7

24 11 2
                                    


" ඉතින් ජුජූ ඔයා මොනාද කරන්නේ .. "

" ආහ් .. "

"  මං ඇහුවේ ඔයා මොකක්ද කරන job එක .. "

Park එකේ ඇවිදින ගමන් යූරි කතාවට මුල පිරුවා ..
ජිමින්නුත් ටිකක් කලබල උනා යූරි කතා කරන්න හදන මාතෘකාව ගැන ..

" මම එක එක job කලා බල්ලෝ පුහුණු කරන තැන් වල coffee shop වල resturant වල  "

" ඒ කියන්නේ ඔයා දැන් job එකක් කරන්නෑ එහෙම නේද .. "

" ආහ්හ් .. ආහ් ඔව් .. ඒත් මං job එකක් හොයනවා .. "

" එතකොට ඔයා දැන් කන්නේ බොන්නේ කොහොමද ජුජූ .. "

" යූරි ..?! "

ජිමින් ඉවසලා බැරිම තැන ඇහුවා .. ජිමින් ට තේරුනා යූරි කරන්න හදන දේ .. ඒ තම්න්ගේ යාළුවා ඉතින් කොහොමද එයාට මේ විදිහට රිද්දනවා බලන් ඉන්නේ ..

" හරි ඒකෙන් වැඩක් නෑ .. ඉතින් ජුජූ ඔයාගේ විස්තර කොහොමද .. මොකක්ද එයාගෙ නම ? "

" ආහ් .. කාගෙද ? .. "

" ඔයාගේ boy friend ගේ අනේ .. "

" ඕහ් එයා කෙන් ඒත් දැන් breakup .. "

" ඕහ් .. "

" යූරි ice cream කමුද .. "

ජිමින් ට තවත් මේ විදිහට යූරි ජුජූට කාතා කරනවා බලන්න බැරි උනා ..

" Good idea ජිමී .. "

යුරිව එතනින් යවපු ජිමින් බංකුවකින් වාඩි උනේ ජුජූ ටත් වාඩි වෙන්න අතින් සන් කරමින් ...

" මේ දවස් වල හරි මන්සි ජුජූ .. "

" ඒත් chimmy ඔයා ගෙදරමනේ ඉදියේ .. "

"අනේ මන්ද .. "

ටික වෙලාවක් දෙන්න අතර තිබ්බ නිහඩ බවක් ..

" එයා මට කැමති නෑ වගේ .. "

" ඒ එයාගේ හැටි .. එයත් කෙල්ලෙක්නේ  .. "

" එතකොට දැන් ඔයා කියන්නේ කෙල්ලෝ ඉරිසියාකරයෝ කියලද .. "

" ඇයි නැද්ද .. "

" නෑ තමා .. "

ජිමින්ටත් ගස්සගෙන අහක බලාගත්තු කෙල්ල දැක්කෙ නෑ ජිමින් හොරෙන් හිනා වෙනවා .. එයා දිහාම බලන් ඉන්නවා ..

" බ්භව් බ්බ්ව්ව්ව්.. "

දෙන්නගේ රන්ඩුව නවත්තන්න උනේ එතනට ආපු අමුත්තෙක් නිසා ..

" ඕහ් මේ බලන්නකෝ .. කාගෙද ඔයා ම්ම් .. කෝ එන්න බලන්න ... "

බලු පැටියෙක් තම්න් ඉස්සරහ අත් දෙකත් හරස් කරගෙන අමුතු විදිහට වාඩි වෙලා ඉන්නවා දැකපු ජිමින් එයාව උස්සලා තමන් ලගට ගත්තා

" chimmy .. "

" මොකද ජුජූ .. ඇයි මේ .. මොකක්ද උනේ .. "

එක පාරටම ඇස් පුදුමෙන් ලොකු කරන් වෙවුලන කට හඬකින් ජුජූ කතා කලාම ජිමින් පුදුම උනා ..

මෙච්චර වෙලා තම්න් එක්ක පිස්සු නටපු කෙල්ල මොකද මේ බය වෙලා ..

" අපි doctor කෙනෙක්ව හම්බ වෙන්න යමු .. "

" ඇයි ඔයට මොකක් හරි ප්‍රශ්නයක් ද .. මොකක්ද උනේ ජුජූ .. ඇයි මේ .. "

" නෑ chimmy මට නෙමේ .. ඔයා දැන්ම doctor කෙනෙක්ව හම්බෙන්න ඕනි .. "

" ඒ මොකටද ඒ .. මං මේ හොදට ඉන්නේ ... "

" please මම කියන දේ අහන්න .. "

" ආ මෙන්න .. ජිමී මොනාද ජුජූ කියන්නේ .. "

" ආහ් නෑ මේ යූරි මගේ ඇගට ටිකක් හරි නෑ අපි Hospital එකට යමුද .. "

කොහොමින් කොහොම හරි ජිමින් hospital එකට ගියා ..

ජුජූගේ බලකිරීම මත body scan එකක් කරන්න උනා එකපාරට ජුජූට මොකක්ද උනේ කියල ජිමින් ට හිතා ගන්න බැරි උනා ..

Text එකේ result එක දින දෙක තුනකින් දෙන බව දන්වලා ජිමින් ව ගෙදර එව්ව නිසා තුන්දෙනාම රෑ කෑමත් එළියෙන් අරන් apartment එකට  ගියා ....

" ජුජූ එක පාරටම ඇයි hospital යමු කිව්වේ .. "

ජුජූ දුන්න coffee එකත් අතට ගන්න ගමන් ජිමින් ඇහුවෙන් දැන්වත් මේ කෙල්ල තම්න්ගේ ප්‍රශෙට උත්තර දෙයි කියන බලාපොරොත්තුවෙන් ..

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
Please vote comment and share
Thank you blueberry
💙💙💙
Love you so much

 Destiny is you[ Short ]  Completed Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ