04.The Mafia Lord -Part I

Start from the beginning
                                    

" වෙඩි තියපන් බල්ලනේ..අරූව අල්ලගත්තෙ නැත්තං උබලා ඔක්කොම කෑලි කරනවා..." සොක්ජින් තර්ජනාත්මක හඬින් කෑගැහුවා.

ඒ අතරෙ ජන්ග්කුක්ගෙ බලප්‍රදේශයෙන් පිටවෙන්න තවත් කිලෝමීටරයක් වගේ දුරක් තිබුණ ජිමින් හොඳ හුස්මක් පාත දැම්මෙ මෙතනින් පැනගත්තම සේරම හරි කියලා හිතලා.


එයා හොඳටම දන්නවා තමන්ව ජන්ග්කුක්ට අහුවුනොත් මරණය ඇර වෙන ගැලවීමක් නැති බව.

ජිමින්ට එයාගෙ ඉදිරි මාර්ගය පෙනුනෙ විනාඩි කිහිපයක් යනකම් විතරයි.. වෙඩි වරුසාව මැද්දෙන් වාහනේ තෙල් ටැංකියට වැදුණු උණ්ඩයක් නිසා ජිමින් වාහනේ එක්කම පැත්තකට පෙරලිලා ගියේ විශාල සද්දයක් එක්ක...

" මඟුල... බලපන් අරූ මැරුනද කියලා... ඉක්මනට පලයන්..."

ඈත ගිනි ගන්න වාහනය දිහා බලාගෙන සොක්ජින් ගිරිය යටින් කෑගැහුවා. ජන්ග්කුක්ගෙ අණ කිරීම මතක් වෙලා එයාට ඉහින් කනින් දාඩිය බේරුණේ ජන්ග්කුක්ගෙ හැටි හොඳටම දන්න නිසා.

~~~~~~~~~~~~~~~~~~~~~

" ජන්ග්කුක් අපි ඌව අල්ලගත්තා.. හැබැයි මිනිහට සිහිය නෑ..අපි දැන් ඌව අරන් එන ගමන්.."

ජන්ග්කුක් කෝල් කරලා විනාඩි පහකට පස්සේ සොක්ජින් ජන්ග්කුක්ට කෝල් කරලා තමන්ගෙ වැඩේ සාර්ථක ලෙස නිමා කරපු බව කිව්වම ජන්ග්කුක්ගෙ දරුණු මූණට එක්තරා ආකාරයක නපුරු හිනාවක් ආරූඪ උනා.

" ගුඩ්..."

ඇමතුම විසන්ධි කරලා තමන්ගෙ සුඛෝපභෝගී මන්දිරයෙ තරමක් අඳුරු ස්වභාවයක් ගත්ත නිදන කාමරයකට ආව ජන්ග්කුක්, කාමරේ දොර වහලා දාලා කාමරේ ආලෝකවත් වෙන විදිහට විදුලි බුබුලු දැල්වුවා.

" අපිට දැන් අපේ වැඩේ නිදහසේ කරන්න පුලුවන් කෙල්ලෙ..."

ඇඳ උඩ නිරුවතින් අතපය ගැටගහලා බැඳලා තියෙන අවුරුදු විස්සක් විතර වයස පොඩි කෙල්ල දිහා බලාගෙන ජන්ග්කුක් කිව්වම කෙල්ල ඔළුව දෙපැත්තට වැනුවෙ ' එපා ' කියලා කියන්න..

ඒ ජන්ග්කුක්ට ණය හිලව් කිරිමක් විදිහට ඊයෙ රෑ ලැබුණ අලුත් ගොදුර..

🔞 Honey | Jɪᴋᴏᴏᴋ Sᴍᴜᴛ Cᴏʟʟᴇᴄᴛɪᴏɴ Where stories live. Discover now