තේ කෝපි

Start from the beginning
                                    

"මේ... එක්ස්කියුස් මී සර්.... සර් ට බොන්න තේ එකක් හදන්න කියන්නද?" ඔහු අවසානයේ ඇසුවේ නිහැඩියාව බිදිමිනි.

"ආහ්, ඔයා උදේට කාලා එහෙමද ඉන්නේ?" මම ඇසුවේ ඔහු බඩගින්නේ නම් මම මෙතන වී තේ උලාබොන එක නුසුදුසු යැයි හැගුනු හෙයිනි.

"ඔ-ඔවු සර්.... මගදි පොඩි දෙයක් කෑව" ඔහු ලැජ්ජාශීලීව කිවේය.

"ආ... ඒ මොකෝ පොඩි දෙයක්! ඇයි අම්මා උයන එවා රස නෑ...?" සිනහවක්ද සමග මා ඇසුවේ වෙන අසන්නට දෙයක් නොතිබූ නිසාය... එයා ඇසුවේ අපරාදේ යැයි කියා මට සිතුනි, මක් නිසාද යත් ඊලග මොහොතේ ඔහුගේ දෑස් දුකින් බරව පහලට යොමු උනි.

"මේ... අම්මා.... එයාල ගමේනේ... මම කොලඹ ආවා" ඔහු කියා දැම්මේය.

"කොහෙද ගම් පලාත?" මම ඇසුවේ ඇවිස්සුනු කුතුහලයෙනි.

"නුවරඑළිය" හේ ලැජ්ජාවෙන් කීය.

"ආ.... හරි ලස්සන ගමක් නේ... නුවරඑළිය ටවුන් එකේමද ගෙවල්?" මේසය මත දෑත් තැබූ මම මගේ අවදානය පෙන්වීමට මදක් ඉදිරියට නැමුනි.

"ඔ-ඔවු සර්... ග්‍රෙගරි ලේක් එක හරියේ" ඔහු කීවේ හදිසියේවත් මට එහි කඩාපාත්වීමට හිතක් ඇත්දැයි සැකයෙන් මෙනි.

"ආ.... එච්චර ලස්සන ගම අතෑරලා මොකෝ ඉතිං කොළඹ ආවේ?" මම ඇසුවෙමි.

"අම්.... කොළඹ එන්න තමා පොඩි කාලෙ ඉදන්ම ආසාව තිබ්බේ.... තව ඉතිං... පොඩි පොඩි ප්‍රශ්නත් ආව... මං ගෙදරින් ආව" ඔහු සිනාවකින් මුව සරසාගැනීමට වෑයම් කරමින් කීය.

"මෙහෙ ඉන්නේ තනියමද?" මම මදක් පුදුමයෙන් මෙන් ඇසුවෙමි. මෙතරම් ලැජ්ජාශීලී තරුණයෙකු කොළඹ වැනි තදබද නගරයක කෙසේ නම් තනිව ඉහ ගහගෙන සිටින්නේදැයි මට සිත්විය.

"ඔවු සර්... ලග ගෙදරක බෝඩ් වෙලා ඉන්නේ"

"ආ.... කොළඹ ලගම නිසා බෝඩිං ගාස්තු සැර ඇති මගෙ හිතේ...."

"අම්... ඔවු සර්... ටිකක් සැරයි" ගැහැනු ලමයෙකු මෙන් කිංකිණි සිනාවක් පෑ හෙතෙම බිම බලාගත්තේය.

"පවුලේ ඔයා විතරද?" අනේ අම්මපා මට පාංද? අනුංගේ රෙද්දවල් අදින්නේ චීත්තයක් වගේ? නමුත් කුතුහලයෙන් මඩිනු ලැබූ කල චීත්තයක් උවද කම් නැතැයි සිතේ.

"අපි යාලුවෝ" -කියලා හිතාගෙන ඉන්නවාWhere stories live. Discover now