|. Chapter - 05 .|

134 40 0
                                    

එයා නිදි...

හා පැටියෙක් වගේ නිදාගෙන ඉන්නකොට ගොඩක් අහිංසකයි. ඒත්..

ඒ ටීක් ටීක් සද්දයට මම වෛර කරනවා.

ඔයා ජීවත් වෙන්න ඕන..

මීට වඩා ලස්සනට. ඉතින්..

මම ඒ වෙනුවෙන් පුළුවන් හැමදෙයක්ම කරන්නම්..

මම ජැකීගෙන් ඉල්ලුව අන්තිම කැමැත්ත උනේ මේක..

මට පුළුවන් ද බං කුකීව බලලා එන්න. මැරෙන්න මොහොතකට කලින් හරි එයා ළගට වෙලා ඉන්න!

මම එයාට කතා කළා...

___________________

මම ආස කළා වගේම දිය ඇල්ලක් ළග ගෙදරක්.. එතන ගොඩක් ලස්සනයි.

මම වටපිට බැලුවේ කොහෙද ඉන්නේ කියලා දැනගන්න.

ඒත් මම දැක්කේ මගේ හියුන්ව..

"ජීනි හියුන්!"

එයා හිටියා මං දිහා බලන්. හිනා උනා..

මම දුවගෙන ගිහින් එයාව බදා ගත්තෙ එයා මාව දාලා යයි කියලා බයෙන්..

"යා...හියුන්.. කොහෙද ඔයා ගියේ ඔයාගේ කුකීව දාලා ආහ්.. පිස්සු ද? හැමෝම කිව්වා ඔයා ටේටේ හියුන්ව මැරුවා කියලා.. අනී. ඒක බොරුවක් නේද හියුන්.. කියන්නකෝ.. ඔයා මාව ආයේ දාලා යන්නේ නෑ නේද?"

ජින් හියුන් මාව ආපහු බදාගෙන එතන තිබ්බ බංකුවක් උඩ වාඩි කෙරෙව්වා...

මම ඉක්මනට ඒ උකුළේ ඔළුව තියාගත්තේ එයා මගේ ඔළුව අතගානකම්..

අදත් ඒ ස්පර්ශයට මගේ ඇස් පියවිලා සැනසීමක් දැනුනා..

"කුකී.. "

"හ්ම්.."

"මට පොරොන්දුවක් වෙන්න!" හියුන් මගෙන් කවදාවත් මොකුත් ඉල්ලලා නෑ. ඒත් ඇයි මේ එකපාරටම?

"මොකක්ද හියුන්!"

"ඇත්ත දැනගත්ත දවසට ඔයා මටවත් , ඔයාටවත් වෛර කරගන්නෙ නැතුව හොද ළමයෙක් වෙනවා කියලා!"

හියුන් මොනාද කියන්නේ? ඇත්තටම මොකක්ද හියුන් හංගන ඇත්ත..

"හියුන්-"

"අනී.. අද කතා කරන්නේ මම.. කුකී..  මේ ලෝකේ හැමෝම ආදරේ කියන්නේ තමන්ට අයිති කරගන්න උත්සාහ කරන අය. හැබැයි ඔයා දන්නවද.. ඔයා වෙනුවෙන් එක හිතක් හැමදාම බලන් හිටියා.

එයා ඔයාට ආදරේ කළා. තවමත් කරනවා! ඒ කෙනා ඔයා වෙනුවෙන් එයාගේ ජීවිතේ ලස්සන කාලේ පවා කැපකරනවා"

"එයාට පිස්සුද හියුන්?"

"ආයිශ්.. නෑ මගේ මෝඩ කුක්කෝ.. ඒක තමයි ආදරය!  අපිට අයිති නැත්තම් අපි ආදරය කරන කෙනාගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට කැපකරනවානම්.. ඒක තමයි ආදරය කියන්නේ..

තේරුනාද?"

"හ්ම්.. ඒත් එයා කරන ඒ කැපකිරීම වැඩක් නැත්තම්" මම එහෙම අහනකොට හියුන් නැමිලා මගේ නළලට හාදුවක් දීලා ආපහු කතා කළා

"නෑ... සමහර වෙලාවට ගන්න සමහර තීරණ නිසා.. ගොඩක් දේවල් වෙනස් වෙනවා.. ඉතින් ඒ කැපකිරීම් නිසා තවත් ඒ හිත පසු තැවෙන්නේ නෑ"

හියුන් හරියට මාව දාලා සදහටම යන්න යනවා වගේ තව මොන මොනවාදෝ කියෙව්වා.

මම ආසාවෙන් අහන් හිටියේ බෝරින් කිව්වා නම් ගුටි කන්න වෙන නිසා..

මම හිනා උනා.

ඇඩුවා...

හියුන් එක්ක සතුටින් ඒ මොහොත වින්දා..

ඒත් අහස කළු උනේ මගේ ජීවිතෙත් කළු වෙනවා කියලා පෙන්වන්න..

හියුන් මගේ ළගින් ඈත් උනා..

"හියුන්?"

"මට යන්න වෙනවා කූ.. ඒවගේම මට පොරොන්දු වෙන්න.. මොන දේ උනත් සතුටින් ඉන්නවා කියලා!" හියුන් ඈතට යනවා..

ටිකෙන් ටික

මාව දාලා යනවා..

එපා..

මාව දාලා යන්න එපා...

මමත් එන්නම්

ඔහොම ඉන්න!

මම ඇස් ඇරියා!

මම හිටියේ ඇදක. කැනියුලා එක නිසා අත හොල්ලන්න වත් මට බැරි උනා..

හරියට දිගු නින්දක ඉදලා ඇහැරුණා වගේ..

__________________

"ජිනා.. අපි යමු!" මම ඒ අත් අල්ලගත්තා. අත්හරින්න ලෝබයි

මගේ පොඩි එකා.. ආයේ කවද්ද මට ජින් හියුන් කියන්නේ?

ඔයා සනීප වෙයි කුක්..

මම කුකීගේ නළලට හාදුවක් දීලා යන්න හැරුණා...

මට සමාවෙන්න..
ඔයා වෙනුවෙන් මම යන්නම යනවා!

මම ජැකීට හිනාවෙලා එතනින් ආවේ සැනසිල්ලක් හිතේ දරාගෙන...

දැන් මට සැනසීමෙන් ඇස් පියාගන්න පුළුවන්!!




__ජින්__

FOR HIM___ 🌙 ( Jin × Kook ) | Completed |Where stories live. Discover now