Chapter 02

346 80 4
                                    

ජිමින් නම්ජූන් කුමාරයා එක්ක එයාලගේ හොස්ටල් රූම් වලට යද්දී ,

"නම්ජූන් සර්...."

"ඔව් කියන්න මැනේජර්.."

"අද ලමයින්ව හොස්ටල් රූම් වලට බෙදාලා තියනවා මූලික අදියර පහසුකම් යටතේ.."

"හරි බොහොම හොදයි ලමයින්ව ශාලාවට රැස් කරන්න කියන්න මැනේජර්.."

"හරි සර්..."

නම්ජූන් මේ කතා කළේ ඇකඩමියේ ඉන්න හැම ලමයම මෙහෙ නැවතිලා ඉගෙන ගන්න නිසා.. එයාලට විවිධ විභාග (තියරි පැත්තෙන්..) , තරග , මීට අමතරව විවිධ සංදර්ශන ආදිය ඔක්කොම සංවිධානය කරනව ඇකඩමියෙන්.. ඉතිම් ඉහලට ඉහලට යනවා කියන්නේ එයාලගේ පහසුකම් වැඩි වෙන එක ඉබේට.. ඒක හරියට උසස්වීමක් වගේ එයාලට...

"දිගටම ආවේ එකේ ජිමින් මාත් එක්ක කෙලින්ම ශාලාවට යන්.. අනික මං ඔයාගේ නෙගෙට් බලේ ගැනයි , ඔයා ඔමේගා කෙනෙක් කියලයි කාටවත් දැනගන්න තියන්න එපා . හොදද?"

"ඕකේ නම්ජූන් හියුන්ග්..."

නම්ජූන් කුමාරයා කෙලින්ම ශාලාවට ඇතුළු වුන ගමන් එතන ඉදිය හැම කෙනෙක්ම නිශ්ශබ්ද උනා... ජින් කුමාරයා , ඇකඩමි එකේ ගුරුවරු ප්‍රධාන පුටු වල අසුන් ගෙන හිටියා... ළමයින්ට වෙනම භෝජන සංග්‍රහයක් ලෑස්ති කරලා තිබ්බේ...

"හරි ඒනම් හැමෝම සාදරෙන් පිළිගන්නවා ඇකඩමි එකට.. නීතී ඒ ආකාරෙන්ම පිලිපදින්න ඕන.. කඩ වීමක් සිදු උනොත් දඩුවම් විදින්නද ලෑස්ති වෙලා ඉන්න .. හොඳයි දැන් ආහාර ගන්න වෙලාව.. හැමෝටම සුභ සන්ද්‍යාවක්.."

නම්ජූන් කුමාරයා කතාව ඉවර වෙලා ඉදගත්තම ශාලාවේ ලස්සන ඉටිපන්දම් පත්තු වෙලා කෑම මැවෙන්න ගත්තා...තේහියුන්ග් , ජන්ග්කුක් සහ එයාගේ යාලුවො ඔක්කොම කෑම කකා මදිවට කෑම වලින් ගහගෙන තමා කන්නේ.. ජින් නම් බලාගෙන ඉන්නේ මේ කට්ටිය කරන අවලම් වැඩ දිහා.. අයියූ ඔලුවේ අතගහගෙන කෑම එක ඕනවට එපාවට කෑවේ අනිත් අය කනවා විතරක් නෙමෙ කෑම පාවෙනවත් නිසා...

ඒත් එක්කම අයියූගේ ඇහැට අහුවෙන්නෙ හුරතල් පිරිමි ලමයෙක් ඉදගන්න තැනක් හොයනවා.. එයාත් කම්මැලිකමේ ඉදියේ මොකද ජන්ග්කුක්ට නම් ගානක් නෑනේ කන වෙලාවට එයාව..

ωσℓƒ ɓℓσσ∂ αcα∂εɱყ || ᴠᵐⁱⁿ ᴠᵉʳˢⁱᵒⁿ || ᴏⁿᵍᵒⁱⁿᵍッ Место, где живут истории. Откройте их для себя