"හා පස්ටෝ!!!"
ටේ උඩ ඉදන් පහලට දුවගෙන ඇවිල්ලා ජන්කුක්ග්‍ර් ඇගෙ එල්ලුනේ ජන්කුක් පඩී දෙකක් විතර නැගලා උඩට යන ගමන් ඉන්න අතරේ..
"ශ්...බබා පරිස්සමට වැටෙයි ඔයා"
ජන්කුක් ටේවත් අල්ලගෙන තමන්වත් බැලන්ස් කරගෙන ටේව බදාගෙන ඉට අතගෑවෙ හිනා වෙලා...
"හා පැටියෝ ඔයා අද ගොඩාආඅක් පරක්කුයී!"
ටේ ජන්කුක්ගෙන් ඈත් වෙල ජන්කුක් අතෙ තිබ්බ බෑග් එක අතට ගන්න ගමන් කිව්වා
"Uuuww අද චුට්ටක් වැඩ වැඩී චූටී ඉතින් මොකො කලේ ඔයා.."
ජන්කුක් ටේගෙ කොන්ඩේ හදන ගමන් ඇහුවේ ටේ ජන්කුක්ගෙ අත අහකට කරලා ජන්කුක්ගෙ අතින් ඇදන් උඩට යනකොට
"උත්තර දෙන්නකො චූටීයෝ!!"
"බෑහෑ!"
"ඒ කියන්නෙ දැන් අද ඔය ගෙදර්ට වෙලා කරපුව මට කියන්නෑ!"
ජන්කුක් මවාගත්ත සැර මූනක් ටේට පෙන්නලා ඇහුවා.
"ම්ම්හූ මං කියන්නෑ...."
"ආශ් හරි මම බලගන්නම්කො"
ජන්කුක් ටේගෙ අතෙ තිබ්බ බෑග් එක අරගෙන ආපහූ කාමරෙට යන්න ගියාත් ඒ එක්කම ජන්කුක් පඩිපෙලේ ඉන්දෞනෙ ඒ බැහ් එක ගන්න ගිහිල්ලා......
ජන්කුක් තමන් අතෙ තිබ්බ බෑග් එක දිහා එහෙම්මම ඉදන් ටිකක් වෙලා බලන් ඉදලා ඉස්සරහා බැලුවේ මොකද්ද ඒ කලෙ අහන්න වගෙ උනත් එත් ජන්කුක් එතන බලාපොරොත්තු උන කෙනෙක් නම්.ඉදියෙ නෑ......
එතන කවුරූත්ම නෑ.......
කීසීම කෙනෙක්.........
තනියම තමන්ගෙ මනෝලෝකෙක ඉදිය ජන්කුක් විතරයී.......
පාලූ ජියෝන්මන්දිරයේ ජන්කුක් විතරයී........
මාස දෙකක් තිස්සේ...........
"චූටී..........ම්..මට පාලුයී රත්තරං..."
ජන්කුක් ඊඅගට කදුලූ පිරුන ඇස් එක්කම පඩිපෙලෙ හරියට ඉදගෙන ඔලුව කකුල් දෙක අස්සෙ ඔබාගත්තෙ අතීත මතක මතක් වෙනකොට..........
See you!!❤️☘️