"ම්...ඇයි ඔහොම බලන් ඉන්නේ"
මෙලී ඇසුත් ලොකු කරගෙන මගෙන් අහනවා ඒකියන්නේ මන් එයා දිහා මෙච්චර වෙලා බලන් ඉදලා....මන් දැනුන ලැජ්ජාවට ඉස්සරහ බලාගත්තා....

:Meli Pov:

මන් ඇස් අරිද්දි එයා මගේ ඇද ලග මගේ කම්මුලක අතක් තියාගෙන...
ඒ උනුහුම විදගෙන ඉන්න ඕන උනත් මන් ඇදෙන් නැගිටලා පිටිපස්සට උනේ ඉස්සෙල්ලා එයා මට ගහපු විදිය මතක් වෙලා....
ඒ ඇස් වල තිබුන හැගීම මට තේරුම් ගන්න පුලුවන් කමක් තිබුනේ නෑ....
ඒත් එයා හැගීම් ගොඩක එකතුවක් තිබ්බ ඇස්වලින් මන් දිහාම බලන් හිටියා....
මන් එයාට ආයෙත් කතා කරද්දී ඔලුවත් දෙපැත්තට වනලා එයා ඉස්සරහ බලාගත්තා.....

"ම්....රිදෙනවද"
එයා ඇහුවේ හරිම හිමීට.....මට රිදෙනවා යුන්ගි ඒත් කම්මුල නෙමේ හදවත....

"දැන් රිදෙන්නේ නෑ...ටේහ්යොන්ශී ගියාද"
මන් හිමීට කියුවත් ඒක කියුව ගමන් යුන්ගි මන් දිහා බැලුවේ ඇස් දෙකත් ලොකු කරගෙන...

"ම්...එන්නකෝ පහලට යමු"
එයා එහෙම කියාගෙන නැගිට්ටම මාත් නැගිට්ටා....
එයා මගේ අතින් අල්ලගෙන ඉස්සරහට ඇවිදගෙන ගියා....
ඒ ගොරෝසු අත මගේ ඇගිලි අතර පැටලිලා තියෙද්දී මට දැනුන හැගීම් විස්තර කරන්න බෑ....
එයා පහලට ඇවිත් මගේ අත අතෑරලා ටේබල් එක උඩ තිබුන බොක්ස් එකක් දුන්නා....
ඒක ටේහ්යොන් ගෙනාපු බොක්ස් එක....

"ඕක ඇරලා බලන්න"
යුන්ගි කලිසම් සාක්කු දෙකට අත්දෙක දාගෙන කියුවේ හරිම සැහැල්ලුවෙන්...මන් මීට කලින් කවදාවත් මෙච්චර සැහැල්ලුවෙන් යුන්ගිව දැකලා නෑ මට පුදුමත් හිතුනා....
මන් එයාට ඔලුව වනලා එක අතක බොක්ස් එක තියාගෙන අනිත් අතෙන් ඒක ඇරලා බැලුවා....
ඒක ලස්සන ගවුමක්....

"ඕක ටේහ්යොන් ගෙනාවේ හෙට පාටි එකට අදින්න ඔයාට"
මන් ඇස් දෙක ලොකු කරන් එයා දිහා බලාගෙන හිටපු නිසාද කොහෙද එයා කියුවා.....
ටේහ්යොන් මට නපුරුකම් කර කර මේවගේ දේවලුත් කරන්නේ මොකද දන්නේ නෑ.....

"ඒත් මොකක්ද යුන්ගියා පාටි එක..කීයටද තියෙන්නේ.."
මට තිබුන කුතුහලෙත් එක්කම මන් ඇහුවේ බොක්ස් එක ටේබල් එක උඩින් තියන ගමන්....

||DEAR_MAFIA||Completed Where stories live. Discover now