පැතිරගිය 'පදය'

633 142 42
                                    

"ආහ් සංදීප්.. අපි මේ ගෙදර එනකං බලං හිටියේ" මම නිවසට අඩියක් තැබුවා පමනි, සාලයෙන් ඇසුනේ විහගගේ කටහඩයි. වෙනදාට මං ගෙදර එන විට ඔවුන් දෙදෙනා ඔවුනොවුන්ගේ කාමර වලට වී තමංගේ දෙයක් බලාගෙන සිටී. නමුත් අද මා ගෙට ගොඩවූ විට දක්නට ලැබුනේ තම තමංගේ දේවල් පිලිබද කැමැත්ත අත්හැර තිබූ විහග සහ සදරු දෙදෙනාම සාලයට වී මා එන තෙක් බලා සිටින දර්ශනයයි.

"ඒපාර මොකෝ" මං මදක් පුදුමයෙන් මෙන් ඇසුවේ සාලයට ගොස් විශාල සෝපාවේ පතබෑවීමෙන් අනතුරුවය.

"මේ, අපි ඉතිං ඕවා විශ්වාස කරන්නවා කියල එහෙම නෙමේ.. ඒත් ඉතිං ඇත්ත දැනගන්න එක කොයිකටත් හොදා නේ" සදරු කීවේ මේ දැං නකුට වනා අශ්ඨාංග නමස්කාරය කර පිලිගැනීමේ ගීය කියා මා පිලිගත් පසු යලි සදරු ගාවට ගිය ඇපලෝව ඔහුගේ ඔඩොක්කුවට ගනිමිනි.

මෙයත් සදරුගේ තවත් එක් බූත විද්‍යා ඇදහීම සම්බන්ධ ගැටලුවක්ද යන්න ගැන මට සැක හිතුනද මං මොකුත් නොකියා ඔවුන්ම ඒ ගැන කියන තෙක් බලා සිටියෙමි.

"මේ.... ඇත්තද අර ඔෆිස් එකේ කට්ටිය කියන්නේ ඔයයි අර සෙකට්‍රි කොලුවයි ලිෆ්ට් එකේ කිස් කර කර ඉන්නව දැක්කයි කියලා" විහග ලැජ්ජාවෙන් මෙන් කියා දැමීය.

එක මොහොතකට මගෙ හදවත නැවතුනි.

"මොකා....ක්!" විලාපයක් මෙන් මගේ කටෙන් පිටවූ වචනයට ඇපලෝ පවා ගැස්සී ගියේය.

"හරි හරි කෑ ගහන්න එපා... ඇත්තද කියලා විතරක් කියාන්කෝ" සදරු කීවේ කට කොනකට නංගාගත් සිනහවක්ද සමගිනි.

"මොන හෙන ගැහිච්චි කතාවක්ද බං ඒ! අඩෝ දෙයියං පල්ලා මං එයාව කිස් කරේ නෑ බං!" ඉද්ද ගැහුවාක් මෙන් පුටුවේ කෙලින් වී වාඩිවී මම කීය.

"ඔෆිස් එකේ හැමෝම කතාවෙනවා මචං. අපි උබව හම්බෙන එන්න හිටියේ බෝඩ් මීටිං එකෙන් පස්සේ. එතකොට ආරංචි උනා කවුද ක්ලයන්ට් කෙනෙක් එක්ක මීටිං එකක් කියලා" විහග කීවේ මා ගැන අනුකම්පාවෙන් මෙනි.

"ඒ... කලන පවු ඕයි! එයා හැබැයි ඒ වෙලාවෙත් කිඋවා අර ගෑනි ඕක ඔෆිස් එක පුරා පතුරයි කියලා" මම ඔලුවේ අත ගසාගෙන කීවෙමි. දෙදෙනා අතරේ බැල්මක් හුවමාරු කරගත් විහග සහ සදරු ඉන් පසු මහ කැත හිනාවක්ද සමග මා දෙස බැලීය.

"අපි යාලුවෝ" -කියලා හිතාගෙන ඉන්නවාWo Geschichten leben. Entdecke jetzt