🍁_ѕтιll wιтн yoυ ~ cнap 01_🍁

430 74 24
                                    


| Taehyung 's pov |

මගේ ආදරේ මාව දාලා ගිහින් අදට හරියටම අවුරුදු තුනක් වෙනවා. කෑගහලා අඩන්න නේද ඕනේ කියලවත් මට තේරුමක් නෑ. එයා නොමැති ජීවිතයකින් මට ඇති වැඩේ මොකක්ද .
මගේ කුකීට මන් අතින් ලොකු අසාධාරණයක් උනා. ඔව් පිලිගන්නවා මන් එදා සිද්ද වුන දේ බරපතලකම.
මන් එදා ඒ දේ නොකල හිටියනම් අද මගේ පන තාමත් ජීවතුන් අතර. එහෙනම් මට හැමදාම මගේ වස්තුවගේ ඒ හිනහව බලන් ඉන්න තිබ්බා.

මන් මහ නරුම මිනිහෙක්. මට බැරි උනා ඔයාට හොද සැමියෙක් වෙන්න. මට බැරි උනා ඔයා හොයපු ඒ ආදරේ දෙන්න.

මගේ වස්තුව හැමදාම මන් ආදරෙන් කතා කරයි කියලා බලන් උන්නා නේද.

මට මට සමාවෙන්න මැනික. මන් දැන් පිස්සෙක් වෙලා ඉන්නේ. ඔයා නැතුව මට ජීවත් වෙන්න අමාරුයි. දන්නවද ඔයා හදන කෑම කන්න මන් කොච්චර ආසාවෙන් බලන් ඉන්නවද කියලා.

මන් දන්නවා මට පෙන්නුවේ නැති උනාට මැනික හැමදාම අඩන්න ඇති. මට මන් මොනාද කරන්නේ කියලා සිහියක් තිබ්බේ නෑ වස්තුවේ. ඒකයි මේ හැමදේම කනපිට හැරුනේ.

දවසක් ඇහුවා නේද මැනික මගෙන් මන් කොච්චරක් ඔයාට ආදරෙයිද කියලා. මන් මගේ මැනිකට ඈත ගව් දුරක් වෙනකන් ආදරෙයි රත්තරං. ඒත් ඒ ආදරේ දැනගන්න අද ඔයා මන් ගාව නැහැ නේද කියලා මතක් වුනාම....

ආයේ මන් ගාවට එන්න මැනික. ප්ලීස්...
මන් පොරොන්දු වෙන්නම් ඊලග පාර මෙහෙම වැරැද්දක් මගේ අතින් වෙන්න දෙන්නෑ කියලා.
දිවුරලා පොරොන්දු වෙන්නම්.
ඒ නිසා ආයේ මා ගාවට එන්න වස්තුවේ.
ඔයාගේ ටේ මග බලාගෙන ඉන්නවා කුකී.
ඔය සිනිදු චූටි අත්දෙක නැවත වතාවක් මට අල්ලන්න ඕන මැනික.

" යාහ් කූ නැගිටිනවා... මාව පිස්සු වට්ටලා දාලා ඔහොම දිගටම ඉන්නද කල්පනාව වස්තුවේ... "

පොඩි කාලේ දග කර කර හිටපු ඒ පුංචි කොල්ලව මට ආයේ ඕන කුකී. ඒ හිනාව තමයි මාව අදටත් ජීවත් කලේ.
මගේ ආදරේ බනී ආයේ ඔයාගේ ටේ ගාවට එන්න...

නොකිව්ව කතා ගොඩක් මට තව ඔයාට කියන්න තියෙනවා පන...
ඉක්මනට මන් ගාවට එන්න...

අවසන් වදන් පෙලත් සමගම ඔහුව එතන ඇදගෙන වැටුනේ ඉදිරිය ගැන කුමක් සනිටුවහන් කරමින්ද... ඔහුත් ඔහුගේ ආදරය ලෙසින්ම ඔහුගේ ජීවිතය අතැර සදහටම නික්ම යයිද... එහෙමත් නැත්තම්…

__________________________________________

කතාව හරි නෑ වගේද...? 🌿

මන් මේ පලවනි වතාවට ශිප් ස්ටොරි එකක් ලියන්නේ.
ඒ නිසා වැරදි එහෙම තියනවනම් කියාන්ඩ බබාලා...

🍂 Vote and comment 🍂




______✍️Lea

🍁ѕtíll wíth чσu || tαєkσσk🍁ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✅Où les histoires vivent. Découvrez maintenant