🖤🖤HI MR MIN 🖤🖤12

Start from the beginning
                                    

රෑ දොලහ පහු වෙලත් ආතර්ට ගෙදර යන්න ගානක් නැති වුනත් ඉවසීමෙන් බලාගෙන හිටපු කොල්ලෝ දෙන්නට තේරුනා ආතර් ඉන්නේ කෙලින් ඉන්න බැරි තරම් වෙරි මතින් කියලා,  තවත් පැය භාගෙකට වැඩි කාලයක් අඩ නිරුවතින් රගන රෑ මනමලියන්ට සල්ලි විසි කරපු ආතර් යන්න නැගිට්ටා. 

එහාමෙහා වැනෙන ආතර් ව වත්තන් කරගත්ත ගාඩ්ලා දෙන්නා එලියට එද්දි මූනෙන් මූන බලලා තේහයුන් ජිමින් දෙන්නාත් කාටත් සැක නොහිතෙන්න ක්ලබ් එකෙන් එලියට ආවා .  ආතර් ව වාහනේට දාගෙන ගාඩ්ලත් එක්කම ආතර් ගේ වාහන දෙක පිට වෙන කොට තේහයුන් ජිමින් දෙන්නාත් ඒ පිටිපස්සෙන් ආවේ දුර සීමාව තියාගෙන.

____________________________

නිවීව වාහනේ ඇතුලේ තියලා උස තාප්පෙන් ආතර් ගේ මැන්ෂන් එකේ පිටිපස්සේ ගාඩ්න් එකෙන් ඇතුලට පැන්න කොල්ලෝ හතර දෙනා අදුරේ ම දඩයම් කරන්න පටන් ගත්තා.  කිසිම සද්දයක් ඇහෙන්නෙ නැතිවෙන්න මැන්ෂන් එක ඇතුලේ වගේම පිටත් හිටපු ගාඩ්ස්ලා තිස් දෙනාවම ඉවර කරපු හතර දෙනා පන සුන් සිරුරු ටික ගේ ඇතුලේ ම තිබුන කාමරේකට දාලා වහලා,  අදුරු හෙවනැලි අතරේ අතුරුදහන් වුනේ නිවීගේ සංඥාව ලැබුන නිසා. 

ආතර් එක්ක ගාඩ්ස්ලා ආපු වාහන දෙක මැන්ෂන් එකට ඇතුල් වෙනවත් එක්කම අදුරු ගේට්ටුව ලග හිටපු ජන්කුක් ගේට්ටුව ලොක් කරද්දි මොකුත් නොදන්න ආතර් ඇතුලු පිරිස කටමැත දොඩවන ගමන් මාරයාගේ කටට ඇතුල් වුනා.
ආතර් ව අල්ලගෙන හිටපු ගාඩ්ස්ලා දෙන්නා ඇරෙන්න පිටිපස්සෙන් ආපු ගාඩ්ස්ලා එකිනෙකා අතුරුදහන් වුනා,  අන්තිමට නිදන කාමරේ දොර ලගදි ආතර් බිම වැටුනේ  වාරු වෙලා ආපු ගාඩ්ස්ලා දෙන්නා ආගිය අතක් නැති වෙද්දි.

ඒ ක්ෂනයකින් ආතර් ව ඇදලා ගත්තේ නම්ජූන් එක්ක ජන්කුක්,  යුන්ගි ගේ ඇතුලේ විනාඩි ගානකට පරක්කු වෙද්දි ආතර් ව ගත්ත කොල්ලෝ තුන් දෙනා ගේට් එක ලගම නවත්තලා තිබුන තේහයුන් ලා ආපු වාහනේට ආතර්ව දාගෙන එතනින් යන්න යද්දී ,තවත් විනාඩි කීපයකට පස්සේ ආතර්ගේ මැන්ෂන් එක පිටිපස්සෙ අදුරු වංගුවේ තිබුන ජීප් එකේ driving සීට් එකට නැග්ගේ යුන්ගි. 

කලුවර වාහනේ ඇතුලේ කිසිම සද්දයක් නැති වෙනකොට තමන්ට වෙලාව කොච්චර වටිනවද කියන එක යුන්ගි ට එක මොහොතකට අමතක වුනා, කලුවරේ  කලබලෙන් ම driving  සීට් එකේ ඉදලා පිටිපස්සට පැනපු යුන්ගි ගේ අත වැදුනේ සීට් එකේ හරහට වැටිලා හිටපු නිවී ගේ ඇගේ,  එක සැරේටම හැමදේම අමතක වුන යුන්ගි නිවී කියලා කෑ ගහද්දී,

🖤🖤Hi Mr Min🖤🖤 ||Min Yoongi || [Completed]Where stories live. Discover now