මං හිතන්නෙ මගේ අතින් ෆෝන් එක ඇඳ උඩට විසික් වුනා. මාත් ඔහෙ අපත විදිහට බලාගෙන හිටියෙ මොනා කරන්නද කියලා හිතාගන්න බැරුව..

අඩුමතරමේ එක මැසේජ් එකක් නැත්තම් පරෙවියෙක්ගෙ අතෙ කඩදාසියක එහෙම්මත් නැත්තම් ගින්දරක් ගහලා දුම් පාරක් හරි එවලා කිව්වනම්... අනේ... එයාට කොහොමද දන්නෙ නෑ.. මං ඉතින් පීනලා කොරියාවට යන්නද දැන් ?

මං නැගිටලා ඔහෙ එහාටයි මෙහාටයි ඇවිදින්න ගත්තෙ හරි සිහියක් නැතුව, මොනා කරන්නද කියලා හිතාගන්න බැරුව... ඔච්චර කතාබහ කලාට ෆෝන් නම්බරයක්වත් මොන එකක්වත් නෑනෙ.. සමරවිට මං හිපියෙක් වගේ ඉන්න හින්දා ෆෝන් එකක් නෑ කියලා හිතුවද දන්නෙ නෑ.. ඒත් මං ඇහුවෙත් නෑනේ.....

මං වගේ අධම පාප මිත්‍රයෙක්.....

මගේ දොරේ Bell එක උඩ මොකෙක්හරි ඉඳගෙන වගේ සද්ද වෙන්න ගත්තෙ ඔයවේලාවෙ..

මං හොද කුණුහරුපයක් කියාගෙන දකුණු කකුල පෙරට තියලා ඒ පැත්තට දුවගෙන ගියෙ සමහරක් විට ඒ එයා වෙන්නැති කියලා දශම මාත්‍රයක් විතර මෝඩ විදිහට හිතෙද්දි..

"යෝ යෝ....... " මං දොර අරිද්දිම ජෙනී මගේ ඇඟට කඩාගෙන පැනලා මාව බදාගත්තා.

ජෙනීයි මායි හොදම යාලුවෝ වුනාට අපි හම්බෙන්නෙ සාමාන්‍යෙන් හත් අවුරුද්දකට සැරයක් වගේ.. එයා ලන්ඩන් එහා කොණෙ මං මෙහා කොණෙ... ඉතින් ඒ මදිවට එයාගෙ University එකෙ වැඩත් එක්කයි මං ෆොටෝ එක්ක නැහෙන හින්දයි , අපි මේ ටිකේම හම්බුනේම නැතිතරම්....

ආතක් පාතක් නැතිව ඉද්දි එයා එකපාරටම දර්ශනය වුනාම මට ආවෙ බොක්කෙන්ම ආපු ප්‍රීතියක්...

"මේ ඕයි.. සරන්හේ කිව්වෙ අර කොරියන් රෙස්ටුරන්ට් එකෙ බිත්තර තම්බන අංකල් කාරයා ද ?......"

දෙන්න උත්තරෙ කල්පනා වෙද්දි ම මට මතක් වුනේ යුන්ගිව, මට කතාකරගන්න බැරුව යද්දි මම ඔහෙ හිටියා.

මම කිසිම දෙයක් කිව්වෙ නැතිවුනත් ජෙනී හෙමිහිට ඈත් වෙලා මගේ ඇස් දිහා බලාගෙන ස්කෑන් කරන්න ගත්තා.

"මොකක්ද වුනේ ඔලීවියා.......? "
මම ලාවට හිනාවක් මවාගන්න උත්සහා කලා.

One Night Love At London  ( COMPLETED )Where stories live. Discover now