5.ආගන්තුක ඔහු 🙄

Start from the beginning
                                    

දුවගෙන දුවගෙන යද්දි එකපාරටම මට පෙණුනෙ මගේ ඉස්සරහට එන ලොකු ලයිට් එළියක් විතරයි......එතනින් එහාට මට ඇහුණෙ ලොකුම ලොකු සද්දයක්......මං හැප්පුණාද.......මං මැරෙයිද.....? මුකුත්ම හිතන්න කලින් මට මතක මගේ මුලු වටේම කැරකිලා අදුරු වෙලා යනවා විතරයි......
.
.
.
.
.
.
.
.
.
ආව්හ්..........😖.......

දරාගන්න බැරි ලොකු ඔලුවෙ කැක්කුමක් එක්ක මං ඇස් ඇරියා.....ආහ්......මං මේ කොහෙද......? මං මැරිලා නැද්ද......? එදා හැප්පුණ වෙලාවෙ මං හිතුවෙ මං ඉවරයි කියලා.....නෑ.....තවත් නෑ......දෙවියො මගේ ජීවිතේ එච්චර ඉක්මනට ඉවර කරන්නෙ නෑ වගේ.....ඒත් මං මේ කොහෙද .....? මේක hospital එකක්ද......? එතකොට කවුද මාව මෙතනට එක්කන් ආවෙ......?

දහසකුත් ප්‍රශ්න ඔලුවට වද දෙද්දි මං ආයෙම ඔලුව අල්ලන් කෑගැහුවෙ මං මටම දීපු පීඩනය දරාගන්න බැරුව......

මගේ කෑගැහිල්ලටද මන්දා එකපාරටම දොර ඇරන් ඇතුලට ආවෙ ලස්සන කොල්ලෙක්.......

" Thank god.....ඔයාට සිහිය ඇවිල්ලා......"

එයා එහෙම කියන ගමන්ම එළියට දුවලා ගියපු එයා doctor කෙනෙක්ව එක්කන් ආවා.....Doctor මාව check කරන ගමන් ලස්සන හිනාවකින් සංග්‍රහ කළා......

"කොහොමද දරුවො දැන්........ඇග පතට අමාරුද තාම.......?"

doctor හරිම කරුණාවන්ත විදියට එහෙම ඇහුවම මං ඔලුව ඉහළ පහළ කළේ ඔව් කියන්න ...මොකද මට කතා කරන්න තරම් සැහැල්ලු මනසක් නෑ.....

ආයෙමත් හිනාවුණ doctor බෙහෙත් වගයකුත් දීලා නැගිටලා ගියේ අර ආගන්තුක තරුණයා මගේ ළගට එද්දි.....

"මට මොකද්ද වුණේ........? ඔයාද මාව admit කළේ........?"

වුණ කිසිම දෙයක් හරියට මතක නැති නිසා මං එයාගෙන් ඇහුවා....

" ඔයා accident වෙලා හිටියෙ අයියෙ මං එතනින් යද්දි.....ඉතිං කට්ටිය එකතු වෙලා ඔයාව මගේ වාහනේ දාගෙන තමයි hospital ගෙනාවෙ.....දන්නවද ඔයා hospital admit කරලා අදට මාසයක්........"

" What .......😱 ........?"

මම හොදටම පුදුම වුණේ එච්චර කාලයක් මං කිසිම දෙයක් නොදැන හිටපු නිසා....එයා කිව්ව විදියට මම කොමා එකක ඉදලා තියෙන්නෙ.....

කතාවෙන් කතාව එයා මාත් එක්ක හොදටම ෆිට් වුණා....එයා England වල ඉදලා ලංකාවට ඇවිල්ලා තිබ්බ දවසෙලු මගේ accident එක වෙලා තියෙන්නෙ.....දුල්මිණ සමරනායක......

දුල්මිණ සමරනායක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයාගෙ නම......ලස්සනයි නේද......නම වගේම එයත් ගොඩාක් ලස්සනයි ......එයාගෙ වයස අවුරුදු 20ලු......මට දැන් 23ක්නෙ.....ඉතිං එයා මල්ලි කෙනෙක්......එයාලගෙ family එකම රටලු......නිවාඩුවකට තමයි කොල්ලා මෙහේ ඇවිල්ලා තියෙන්නෙ.....

මේ ටික වෙලාවට එයා මට එයාගෙ විස්තර හැම එකක්ම කිව්වා.....එයා කියන දේවල් අහගෙන හිටියා මිසක් මගේ ජීවිතේ ගැන මං එයාට කියන්න ගියේ නැ....එයා මගෙන් ඒ ගැන ඇහුවෙත් නෑ.....

මේ ටිකේම එයා male nurse කෙනෙක්ව දම්මලා මාව බලාගන්න.....ඒ වගේම මාව නවත්තලා තියෙන්නෙත් private hospital එකක.....එයා කිව්ව විදියට නම් මම දැන් ඉන්නෙ මීගමුවෙ.....
.
.
.
.
.
.
කාලය ගෙවිලා ගිහින් මාව හොදටම සනීප වුණා.....මේ මුලු කාලෙ ඇතුලතම එයා මට හොද සහෝදරයෙක් වුණා....මගේ වියදම් හැම එකක්ම බලාගත්තෙ එයා....මම දන්නෑ මං මේ ණය කොහොම ගෙවන්නද කියලා....අවසානෙදි මගේ ticket කැපුවා....ඒත් මං කොහේ කියලා යන්නද......? මොනවා කරන්නද......?

මං තාම එයාට මං ගැන කියලා නෑ....කවදාවත්ම ගෙදරට කතා කරන්න ඕන නේද කියලා අහලා නෑ...ඉතිං ඒ තේරුම් ගැනීමට මං ගරු කළා.....අන්තිමට මගේ හිත කියවලා වගේ එයා කිව්වෙ එයාගෙ ගෙදරට යමු කියලා....මුලින්ම අකමැති වුණත් ගෙදර වැඩක් පලක් වත් කරලා දීලා ඉන්න පුලුවන් නේද කියලා මමත් එයා එක්ක එයාගෙ ගෙදර ගියා....
.
.
.
.
" මේක තමයි අයියෙ ගෙදර.....අයියට කැමති විදියකට ඉන්න.......මෙහේ කරදර කරන්න කිසිම කෙනෙක් නෑ......අම්මිලා ආයෙ  ලංකාවට එන්නෙ නෑ....මමත් අවෙ Vacation එකට....."

එහෙම කියපු එයා මටත් කාමරයක් පෙන්නලා ඇදුමකුත් දීලා එයාගෙ කාමරේට ගියේ wash දාගන්න කියලා...

.
.
.
.
මතු සම්බන්ධයි........

💥දුල්මිණ හොද කෙනෙක්ද.......? බලමු නේද......🙂

💥 slow updates ඉතිම් හාද .......ආයෙ එන්නම්කො....Vote එකක් වත් දාගෙන යන්න ඉතිම්  🥺

✍️ තිසූ.......

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now