්නෙ එයා ආවට පස්සෙ..  පිට්ටනියෙ කෙලවරේ තියෙන කහ පාට මල් පිපෙන ලස්සන ඇහැළ ගහ ඊට කලින් එතන තිබුනු බවක්වත් මං දැනගෙන හිටියෙ නෑ.. මෙච්චර කොල්ලො ඉන්න ස්කෝලෙක මේ කොල්ලම මගේ බැල්ම හොරකං කරගනිපු විදිය මං දන්නෙත් නෑ..

HeArtWhere stories live. Discover now