🍁_ѕтιll wιтн yoυ ~ cнap 06_🍁

183 53 3
                                    

දිනපතාම පිස්සුවෙන් මන් කියව කියව හිටියේ කවුරුත් මන් කියන දෙයක් නෑසුනා ලෙස සිටින නිසයි. එහෙත් හැමදාම මට දැනුනා මන් කියන මේ හැමදේම තවත් කවුරු හරි අහන් ඉන්නවා කියලා.

අද උදේ ආපු කැස්සක් එක්ක මට ලේවමනේ ගියා. මන් ගොඩක් බය උනා. ඒත් මටත් ඕන කලේ ඉක්මනටම මේ ජීවතේ අතැරලා ඔහු ගාවට යන්නයි.

එකපාරටම පපුව රිදෙන්න අරන් මට හුස්ම ගන්න බැරි උනා.
කොච්චර හුස්ම ගන්න උත්සහ කලත් මට ඒ දේ කරගන්න බැරි උනා. ලොකු හුස්මක් උඩට ඇද්දත් ඒ හුස්ම නැවත පහලට දාගන්න බැරි උනේ පපුව තුලින් දැනෙන්න ගත්තු කැක්කුම නිසයි. අන්තිම මොහොතෙ උනත් මන් හිතුවේ එක දෙයයි.

අදින් පස්සේ මටත් එයා ගාවට යන්න පුලුවන් වෙයි කියලයි.

ඒත් නැවතාත් මට මීට කලින් දැනුන ඒ ලැවෙන්ඩ්‍රා සුවද ආග්‍රහණය උනා. මන් ඒකට ගොඩක් ආස කලා. ඒ පහසට මගේ හිත පිස්සුවෙන් වගේ දැගලුවා... ඒ උනුහුම... මීට කලින් විදලා තියෙන හුරුපුරුදු බවක් දැනුනා...

කවුරු උනත් ඔහු කලේ ජීවීතේට අමතක කරන්න බැරි උදව්වක්...
අමාරුවෙන් හුස්ම ගන්න බැරුව මන් දගලනකොට මට කෘතීම ස්වසනය දුන්න නිසාවෙන් මට යාන්තම් හුස්ම ගන්න පුලුවන් උනා. පපුවේ තිබුන ඒ කැක්කුම නැතුව ගියේ නැවත වරක් මාව ජීවත් කරමින්...

කාලේකින් මට නොදැනුන කියාගන්න බැරි සනීපයක් ඔහු මගේ කොන්ඩ අතරින් ගෙනියන ඔහුගේ ඇගිලිවලින් දැනුනා. පරිස්සමට මගේ ඔලුව අතගාන්න ගත්ත ඔහුගේ ඒ උනුහුමට මට ගුලිවෙන්න හිතුනා. නමුත් ඔහු කවුරුන්දවත් නොදෙන මට එහෙම කරන්න බැරි නිසා හිමීට මන් දෑස් විවෘත කලා. ඔහු යන්න ආපසු හැරෙනවිටම මන් ඔහුගේ අතකින් අල්ලාගත්තේ මන් ඔහු එක්ක කාලේක ඉදන් කතාකරන්න බලන් හිටපු නිසාවෙන්.

මාස්ක් එකක් පැලදන් හිටියත් ඒ ඇස් යම් මොහොතකට මාව අතරමන් කලා. ඔව් මන් හිතන්නේ මන් දන්නවා ඔහු කවුද කියන්න ඕනවටත් වඩා.

ඇස් අගින් කදුලක් ගලන් ගියේ මේ වෙන දේ අදහ ගන්නත් බැරි උන නිසයි.

ඒ ඒ ඔහුමද ?

ඒ රුවේ නියම අයිතිකාරයා

මගේ බනීමද...

මෙතෙක් කල් මා හොයපු මගේ ආදරේ මොහුමද...

ඒත් නැවත වරක් කෙසේද මා ඉදිරියේ...

මේ වගේ වෙලාවක මන් සතුටු වෙන්නද ඕනී...

මට සතුටක් නොදැනෙන්නේ ඇයි...

මොකක්ද ඊට හේතුව...

මන් මගෙන්ම ප්‍රශ්න කරගත්තේ මේ සිදුවෙන කිසිම දෙයක් මට තේරුම් ගන්න බැරි නිසාවෙන්.

_______________________________________

අවසාන චැපියෙන් හමුවෙමු එහෙනම් බබාලා...

🍂 Vote and comment 🍂


______✍️Lea

🍁ѕtíll wíth чσu || tαєkσσk🍁ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✅Where stories live. Discover now