chapter 5

307 81 9
                                    


-පසුදින-
:YOONGI POV:

උදේ ඉදන් නිමාවක් නැතුව වැටෙන වැහිපොදත් එක්ක පරිසරයම ගිලගෙන තිබුනේ විශාල අදුරක්...වනයක් මැද්දකට වෙන්න තිබුන mansion එක ඕනවටත් වඩා ඒ අදුරේ ගිලිලා තිබුනේ මගේ හිත වගේ.....ජීවිතේ කොයිපැත්තකට හැරුනත් ඒකට මූන දෙන්න ශක්තිමත්කමක් තිබුනත් විවාහය කියන බැදීමත් එක්ක මගේ දේවල් කරගන්න බැරිවෙයිදෝ කියන හැගීමකින් මගේ මුලු හිතම කන්කෙදිරි ගෑවා.....ජනේලේ දිගේ පහලට වැටෙන වැහිබින්දු එක්ක මගේ මනසේ ඇදුනේ මගේ ඔම්මාව....වහින හැමදවසකම ඔම්මා මාවත් එයාගේ උකුලෙන් තියාගෙන හරි ලස්සන දේවල් කියලා දුන්නා....කාලේ ආපස්සට ගන්න පුලුවන් නම් මන් යනවා ආයෙත් මගේ ඔම්මගේ ඔඩොක්කුවට....

"හ්යොන්..."
ඔම්මගේ ලෝකේ තනිවෙලා හිටපු මම මගේ උරහිසට දැනුන උනුසුම් අතත් ආදරණීය කටහඩ නිසත් කල්පනා ලෝකෙන් බිමට බැස්සා.....

"ආහ් ඉදගන්න ජීමිනා...වහින නිසා කරන්න දේකුත් නෑනේ"
මගේ ඉස්සරහ තිබුන පුටුවක් පෙන්නුවම ජීමින් ඇවිත් එතනින් ඉදගත්තේ ජීන් හ්යොන් උදේට කන්න කියලා මට හදලා දුන්න සීරියල් එක දිහාත් හොදට බලලා..

"හ්යොන් ඇයි කෑවේ නැත්තේ....සීතලත් වෙලා කෑම එක"
ජීමින් කප් එක අල්ලලා කියද්දී මට අමුතුවෙන් හිතන්න දෙයක් තිබුනේ නෑ..මගේ හිත වගේම සීරියල් එකත් මේ වැස්සට සීතල වෙලා.....

"හ්යොන් ඔයා හොදින්ද"
ජනේලෙන් පේන වැස්සට අවධානේ දීගෙන හිටපු ඇස්දෙක මන් ජීමින්ගේ පැත්තට හැරෙව්වේ අපි හැරුනත් ජීමින්ට ඒක තේරෙන්නේ කොහොමද කියන පුදුමෙත් එක්ක....

"මන් හොදින්මත් නෙමේ ජීමිනා...කුකීටයි හ්යොන්ටයිත් එන්න කියන්නකෝ ඊටපස්සේ මන් කතාව කියන්නම්"
ආයෙමත් මගේ ඇස් වැස්ස දිහාට යොමුවෙද්දී ජීමින් නැගිටලා ගියා....ඊයේ මන් mansion එකට එද්දී තුන්දෙනාම නිදාගෙන හිටපු නිසා මාත් පාඩුවේ නිදාගන්න ගියත් නින්ද කියන දේ නම් මගේ අහලකටවත් ආවේ නෑ....

"යුන්ගියා"
ජීන් හ්යොන් කතා කරේ මගේ ඉස්සරහින් ඉදගන්න ගමන්...ජීකුක් දෙන්නත් හ්යොන්ගේ දෙපැත්තෙන් බිම වාඩි උනේ බීම බෝතල් දෙකකුත් බිබී.....

||DEAR_MAFIA||Completed Donde viven las historias. Descúbrelo ahora