1.මගේ කතාව❤️‍🔥

Start from the beginning
                                    

යාලුවො නම් කිව්වෙ අවී නැත්නම් අවියා කියලා.....පිරිමි ළමයිම තුන්දෙනෙක් හිටපු සල්ලිකාර පවුලක බාලම කොල්ලා මම.....නිකේෂ් දුනුසිංහ මගේ ලොකු අයියා.....ඌ Civil Engineer කෙනෙක්....රත්මලානෙ company එකක වැඩ කරන්නෙ.....එතකොට ප්‍රදීප් දුනුසිංහ .....මගේ පොඩි අයියා....ඌ Doctor කෙනෙක්.....නවලෝකෙ වැඩ කරන්නෙ.....අයියලා දෙන්නගෙන් එක්කෙනෙක් වත් තාත්තගෙ business වැඩ වලට join වෙන්න කැමති නැතුව උන්ගෙම පාරවල් තෝරගනිද්දි මට තමයි තාත්තගෙ business භාර ගන්න වෙන්නෙ කියලා තාත්තා මාව management course එකක් කරන්න තමයි campus යැව්වෙ....හ්ම් හ්ම් උඹලා හිතුවා හරි අයියලගෙ දේවල් ඒ විදියට වුණ නිසා තාත්තගෙ දේවල් බලාගන්න වෙන්නෙ මට.....ඒ දෙන්නා නිසා මගේ හීන , බලාපොරොත්තු හැම දෙයක්ම කැප කරන්න වුණා.....but මං අයියලා එක්ක කිසිම තරහක් නෑ.....තාත්තගෙ රූකඩ නොවී උන් උන්ගෙ ජීවිතේ දින්න එකට මං ගොඩාක් සතුටු වුණා......අයියලා දෙන්නම බැදලා පවුලෙන් අයින් වෙලා හිටියෙ....ඒකත් උන්ගෙ කැමැත්තට.....තාත්තා නම් උන්  එක්ක හොදටම තරහයි....අම්මට වත් මට වත් උන් එක්ක කතා කරන්න තහනම් කරලයි තිබ්බෙ......ඒත් මම නම් හොරෙන් කතා කළා.....ඔව් උඹලා ඒකත් හරියටම හිතුවා.....අපේ තාත්තා හිට්ලර් පාලකයෙක්......අම්මයි මමයි මේ ගෙදර හිරකාරයො වුණේ අයියලා දෙන්නා තාත්තගෙ කීමට හැම වෙලේම පිටින් ගියපු නිසා.......

සල්ලි තියන නිසා තාත්තා මාව දැම්මෙ කොළඹ තියන ලොකුම private campus එකකට......හරි හරි බන්....මං exam හොදටම pass.....but Maths වලින්....තාත්තගෙ business නිසා මාව management course එකක් කරවන්න තමා private campus එකකට දැම්මෙ.....දැන් හරිද උඹලගෙ ප්‍රශ්නෙ....

දිනුර මාරසිංහ,නුහස් හතරසිංහ.......මගේ බොක්කවල් දෙක....දිනුවගෙ තාත්තා මන්ත්‍රී කෙනෙක්....ඌ පව්ලෙ එකම කොල්ලා .....එතකොට නුහා අපේ තාත්තගෙ හොදම යාලුවගෙ පුතා.....ඉතිං හිතාගන්නකො ඌත් මං වගේම තාත්තගෙ business නිසා ගෙදරට කොටු වෙච්ච නිදහස සීමා වෙච්ච එකෙක් කියලා......

ඔය මං උඹලට කිව්වෙ මගේ වටපිටාව ගැන....හ්ම්ම් ඕන නම් මතක තියාගන්නකො....ඒ ටික දැන් ඉවරයි......
.
.
.
.
වසර 3කට පෙර..........
.
.
.
.
"අවී....අවියෝ.......උඹ කොහෙද......?"

"ඇයි නුහා මොකද්ද අවුල.....?"

Ground එකේ cricket practice කර කර ඉදපු මගේ ළගට ආව නුහාගෙන් මම ඇහුවා.....

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now