|06|

51 14 0
                                    

AGAIN 06

අද ඒ දවස...උදේ පාන්දර ඉඳලා සේවිකාවෝ වටවෙලා මට අන්දනවා මේකප් කරනවා කොන්ඩෙ හදනවා එකම විකාරයයි....එහෙන් ඔම්මත් ඇවිත්...මව් රැජිනත් මගේ කුටියේ උදේ ඉඳලම...

මටත් ඉවසිල්ලක් නෑ....නෑ නෑ එහෙම මගුලකට නෙමේ මේ ඔක්කොම ඉවරවෙලා මේ ඇඳුම් ටික ගලෝනකන් ඉවසිල්ලක් නෑ මට 😶

අන්තිමට අන්දලා ඉවරවෙලා මාව නැගිට්ටෙව්ව හන් පාලිකාව මට ආචාර කරේ මාව වර්නනා කරන ගමන්මයි..ඒත් එක්කම හිනාවෙවී මම ගාවට ආපු ඔම්මයි මව් රැජිනයි දෙන්නත් හන් පාලිකාවට දෙයක් ගේන්නයි කියලා අන කරා....ඒත් එක්කම අටපට්ටමක් වගේ ගෙනාපු කොන්ඩයක් මගේ ඔලුව උඩින් ඔම්මයි මව්‍ රැජිනයි දෙන්නම එකතු වෙලා තිබ්බා...

බුදු අම්මෝ බර 😳😩

මොන මගුලක්ද මන්දා...සික්..එහෙන් මගෙ ඇඳුම සම්පූර්නයෙන්ම රතු පාටයි ගෝල්ඩ් පාටයි..අම්මපා බැන්දට පස්සෙනම් අඳින්නෙ කොලයි නිලුයි දමුයි විතරයි😒

"එසේනම් පිටත් වෙමු"

මව් රැජින එහෙම කියන ගමන් ඉස්සර වෙද්දි මමත් එයාගෙ පිටිපස්සෙන් ගියා..මේ කොන්ඩෙ දාගෙන යනව කියන එක කරන්න අමාරු වැඩක් නෙමේ කරන්න බැරි වැඩක්..මමත් ඉතින් බැලන්ස් කරගෙන ඇවිදින්න ගත්තේ හන් පාලිකාවගෙ ප්‍රැක්ටිස් වලට හිතෙන් පින් දෙන ගමන්...

මාව දෝලාවෙන් කෙලින්ම එක්කන් ගියේ ප්‍රධාන මාලිගාවට...මේ කොන්ඩෙ එක්ක දෝලාවෙ ගිය එකට හරිනම් මට කුසලානයක් දෙම්න ඕනෙ..ඇයි අප්පා...

මම දෝලාවෙන් බැස්සම ඔම්ම කියපු විදියට මම අත් දෙකත් උස්සලා මගේ මූන වැහෙන විදියට ඉස්සරහින් අත් දෙක බැඳගත්තා....හිමීට ප්‍රදාන මාලිගා කුටිය ගාවට තියෙන ප්‍රදාන පාරේ ගමන් කරද්දියි මම දැක්කේ ලොකූ පඩිපෙල උඩට වෙලා මම එනකන් ලස්සනට ඉන්න ටේහ්‍යුන්ග්ව...වාහ්හ්..එයා රජ ඇඳුමටත් හුඟක් කඩවසම්...එයාව මැරි කරන්න මෙහෙම හරි හම්බුනු නිසා මට හුඟක් සතුටු හිතුනත් ඒ සතුට හරි ඉක්මනට මැරිල යන්නේ මේ මට ආදරේ කරපු ටේහ්‍යුන්ග් නොවන නිසා....ඔව් ඔයාල හරි...මේ හිටපු කාලෙට අනුව මම දැනගත්තු එකම දේ එයා මට ආදරේ කරන්නෑ..මේක කරන්නෙ අනික් අයගෙ බලකිරීම නිසා කියලා....

AGAIN [ongoing ]Where stories live. Discover now