Chapter 29

495 85 38
                                    

"Mr.min ඉක්මනට මේක අත්සන් කරන්න අපිට පුලුවන් දරුවෝ දෙන්නව හරී අම්මව හරි බේරගන්න විතරයි...."

-" දරුවෝ දෙන්නෙක් ?.."

-" ඔව් දරුවෝ දෙන්නෙක්..."
ඩොක්ටර් ගේ වචනත් එක්ක කකුල් පණ නැති වෙනවා වගේ දැනෙද්දී බිත්තියට වාරු දීලා මන් ලග තිබුන පුටුවකින් වාඩි උනා.....

-"පුලුවන් තරම් ඉක්මන් කරන්න අපිට වැඩි වෙලාවක් නෑ Mr.min......."
ඩොක්ටර් මගේ අතට කොල වගයක් දීලා ගියේ ජීවිත තුනක් අස්සේ මාව හිරකරලා...
කොහොමද එක්කෙනෙක්ට මැරෙන්න දෙන්නේ ?.....
මගේ ඔලුව යකාගේ කම්මල වගේ...
කෑ ගහලා අඩන්න ඕන උනා මට ඒත් අඩන්නවත් මට හයියක් නෑ....

-"හ්යොන්....!!"
කොරිඩෝව පැත්තේ ඉදන් මගේ ලගට දුවගෙන ආවේ මගේ මල්ලිලායි හ්යොනුයි....

-"එයාලා කියනවා එක්කෙනෙක්ව බේරගන්නලු....මන් කොහොමද එක්කෙනෙක්ට මැරෙන්න අරින්නේ ?........"

-"කාවද බේරගන්න පුලුවන් කියලා කියන්නේ....."

-"දරුවෝ දෙන්නවලු හ්යොන්..."

-"දෙන්නෙක් ?...."
නම්ජුන් අහපු දේට මන් ඔලුව වනපු එක විතරයි කරේ...
තවත් පරක්කු උනොත් මට ඒ කාවවත් නැතිවෙයි...
මන් මෙලීව බේරගන්නවා මට එයාව මේ වතාවේ නැතිකරගන්න ඕන නෑ.....

-"දරුවන්ව..බ්..බේරගන්න...ම්..මට...පොරොන්දු ...වෙන්න.."
මෙලී වෙනුවෙන් අත්සන් කරන්න ගියත් මෙලී කියපු දේවල් කණ අස්සේ දෝන්කාර දෙද්දී මන් දරුවෝ දෙන්නා වෙනුවෙන් අත්සන් කරා...
ඩොක්ටර් ආයෙමත් එද්දී එයාගේ අතට කොල ටික දීලා operation theater එකේ පුංචි වීදුරුවෙන් මන් මෙලී දිහා බැලුවා.......

-"මාව දාලා යන්න එපා ප්‍රින්සස්...!! "
එයාට ඇහෙන්නේ නෑ කියලා දැනගෙනත් මට කියන්න ඕන උනා එයාට මාව දාලා යන්න එපා කියලා....
නර්ස් කෙනෙක් ඇවිත් මට මෙලීව පෙනුන එකම තැනත් වහලා දාද්දී මන් බිත්තියට පිට තියලා බිමින් වාඩි උනා....

-"නූනාට කරදරයක් වෙන්නේ නෑ හ්යොන්...බයවෙන්න එපා..."
මාව සනසන්න එයාලා හැදුවත් මන් දන්නවා ඒ හැමෝගෙම හීතුත් මගේ වගේ ඇති.....
ටේ මට කතා කරලා පැත්තකින් ගිහින් ඉදගත්තේ අත්දෙකෙන්ම මූණත් වහගෙන ඉතින් කොහොමද මන් විශ්වාස කරන්නේ මෙලීට කරදරයක් වෙන්නේ නැතිවෙයි කියලා ටේත් එහෙම හැසිරෙද්දී.....
මෙලීගේ ලේ වලින්ම පෙගිලා තිබුන අත්දෙක දකිද්දී මට දැනුනෙම හැමදේම මට නැතිවෙයි කියලා....
මෙලීව තනියම දාලා මට නොයා ඉන්න තිබ්බා එහෙම උනානම් මේ කිසිම දෙයක් වෙන්නේ නැතුව ඇති සමහරවිට....
පැය දෙකක් තාමත් මගේ කෙල්ල ගැන තොරතුරක් නෑ...
හැමෝම වැටුන වැටුන තැන්වල ඉදගෙන කල්පනා කරනවා....
නර්ස්ලා දෙන්නෙක් operation theater එකෙන් එලියට එද්දී මන් නැගිට්ටා.....

||DEAR_MAFIA||Completed Where stories live. Discover now