කෝමත ටිකිරි මොලේ...?

715 159 31
                                    

මම චෙක් සියල්ල අත්සන් කිරීම අවසන් කිරීමෙන් පසු සැප පහසු විශාල කැරකෙන පුටුවේ දිග ඇඳී හිරි ඇරගත්තෙමි. කලන ඔහුගේ මේසයේ වාඩිවී බරටම යමක් ලියයි. කාර්යාලය කාමරයම නිහඬය.

මම මහා දාරාණිපාත ඈනුමක් ඇරියෙමි. පෙරදා රැයේ හරි හැටි නින්දක් නොලැබීම නිසා මට හොදටෝම නිදිමතය.

හපෝ ඊයෙ රෑ! මට නං එය ලෝක යුද්ධයම විය!

නිදිමත නැතැයි නිවේදනය කල සදරු තමා ඉතාම ඉහල රසිකත්වයකින් හා ඒ හා සමාන වූ භක්තියකින්ද අගය කරන 'ඩ්‍රැකියුලාගේ උපත' නමැති කතාව රෑ කලුවරේ අපිට කියන්නට විය. මම ඒ කතාව ඉහේ කෙස් ගාණට අසා ඇත්තෙමි. නමුත් පෙර කල පාපයක් පඩිසන් දෙන්නාක් මෙන්, වෙනදාට මා සමග එකතු වී සදරුව කෙසේ හෝ නැවැත්වීමට වෑයම් කරන විහගද මෙදා පාර නිහඬවම සදරුගේ මහා භයානක යැයි ඔහු හිතා හිටියත් කොහෙත්ම එසේ නොවන කතාව අසා සිටින්නට විය. අවසානයේ විහගට තම ටෙඩිබෙයා මහත්මයා මතම නින්ද ගොස්‍ ය. ඉන් පසු සදරු ඉතාම උද්‍යෝගයෙන් ඇරඹුවේ මට රොක් සංගීතය පිලිබද මහා දේශනයක් ලබා දීමටයි. රොක් සංගීතයේ ආරම්භය සිට මේ දක්වා විකාශනය ගැන මට මේ වන විට ඉතාම හොද මට්ටමේ දැනුමක් ඇතැයි මම තරයේ විශ්වාස කරමි. කෙසේ හෝ කතාව මැදදී ඔහුද නින්දට වැටුනි. දෙදෙනාවම පොරොවනයකින් වැසූ මම නිහඩවම කාමරයෙන් පිටවී මගේ ආදරණීය සිරි යහන වෙත ගියෙමි. නමුත් පෙරදා උදයේ සිදුවීම මා අවදියෙන් තැබුවේය.

මා සිතා සිටියේ කලන මා සමග උරණව ඇත කියායි. නමුත් අද උදේ මගේ සියලු ප්‍රහර්ශයට හේතු වෙමින් ඔහු මා පිලිගැනීමට දොරටුව අසල වී සිට්‍ යේය. මදක් රත් පැහැ ගැන්වුනු මුහුනකින් උවද ඔහු මා උණුසුම් ලෙස පිලිගත්තේය.

දැං ඔහු තම මේසයේ තනිවම වැඩ කරයි.

"කලන" මම නිහැඩියාව බිදිමින් ඔහු ඇමතීමි.

"ම්ම්..??" වහා තම හිස ඔසොවා මා දෙස බැලූ ඔහු මිමිනුවේය.

"මොකද කරන්නේ?" මම ඇසුවේ පඬියා මෙන් ඔහු ඇමතුවද කුමක් අසන්නදැයි සිතා ගැනීමට නොහැකි වූ නිසාවෙනි.

"අම්... මේ ඇමරිකන් ප්ලාන්ට් එකෙන් ඕර්ගනයිස් කරන කොන්ෆරන්ස් එකකට ටයිම් ටේබල් එකක් හදනවා" ඔහු සිනාහවක් සමගින් කීය.

"අපි යාලුවෝ" -කියලා හිතාගෙන ඉන්නවාWhere stories live. Discover now