-"ඒක හදන්න ඕන හ්යොන්....මන් දැන් යනවා mansion එකට හ්යොන් පොඩ්ඩක් මෙලීව බලාගන්න"

-"ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෙමේනේ..."

-"ඔය තුන්දෙනා මාත් එක්ක යන්න අනිත් අය මෙලීව බලාගන්න...."
යුන්ගි කුකී ජීමින් හොබී දිහාට ඇගිල්ල දික් කරලා කියද්දී ඒ තුන්දෙනත් යුන්ගිගේ ගමනට එකතු උනා....
.
.
.
.
.
.
.
.
.
.
.

-"මට ඔය යකාගේ ඇස්දෙක උගුල්ලලා දාන්න ඕනේ.."
බංකරේ ඇතුලට යන ගමන් කුකී කියුවේ නිශ්ශබ්දතාවය බිද දාලා......

-"කැමති දෙයක් කරගන්න..මන් මගේ පොරොන්දුව ඉශ්ට කරා..."
කලිසම් සාක්කුවකට අතක් දාගෙන අනිත් අතින් කොන්ඩේ හදන ගමන් යුන්ගි ඉස්සර වෙලා ගියේ කේන්ගේ කෑගැහිල්ල අහන ගමන්......

-"උබ මැරෙන්න බයද කේන්.."
මාක් ගෙනත් දුන්න පුටුවෙන් ඉදගන්න ගමන් යුන්ගි ඇහුවේ තමන්ගේ ඉස්සරහ ගැහෙන කේන් දිහා බලලා නෝජ්ජලයට හිනාවෙලා.....

-"මට උබෙන් දෙයක් අහන්න තියෙනවා කේන්"

-"ඇයි උබ මගේ ඔම්මව මරලා දැම්මේ..එතකොට මෙලීව පාවිච්චි කරේ ඇයි මේ දේවල් වලට..."
යුන්ගිගේ හරිම පැහැදිලි නිවුණු කටහඩ අහගෙන ඉදලා කේන් පැත්තට ලේ මිශ්‍ර කෙල ගහලා කතා කරන්න පටන් ගත්තා.....

-"උබේ අප්පා නිසා තමයි.....උබේ අප්පා මගේ ඩඩාව මරලා දැම්මා....එතකොට ලියෝනා ඒකිව පාවිච්චි කරේ ඒකිට හොදට පලිගන්න පුලුවන් නිසා....

-"ලියෝනා ? "
යුන්ගි බෙල්ල පැත්තකට බර කරලා ඇහුවේ ඒ නමේ හුරුවක් නොතිබුන නිසා....

-"ආහ් උබ දන්නේ මෙලීවනේ නේද...ඒත් ඒකිම තමයි ලියෝනා,ලෝරා කියන්නෙත්....ඒකි මොනා උනත් වැඩේ හොදට කරා මේ බල්ලා නිසා තමා මට උබව මිස් උනේ..."
ජීමින්ට එහා පැත්තෙන් හිටන් හිටපු ජේවොන් දිහා බලලා කේන් හිනාඋනේ මැරෙන්න යද්දී මිනිස්සුන්ට පිස්සු හැදෙනවා කියලා මතක් කරලා......

-"මට එකම එක අවස්ථාවක් දෙන්න JK..ඊට පස්සේ ඔයාට ඕන දෙයක් මූට කරන්න"
යුන්ගි එහෙම කියලා ජීමින්ට රහසින් මොනා හරි කියුවම ජීමින් විනාඩි පහක් ඇතුලත එලියට ගිහින් ආයෙත් බංකරේ ඇතුලට ආවා....

||DEAR_MAFIA||Completed Where stories live. Discover now