🍁_ѕтιll wιтн yoυ ~ cнap 04_🍁

214 60 16
                                    

ඇදකට වෙලා ඇගිලි සමගින් මන් දග කරමින් හිටියේ දරදඩු මගේ හිත පාලනේ කරගන්න ගමන්.

ඒ අතරතුරත් මගේ සිහියට පැමිණියේ මීට අවුරුදු කීපයකට පෙර මන් විසින්ම මගේ බනීට කල ඒ අපරාදය... ඔහුට දුන් පීඩාකාරී වේදනාව...

සැබෑවින්ම දුක් වුනා මන්...

_ Flashback _

එදින රාත්‍රීයේ මන් සිටියේ සිහිය විකල් වූ පුද්ගලයෙක් මෙන්.
ගෙදර තිබුන හැම දේම මන් පොලොවේ ගැහුවේ මගේ මනසේ ඇදුනු ඒ අර්ථවත් නැති විකාර සිතුවම් නිසයි.
බඩු බිදෙන සද්දයක් ඇසුනු විගසම මන් දැක්කා කිට්චන් එකට වෙලා උන්නු කුකී එයාගේ crutch වලින් මේ දෙසට කලබලෙන් වගේ පැමිණෙනවා.

" ටේ මේ මොකද කරන්නේ. ඇයි මේ හැම බඩුවක්ම පොලොවේ ගහන්නේ "

" තමුසෙගේ සල්ලි වලින් නෙවෙනේ මේ බඩු ගෙනාවේ. ඒ නිසා පාඩුවේ ඉන්නවා. "

" ඒත් - හරි දැන් මොකක්ද හේතුව මෙහෙම කරන්න.

ඔයා ප්‍රශ්නෙකද ඉන්නේ "

" ඔව් ඔව් ඔව් මන් හැමදාමත් හිටියේ කියාගන්න බැරි ලොකු ප්‍රශ්නෙක තමා. "

" කියන්න මොකක්ද ප්‍රශ්නේ. පුලුවන් දෙයක් නම් මාත් උදව් කරන්නම් "

" ඇත්තටම උදව් කරනවද. "

" ඔව් ඔයා වෙනුවෙන් ඕන දෙයක් "

" තමුසේ තමා මට තියෙන එකම ප්‍රශ්නේ. මෙච්චර කාලයකට තිබුන ලොකුම ප්‍රශ්නේ තමුසේ. "

" අ - අහ් ම - මන් "

" ඔව් තමුසේ තමා.

අබ්බගාතයා... "

හැමදාම එකම වචනේ ඒ කටින් අහගන්නවා කියලා දැන දැනම ඔහුට ආදරේ කරපු එකද වැරැද්ද ?...

" ටේ - "

" ශ්... ආයෙමත් ඔය කටින් මට මගේ නමවත් අහගන්න ඕනී නෑ.
ඒ නිසා තමුසෙගේ රෙදි ටිකත් අරන් මෙහෙන් පලයව්. ආයේ මගේ ඇස් ඉස්සරහට පේන්නවත් එන්න එපා ඔය අසරණ කම පෙන්නගෙන."

කුකී නැවතවරක් කතා කරන්න පෙලඹුනත් ටේගේ ඒ රතුවෙලා තිබුන ඇස් දෙක දැකලා ඔහු බය උනා. කිසිම හිනාවක් නැති ඒ මූන වෛරයෙන් පිරිලයි තිබුනේ.

🍁ѕtíll wíth чσu || tαєkσσk🍁ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✅Where stories live. Discover now