Chapter 04

173 68 8
                                    

නූනා හොර කරනවා..

අනී...මං මුකුත් කරේ නෑ..

එහෙනම් කොහොමද එක දිගටම දිනන්නෙ..

ඒක තමා හැකියාව ගුකී..

ඉරිදා නිවාඩු දවසෙ උදේම ගේ අස් කරල අක්කයි මල්ලියි කාඩ් ගේම් එකක් කරන්න ගත්තා..ඒත් මිනා දිගින් දිගටම දිනද්දි කුකී කලේ බොරුවට තරහ අරන් මිනා හොර කරනවා කියපු එක විතරයි..

නූනා..මං ස්පෙශල් සබ්ජෙක්ට් එකක් සිලෙක්‍ට් කරා..

වාහ් චින්චා...

හ්ම්ම්..ඒත් නූනා ඒකට අකමැතියි නම් මං වෙන එකකට යන්නම්..

මිනා හිනා වෙලා ජන්ගුක්ගෙ කම්මුලක් මිරිකුවා..ඒත් එක්කම මිනා අතේ තිබ්බ කාඩ් පැක් එක බිමින් තියල ජන්ගුක් ගාවට ලන් වෙලා ජන්ගුක්ගෙ අත් දෙක තමන්ගෙ පුංචි අත්වලට මැදි කරගත්තෙ තාමත් අක්කා ගාව මල්ලිට ආරක්ශාවක් තියෙනවා කියල අගවන්න වගේ..

ගුකී...අප්පට හැමදාම ඕන උනේ අපි , අපි කැමති දේවල් තෝරගන්න එක.. ඉතින් මගේ ගුකී ආට්ස් කරන එකට මගෙ කිසිම අකමැත්තක් නෑ..

ඔහ්..නූනා කොහොමද දන්නෙ මං ආට්ස් තෝරගත්තෙ කියල

මං ඔයා ගැන දන්නෙ නැතුව වෙන කා ගැන දනගන්නද කුක්කො..

ජන්ගුක් මිනාව බදාගත්තෙ හරියට කවුරුහරි අරන් යයි වගේ..ජන්ගුක් කියන්නෙ පොඩි කාලෙ ඉදන්ම ගොඩක් නිහඩ චරිතයක්..ඒ නිහඩ චරිතෙ පොඩ්ඩක් හරි විවෘත උනේ එයාගෙ පවුලෙ අය ඉස්සරහ විතරයි..ඒත් තමන්ගෙ පවුල නිමේශයකින් අහිමි වෙලා යද්දි ජන්ගුක් තවත් නිහඩ උනා..මිනා අම්මා කෙනෙක්ගෙන් වගේම තාත්තා කෙනෙක්ගෙත් වගකීම් තමන්ගෙ කරපිටට අරන් වැඩ කරද්දි ලෝකෙන් විවිධ ගරහිලි කෙල්ලට ආවා.. එක පාරක් බූසාන් වල උන්නු අංක එකේ බිස්නස්මන් කෙනෙක් වුනු තමන්ගෙ යාලුවෙක්ගෙ මිස්ට්‍රස් කියන නරක නමත් කෙල්ලට වැටුනෙ ගුකීගෙ ස්කූල් ෆීස් හොයන්න පාට් ටයිම් වැඩ කරන්න ගිහින්..ඒත් මිනා ඒ හැම දේම දරාගෙන ජීවිතේ ඉස්සරහටම ආවා..

නූනා අපි ආයෙ බුසාන් යනවද?

අනී කුකී..අපි ආයෙ කවදාවත් කොහෙවත් යන්නෙ නෑ..කවුරු කිව්වත් ඒක වෙනස් වෙන්නෙ නෑ..

Am I Wrong ? Where stories live. Discover now