"ශ්...හ්යොන් ඔයා දුර්වලයෙක් නෙමේ.....ඒක ඔයාගේ වැරැද්දක් නෙමේ හ්යොන්.. නූනා ඔව් මන් එයාට කවදාවත් නූනා කීවේ නෑ එයාට මම බැන්නා හැම වෙලේම එතකොට මාත් වැරදීකාරයෙක් නේද හ්යොන්....ඔයා එයාට දවසක් හරි ආදරෙන් සැලකුවා හ්යොන්...ඒක එදා වෙන්න තිබුන දේ...ඒත් ඔයා මෙහෙම අඩද්දී නුනා එහෙත් දුකෙන් ඇතී හ්යොන්....එයා වෙනුවෙන් ජීවත් වෙන්න හ්යොන්...මෙලී වෙනුවෙන් ඔයාට කරන්න දෙයක් තියෙනවා හ්යොන්......"
"ඔව් මට කරන්න දෙයක් තියෙනවා ජීමින්....ලෝරා ඕකිව මන් මගේ අත්දෙකෙන්ම මරලා දානවා මගේ මේ අත්දෙකෙන්ම"
ජීමින්ගෙන් ඈත්වෙලා තමන්ගේ ලේ ගලන අතක් දිහා බලාගෙන යුන්ගි කියුවේ ඉස්සෙල්ලා කදුලු පිරුන ඇස්වල දැන් තිබුන වෛරයත් එක්ක........"ඔයා යන්න ජීමින් මන් එන්නම් වොශ් එකක් දාගෙන....මාක්ට කියන්න ශැඩෝස්ලව එතනට යවන්න කියලා....ටේටත් රෙඩි වෙන්න කියන්න"
"හරි හ්යොන් ඉක්මනට එන්න"
ජීමින් යුන්ගිට ආචාර කරලා රූම් එකෙන් එලියට යද්දී යුන්ගිත් බාත්රූම් එක ඇතුලට ගියේ බර හුස්මක් නිදහස් කරන ගමන්.....________________
ලෝකේ මිල අධිකම මත්ද්‍රව්‍ය මිලදී ගන්න ආව සුගා මාක්ට ඉස්සර වෙලා යන්න කියලා ටේමින් ඩබල එක්ක ඊට ටිකකට පස්සේ රයන් එන්න කියපු hotel එක ඇතුලට යද්දී රයන් ඇතුලු හිටපු හැමදෙනාම සුගා දිහා නොබලා බිම බලාගෙන හිටපු තැන්වලින් නැගිට්ටේ සුගාගේ කටකොනකට හිනාවක් එද්දී.....
Cough එකෙන් සුගා ඉදගද්දී ජීමින් ටේ දෙන්නා සුගාට දෙපැත්තෙන් හිටගත්තා...."ඉදගන්න රයන්"
සුගාගේ අවසරෙත් එක්ක රයන් වාඩිවුනත් රයන්ගේ ඇස් කොයිම වෙලාවකවත් යුන්ගිගේ ඇස් එක්ක පැටලුනේ නෑ....."මට ගොඩක් සතුටුයි සුගා ඔයාව මුනගැහෙන්න ලැබුන එකට"
"අවශ්‍ය දේ විතරක් කතා කරමුද රයන්....මට නාස්ති කරන්න තරම් වෙලාවක් නෑ"
.
.
.
.
"ටේහ්යොනා ඔය ටික චෙක් කරලා බලන්න හරිද කියලා"
ටේ සුගාගේ අණට කීකරු වෙලා ලයන් දුන්නු ලැගේජ් එකක් නෑර චෙක් කරේ කිසිම වැරැද්දක් වෙන්න බැරි නිසා......
ටේ ඔලුව වනලා හැමදේම හරි කියද්දී මාක් සල්ලි රයන්ට දුන්නේ රයන්ගේ මූණ හීනාවකින් පිරිලා යද්දී.......
ඒත්,
ඒ හිනාව ක්ශනිකව අතුරුදහන් වෙලා ගියේ සුගාගේ ගන් එකේ බුලට් එකක් තමන්ගේ ගෝලයෙක්ගේ නලල පසාරු කරගෙන යද්දී......
YOU ARE READING
||DEAR_MAFIA||Completed
FanfictionA broken heart is all that's left I'm still fixing all the cracks Lost a couple of pieces when I carried it, carried it, carried it home I'm afraid of all I am My mind feels like a foreign land Silence ringing inside my head Please, carry me, carry...
chapter 18
Start from the beginning