🍁_ѕтιll wιтн yoυ ~ cнap 05_🍁

193 59 5
                                    

හැමදාමත් වගේ අදත් අර කඩවසම් තරුණයා මා ගාවට ඇවිත් කෑම එක දීලා ගියේ මන් ඔහු යන දිහා බලන් ඉන්දෙද්දියි. ඒ හැඩරුව ඒ ගමන් විලාසේ හැමදාමත් මට පෙනුනේ මගේ බනීගේ විදිහටමයි.

හොස්පිටල් එකේ කෙලවරට වෙන්න තිබුනු පොඩි botanical ගාර්ඩ්න් එකට හවස් යාමේදී යන්න මන් පුරුදු වෙලා හිටියා. අද මට වැඩිපුර නින්ද යන්න බෙහෙත් වගයක් දීලා තිබුන නිසා ගාර්ඩ්න් එකට යනකොට ටිකක් රෑ උනා.

මම යනවිටත්,
ඈත ආකාසේ පායලා තිබුනු හද එලිය තණ බිමට පතිත වෙලා තිබුනේ කියාගන්න බැරි හැගීමක් ඉස්මතු කරමින්...
ගස් අතරින් හමා එන මද සුලං මගේ ඇගේ දැවටෙන විට මට දැනුනේ කවුරුන් හෝ මට තුරුලු වෙලා ඉන්නවා වගෙයි. ඇගපුරාම පොඩි හිරියක් ගියත් එය ගනන් නොගෙන මන් තණ බිස්සෙම වාඩි වුනේ මේ සීතල අත්දැකීම මන් කවදාවත් විදලා නොතිබුන නිසයි.

මීදුම් සහිත ආකාසය දිහා බලාන එදත් අදත් වගේම මන් කල්පනා කරේ බනී ගැනයි.
මේ සුන්දර මොහොත විදගන්න ඔහුත් මා ගාව සිටියනම්...

අවාසනාවකට මගේ වැඩ නිසා ඒ අහිංසකයා මාව දාලා යන්න ගියා...

| පසුවදා |

දැනුනා මට හොදටම දැනුනා ඒ උනුහුම ඒ රස්නය...
වෙන කා ගාවින්වත් එන්නේ නැති ඒ ලැවෙන්ඩ්‍රා සුවද...
අදුනගත්තා මන් එහි හිමිකාරයව...

හදවත වේගේන් ගැහෙන මේ වෙලාවේ මා ගාවට පැමිනි සුරදූතයා කවුරුන්ද කියා මට ලෙහෙසියෙන් හදුනා ගන්න පුලුවන් උනා...

මගේ බනී, කුක්...

මගේ හදවතේ හොල්මන් කල ඔහු,
ජීවිතය විදිනා ආකාරය ගැන මට කියා දුන් ඔහු,
නැවතාත් අද මගේ ගාව...

අඩවන් වෙලා තිබුන දෑස් දෙක අවදි කලා මන්.
ඒ අතරතුරත් මගේ දෑස් සෙව්වෙම මන් බලාපොරොත්තු උන ඒ රුව කොහේදැයි කියා... කාමරේ වටේ ඇස් යවපු මගේ ඇස් නැවතුනේ කොරිඩෝව දිගේ ඈතට දිව යන ඒ රුව දෙසටයි...

සුදු පාට දිග කෝට් එකක් ඇදන් උන්නු ඒ තරුණයා ඈතට දිව යන  ආකාරය දිහා මන් බලන් උන්නේ කදුලු පිරුනු දෑස්වලින්...

ඔහු කවුරුන්ද ?...
ඇයි ඔහු මගෙන් සැගවෙන්නේ...?
මන් අතින් නොදැනුවත්වම වැරැද්දක් සිදු වුනාවත්ද ?...

එතකොට මාව මේ අදුරෙන් ගලවගන්න පැමිනි පුද්ගලයා කවුරුන්ද ?

__________________________________________

කොයි වගේද කතාව දැනෙන්නේ ඔයාලට ?...
( දැනගන්න ආසයි ඒකයි අහන්නේ 🙂😔 )

🍂 Vote and comment 🍂




______✍️Lea...

🍁ѕtíll wíth чσu || tαєkσσk🍁ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✅Where stories live. Discover now