CHAPTER 1🎈

81 17 44
                                    

රෑ 10 පහු වෙලා තිබ්බත් මන් එලියට යන්න ලෑස්ති උනේ ගෙදර තිබුනු සේරම කෑම ඉවර වෙලා තිබුනු නිසා.. පාරෙ දිගටම ඇවිදන් ගියත් මන් ජීවත් වෙන පැත්තෙ මනුස්සයෙක් තියා සතෙක්වත් මේ වෙලාවට  එලියට එන්නෙ බොහොම කලාතුරකින්.. අපි ජීවත්වෙන තැනට ටිකක් ඈතින් තීන කැලෑවෙන් මලසිරුරක් හොයාගත්තෙ මීට සතියකට විතර කලින්.. එදා ඉදලා මෙගෙ ජීවත්වෙන් මිනිස්සු රෑට එලියට බහින්නෙ නැති තරම්..

ටික දුරක් යද්දිම ලාවට වැහි පොද වැටෙන්න පටන් ගත්තෙ මුලු පැත්තම වෙලාගෙන තිබුනු මූසල ගතිය තවත් වැඩි කරලා.. වැහි කාලෙ පටන් ගෙන තිබුනු නිසා කොහෙ ගියත් කුඩයක් ගෙනියන එක  දැන් පුරුද්දක් වෙලා..

වැස්සත් එක්කම මීදුමත් වැඩි වෙන්න ගත්තෙ මොනා හරි නරක දෙයක් වෙයි කියලා මගෙ හිතට දැනෙන්න ගද්දි.. මන් ඉක්මනට අඩිය ඉක්මන් කරලා යන්න ගත්තත් මට දැනුනෙ මගෙ පිටිපස්සෙන් කවුරු හරි එනවා වගේ.. පිටිපස්ස බැලුවත් කිසිම හැලහොල්මනක් නෑ..

"ඒක මගෙ හිතේ මැවිච්ච දෙයක්ද කොහෙද ඔයත් බොරුවට බය වෙනවනෙ හීජීන් අහ්"

ඒත් ආයෙත් ඒ සද්දෙ මගෙ ලගින්ම ඇහෙනවා.. දැන්නම් මගෙ ඇගම දාඩියෙන් තෙත් වෙලා.. ආයෙ පිටිපස්ස බැලුවත් කිසිම කෙනෙක් නෑ.. මන් ඉක්මනට ගෙදර යන්න ඕනි..

"ඔන්නී"

ඔන්නී.. මන් හැරිලා බැලුවම මගෙ ලග හිටියෙ අවුරුදු 6ක් වගේ පෙනුමක් තිබ්බ පොඩි ලමයෙක්.. ඒත් මේ රෑ මේ ලමයා තනියම මොකද කරන්නෙ..

"පැටියෝ ඔයාගෙ නම මොකක්ද? කෝ ඔයාගෙ ඔම්මා.. තනියම පාරෙ ඉන්න එපා මන් ඔයාව ගෙදරට එක්කන් යන්නම්"

"මට යන්න බෑ"

"ඇයි යන්න බෑ කියන්නෙ කොහෙද ඔයාගෙ අම්මා"

"එයා නෑ"

"අනේ පැටියෝ ඇයි ඔයා අඩන්නෙ මට බයවෙන්නෙපා මන් ඔයාව අම්මා ලගට එක්කන් යන්නම්"

"මට ඕනි නෑ එයා ලගට යන්න.. ඔන්නී මට මගෙ බැලුන් බෝලෙ අරන් දෙන්නකො ඒක අර කැලේ පැත්තට ගියානෙ මන් සෙල්ලම් කරද්දි"

කැලේ පැත්තට.. මන් කොහොමද දැන් ඒ පැත්තට යන්නෙ මට ඕනි දැන් ඉක්මනට ගෙදර යන්න.. ඒත් මේ ලමයව මෙතන තනියම දාලා යන්නත් බෑ..

"අපි උදේට ඇවිත් ඔයාගෙ බැලුන් බෝලෙ ගමු හොදද දැන් ගෙදර යමු.. ගොඩක් රෑ වෙලානෙ"

"බෑ බෑ මට ඒක අරන් දෙන්න එතෝට මන් අම්මා ලගට යන්නම් මට ඒක ඕනි.."

"හරි එන්න මන් ඒක අරන් දෙන්නම්"

ආ අර තීන්නෙ.. කැලේ ලගටම වෙන්න තිබ්බ ගහේ සාමන්‍ය උසක අත්තෙ රැදිලා තිබ්බ රතු පාර බැලුන් බෝලෙ ගන්න මන් අත දික් කරන්න හදන කොටම මට ඇහුනෙ අර ලමයා කෑ ගහන සද්දෙ.. ඒ එක්කම මගෙ ඔලුවට ලොකු වේදනාවක් දැනුනෙ අද මගෙ ජීවිතේ අන්තිම දවස කියලා මටම් හිතෙද්දි.. ඔලුවත් අල්ලන් බිමට වැටුනු මට දැනුනෙ අත් දෙක දිගේ රස්නෙ දියරයක් ගලාගෙන යනවා වගේ..

"ලේ"

මගෙ ඇස් දෙක පියවෙද්දිම මන් දැක්කෙ තනි කලු පාටින් ඇදගෙන අතේ මිටියක් තියන් හිටපු මනුස්සයෙක්..


🎈🥀


𝐳𝐞𝐡𝐚🖤


DEVIL'S RULES🎈 දෙවෙනි කොටසෙන් හමුවෙමු...

Dostali jste se na konec publikovaných kapitol.

⏰ Poslední aktualizace: Mar 02, 2022 ⏰

Přidej si tento příběh do své knihovny, abys byl/a informován/a o nových kapitolách!

𝑫𝑬𝑽𝑰𝑳'𝑺 R̶U̶L̶E̶S̶🎈Kde žijí příběhy. Začni objevovat