"ආ...ස්තූතියි කියල කිව්වේ.."

"අනේ මන්දා..ඔබ අලුත් භාශාවක් හදලයි නවතින්නෙ "

අප්පා එහෙම කියලා හිනාවුනා...

"එසේනම් පිටත් වෙමු.."

ඔම්ම එතනට එන ගමන් එහෙම කිව්වම මම ගිහින් දෝලාවට නැග්ගා....

.
.
.

අපි මාලිගාවට එද්දි හැමෝම වගේ අපිව පිලිගත්තා...

අපි මහරැජිනගෙ කුටියට ගියහම මහ රැජින මට වෙන් කරපු අලුත් පාලිකාවයි සේවිකාවො ටිකයි එක්ක මාව ලොකු කුටියකට යැව්වා...

"වාහ්හ්...ලස්සනයි"

ඇත්තටම මගෙ කුටිය හුඟක් ලස්සනයි...මගේ ආසම පාට දැනගෙන වගේ කොල පාටටයි දම් පාටටයි හරියන්න කුටියෙ හැමදෙයක්ම සකස් වෙලා තිබුනා...හැමදෙයක්ම රජකාලෙ වගේ....ආයිශ් මේ රජකාලෙ තමා...

මගෙ කුටියෙ එක පැත්තකින් එලියට ගියාම එතන නිකන් බැල්කනි එකක් වගේ තිබුනේ....හරියටම ඒ බැල්කනි එක ඕපන් වෙලා තිබුනේ ලොකු පොකුනකට...

(අන්ටිමේඩ් එකේ වගේ ඉමැජින් කරගන්න )

ඇත්තටම ලස්සනයි....

හැබැයි මට ලොකු දුකක් ආවා..මොකද ඔම්මයි අප්පයි නැති වෙලා ආයෙ හම්බුනා විතරයි...එයාලට මාව මාලිගාවේ තනියම දාලා යන්න වුනා....අප්පවනම් රාජ සභාව තියෙන දවසට දකින්න පුලුවන්ලු..ඒත් ඔම්මා..එයාව මට බලන්න යන්න බෑ ආයේමත්...ඔම්මට තමා එන්න වෙන්නේ..ඒකත් මම විවාහ වෙන දවසටලු...ඊටත් හපන් වැඩේ තමා මට චෝයි පාලිකාව මෙහෙදි නෑ..හුවෑ..එයා මගෙ හැම දඟ වැඩක්ම ඉවසන් හිටියා.....මට හම්බුනු අලුත් පාලිකාවගෙ නම හන් ලු....එයා නපුරු නෑ...ඒත් ඉතින් හිනාවෙන්නෙ නැති එකයි ප්‍රශ්නේ...

සේවිකාවො ටිකත් අවුලක්ම නෑ...

දුක හිතෙන එව්ව ටික පැත්තකින් තියමුකෝ..මට කියන්න තියෙන සතුටුම හිතෙන ආරංචිය තමා මට යාලුවෙක් හම්බුනා...වෙන කවුරුත් නෙමේ මගෙ නෑන පොඩ්ඩ....ඔව් ඔව්..අර අලි ඔලු කිම් ටේහ්‍යුන්ග් රජාගෙ නංගි....නම කිම් ටාරා...හැමෝම කියන්නෙ ටාරා කුමරිය කියලා...මගෙ වයසෙම නිසා හොඳට ගියා....

AGAIN [ongoing ]Where stories live. Discover now