🍁_ѕтιll wιтн yoυ ~ cнap 02_🍁

290 62 4
                                    


|🥀 |

පැලෙන්න තරම්ම ඔලුව ඇදුම් දුන්නත් අමාරුවෙන් නැගිටින්න උත්සහ කලා...

" මගේ බනී... "

එච්චරයි මට කියාගන්න පුලුවන් උනේ.

මට දැනුනා මගේ හුස්ම නවතිනවා.

මගේ ඇස් හිමීට පිය වුනා.

දැන් මන් නිදහසේ පියාඹන කුරුල්ලෙක් හා සමානයි බව දැනුනා.

මන් නිදහස්...

ඔව් මන් නිදහස්....

මට දැන් මගේ බනී ගාවට යන්න පුලුවන්...

ඈත වලාකුළු අතරින් රුවක් දිස්වුනා. පියකරුයි... සිත් ඇදගන්නා දැකුම්කලුයි... මුහුනේ ඉදන් කකුල් දෙක දක්වාම ඇදෙන ඒ රුව දෙසයි මා බලන් උන්නේ...

කුකී...

ඔව් මන් මේ ලෝකේ දකින්න ආසම දේ...

මගේ මැනිකගේ ඒ හිනාව...

එයා මා එක්කන් ගොඩක් සතුටින් හිනහා උනා...

මගේ කුකී ආයෙත් මා ගාව...

හිත ඇතුලෙන් නොකි සතුටක් ඉස්මතු උනා වගේ දැනුනේ...

වෙනසක් නෑ එදා ඒ හිනහවමයි...

අවසන් වතාවට මා එක්ක හිනාවෙලා ගියා වගේමයි...

මන් ඇවිදන් ගියා ඒත් මාව නැවතුනා

මට එයා ගාවට යන්න තිබුනේ තව එකම එක අඩියයි එහෙත්,

නොහිතපු විදියට

ඇග ඇතුලින් දැනුනු වේදනාව මාව ගිලගත්තා...

මට එයා ඉන්න හරියට යන්න හිතුනා...

හිතුනා නෙවේ යන්න ඕන කලා නමුත්,

එදා වගේම මන් අදත් ගොඩක් පරක්කුයි

මගේ මැනිකගේ ඒ හිනාවත් එක්ක එයාව අදුරට ඇදිලා ගියා...

මට එක අඩියක් ඉස්සරහට තියන්න තිබුන නම්
අද මට එයා එක්කන් ඉන්න තිබුනා...

දුක් වුනා ගොඩක් දුක් වුනා. එකපාරක් හරි මන් එයාව දැක්කා කියල සතුටු වෙන්න හේතුවක් තිබුනත් මට දුක එයාගේ ලගටම ගිහින් ඒ උනුහුමේ එකම එක වතාවක් හරි ඉන්න බැරි උන එකටයි.

ගොඩක් ආස කලා ඒ සෙවනේ ඒ උනුහුමට ගුලි වෙලා නිදාගන්න.
මන් දන්නවා දැන් මන් ඒකට ගොඩක් පරක්කු වැඩියි කියලා.
එයා හිටපු දවස්වල මට එයාගේ ආදරේ තේරුම්ගන්න බැරි උන එකට අදටත් මන් පසුතැවෙනවා. ඒ වෙනුවෙන් විදවනවා...

පෙරුම්පුරනවා තාමත් ඔහු වෙනුවෙන් මන්...

මගේ ලග තිබුන දේ හැමපාරත් වගේම මේ පාරත් මට අල්ලගෙන පරිස්සමට තියගන්න බැරි උනා. එතකොට මන් අසාර්ථකද ?...
මේ ලෝකේ කිසි දෙයක් මට හිමි නැද්ද ?...

_____________________________________________

විකාරයක් වගේ නේත...

අහ් හිතුනොත් කතාව අයින් කරනවා. මේක සිරියස් වැඩීද බබාලා ?... 🙂😔

🍂 Vote and comment 🍂

______✍️Lea...

🍁ѕtíll wíth чσu || tαєkσσk🍁ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✅Where stories live. Discover now