Auther note 🙂

178 41 25
                                    


හායූ බබාලා.!!!!

ඔන්න ඔයාලගේ ඕතරි පොඩ්ඩක් කතාකරන්න හදන්නේ...

මේ කතාව ඇතුලත ගොඩක් දේවල් ඔයාලට දැනෙන්න විදියට දෙන්න හිතුවේ මන්. ඉතිම් ඒක සාර්ථකයිද කියන එකනම් මන් දන්නේ නෑ. සමහරක් වෙලාවට පොඩි පොඩි ගොන් වැඩ එහෙමත් මන් මේ කතාවට එකතු කරලා ඇති. ( එව්වා ඉතිම් දන්නැද්ද නේ හී )

සහෝදර කම ගැන ගත්තොත් හේයූ සහ ජංගුක් අතර නිතරම වගේ රන්ඩු සරුවල් තිබ්බා. ඒව්වට රන්ඩු කියන්නත් බෑ මොකද එයාලා එහෙමටම රන්ඩුවෙලා නැති නිසා. ඒ මොනා උනත් ඒ දෙන්නා නොකියපු හැමදාම හිතේ රදවගෙන හිටපු ආදරයක් තිබුනා දෙන්නම ගාව. හේයූ තමන්ගේ අයියත් එක්ක නිතර නිතර පැටලුනේ තරහකටවත් , ගහගන්නවත් වගේ දේවල් වලට නෙවේ. එයා ඒ දේවල් ඇතුලින් බලාපොරොත්තු උනේ ආදරයක් සෙනෙහසක්.
ජංගුක් කොයිතරම් හේයූට ආදරෙයිද කියන එක එයා කියන වචනයක් ගානේ තේරුම්ගන්න හේයූට පුලුවන් උනා. ඔයාලා හිතුවේ ජංගුක්කුයි හේයූයි අතර ඒ තරම් බැදීමක් නෑ කියලද ? එහෙම නැත්තම් එයාලා හැමවෙලේම කෑගහගත්ත නිසා එයාලා වෛරයක්කාරයෝවත් කියලද ?

නෑ මේ ලෝකේ ගොඩක් දෙනෙක් ඉන්නවා එහෙම වගේ අය. තමන් වෙන කෙනෙක්ට බැන්නත් ඒ කෙනා එක්ක රන්ඩු උනත් ඒ හැමදේම කරන්නේ තමන්ගේ හිතේ එයා ගැන තියෙන ආදරේ නිසා. ඒ ආදරේ හැමදාම හිතේ හිරකරගෙන ඉන්නවා මිසක් කවදාවත් පිටතට පෙන්නන්න යන්නේ නෑ. හේයූගේ හිත ගලක් වගේ ශක්තිමත් කිව්වොත් හරි ඒ නිසා...
ඒවගේම හානා සහ ටේත් එහෙම්මමයි. ටේ තමන්ගේ පනටත් වැඩිය හානට ආදරේ කලේ. අද කාලේ හැටියටනම් මේ වගේ ආදරයක් තමන්ගෙම සහෝදර සහෝදරියන්ගෙන් ලැබුනම ගොඩක් අය ඒක වැරදි විදියට හිතාගන්නේ.

කතාවෙන් තව තව දේවල් කියවුනා. ඒත් මන් ඒවා කියන්න යන්නේ නෑ. ජංගුක් සහ හානගේ නොදන්නා මිතුදමක් නිසා එහි අවසානේ ලියවුනේ ඔවුන් ආදරය කරන තත්වෙට පත්වෙමිනුයි.

ඇත්තටම සුට්ටක් විතර දුකයි මට. මොකද මන් ආසාවෙන් ලියපු මගේ පලවෙනිම ff එක මේක නිසා. ඇත්තටම මන් හිතුවේ නෑ කීයටවත් අඩුම මෙහෙමවත් වෝට් හම්බවෙයි කියලා. සෝ මට ගොඩාක් සතුටුයි.

මාත් එක්ක මේ කතාවත් එක්ක මේ තරම් දුර එනකම් හිටපු හැමෝටම කුමාවෝ. ඒවගේම කතාව කියවලා වෝට් කරපු හැමෝටමත් කතාව කියවලා වෝට් නොකරපු අයටත් කුමාවෝ.

මේ වට්පෑඩ් එක ඇතුලෙන් මට යාලුවෝ ගොඩක් හම්බුනා. ඇත්තටම මාත් ආසයි ඔයාලා එක්ක කතාකරන්න ඔයාලව අදුනගන්න. ඉතිම් මාත් එක්ක කතාකරන්න ඕනි උනොත් අනිවාර්යයෙන්ම ඉන්බොක්ස් ඇවිත් හරි මා එක්ක කතාකරන්න පුලුවන්. ඒකේ කිසි ගැටලුවක් නෑ. අනික ඔයාලා මගෙන් උදව්වක් ඉල්ලුවත් මන් නොදී ඉන්නේ නෑ. ඕනම වෙලාවක ඔයාලට ඉන්බොක්ස් විවෘතයි ලමයි.

අදනම් ඉතිම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද අන්තිමට හැම ඕතර් කෙනෙක්ටම කතාවක් අවසානයේ ඉතුරු වෙන්නේ ඔයාලගේ කමෙන්ට් එක විතරයිනේ.

ඕකේ එහෙනම් මට යන්ඩ අවසරයි ලමයි. තව අලුත් කතාවකින් ඉදිරියට හම්බවෙමුකෝ.

අපි කවදාහරි මූනට මූන හම්බවෙයි අන්න එදාට අපි කතාකරමුකෝ.☺️🙂 බලාපොරොත්තු දල්වගෙන ඉමු ඉතිම්. ඒ වගේම ඔයාලගේ හැම බලාපොරොත්තුවක්ම ඔයාලා හිතන් ඉන්න විදියටම ඉටුවේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා. හොදට ඉගෙනගන්න ලමයි. අපේ හීනවලට යන්න අපිට පුලුවන්. ඒ වෙනුවෙන් කැපවීමයි අවශ්‍ය . අධිෂ්ඨානයක් තියාගන්න තමන්ට ඒ දේ කෝම හරි කරන්න පුලුවන් කියලා.

බායි. ( ඒත් ජුකාආආආආආආආයී 😭😭 ) මගේ එක්සැම් ඉවර උනාම ආයේ හමුවෙමු. ( ඔය කිව්වට මට අතක් පයක් තියන් ඉන්න බැරුව ඇවිත් කතාවක ඉන්ට්‍රෝ එකක් හරි දීලා යයි. හිකිස් 😁)

මේ කතාව ලියන්න මන් මගේ යාලුවන්ගේ චරිත ලක්ෂණ එහෙමත් ගත්තා. හුම් ( 😈😈 )

ඇත්තම කිව්වොත් මට තව එපියක් දෙන්න තියෙනවා කියලවත් මතක තිබුනේ නැහැ. මන් හිතුවේ කතාව මන් ඉවර කලා කියලා. බැලින්නම් මන් දීලා නෑ දෙනවා කිව්වට. හිකිස්. සොරි වෙන්ඩ ඕනා ඉතිම්. මට මතක් කරේ නැත්තම් මන් ඒක දෙම්නෙත් නෑ.

Stay safe
Saranghae 💜️💜️💜️💜️

 ꧁Ʋиκиσωи Ғяιɛи∂ƨнιρ ꧂ cσmplєtєd ✔️ Where stories live. Discover now