🔞 𝐺𝑒𝑡 𝑤𝑒𝑙𝑙 𝑠𝑜𝑜𝑛 ℎ𝑦𝑢𝑛𝑔

Start from the beginning
                                    

මං හ්‍යොන්ග්ගෙ thighs යටින් අත් යවලා උස්සගත්තෙ එයා කකුල් මගෙ ඉන වටේ ඔතාගනිද්දි.. මං එහෙම්ම හ්‍යොන්වත් වඩාගෙන tub එකට hot water පිරෙනකන් හිටියා.. ටිකකින් හ්‍යොන්ව tub එකෙන් තියලා මාත් tub එකට බැස්සා.. හ්‍යොන්ග් මලානික ඇස් වලින් යන්තමින් හිනාවෙනගමන් මට එයාගෙ ඇග උඩට එන්න කියලා ඉගි කරා.. මේ වෙලාවෙ මාව දරාගන්න තරම් ශක්තියක් හ්‍යොන්ග්ට නැහැ කියලා හිතුන නිසා මං හ්‍යොන්ග්ව මගෙ ඇග උඩට අරගත්තා.. හ්‍යොන්ග් මගෙ පපුවයි උරහිසයි අතර ඔලුව තියාගෙන ඇස් පියාගත්තා..

" hot water සනීපයි... මට මෙතන මෙහෙම ඔයාගෙ තුරුලෙ නිදාගන්න ඕන ජන්ග්කුක්... "

" අපි ඉක්මනින් වොෂ් කරලා දොයියගමු මැණික... "

මං කිව්වෙ හ්‍යොන්ගෙ ඔලුව කිස් කරන ගමන්.. තවත් වෙලා වතුරෙ ඉන්න හොද නැති නිසා මං ඉක්මනට හ්‍යොන්ග්ව වොෂ් කරලා ඇදුම් අන්දවලා bed එකෙන් හානේ කරා... bed එක ලගට chair එකක් ඇදලා අරගෙන මං එයාගෙ මූණට එබුනා.. වෙන වෙලාවක නම් මං හ්‍යොන්ගෙ මූණට එබෙද්දි එයා මාව ඇදලා අරන් kiss කරනවා.. ඒත් හ්‍යොන්ග් අද අමාරුවෙන් ඇස් ඇරගෙන මං දිහා බලන් ඉන්නවා...

" බඩගිනී නේද..අපි චුට්ටක් කාලා ඉමු හ්‍යොන්ග්.. "

" බෑ... "

" බෑ කියන්න එපා බෙහෙත් බොන්න ඕනිනේ... "

" මට කන්න බෑ ජන්ග්කුක්...ප්ලීස්... කියනදේ අහන්න... "

" සුප් එකක්.. සුප් චුට්ටක් බොමු... "

" මොකුත් බෑ... "

" එහෙනම් මොනවද ඕන.. "

" ඔයාව... "

" ඇගට පණ නැති වුණාට කට නම් තියෙනවා... "

හ්‍යොන්ග් කට කොනකින් හිනාවුනා.. මං හ්‍යොන්ගෙ ඩුවට් එක අයින් කරලා පිජාමා පෑන්ට් එකේ කකුල් උඩට නමලා කකුල් මසාජ් කරන්න ගත්තා..

" ම්ම්හ්... "

සැරින්සැරේ පුංචි කෙදිරිලි පිටවෙනවා.. අද නටලා නටලාම ඇග රිදෙනවා ඇති තවත්..
මට පුදුම වේදනාවක් දැනුනා..අසනීපයක් වුනාම වත් ඇයි අපිට විවේකයක් ගන්න බැරි.. ඇයි අපිට එහෙම ජීවිතයක් නැත්තෙ..

ϴΝᎬ ՏᎻϴͲ [ͲᎪᎬᏦϴϴᏦ] Where stories live. Discover now