🖤🖤HI MR MIN 🖤🖤 08

1.1K 313 31
                                    

එහෙමම ඇද උඩට වෙලා යුන්ගි යන දිහා බලාගෙන හිටපු නිවී  උරහිස් ගස්සලා වොෂ් රූම් එකට ගියා.  ඉක්මනින්  වොෂ් එකක් අරගෙන නිවී කිචන් එකට එනකොටත් යොන්වා කෑම හදලා කිචන් එකේම සයිඩ් එකේ තිබුන පොඩි dinning table එකට arrange කරන ගමන් හිටියේ.

යුන්ගිගේ ඕවර් සයිස් ටීෂර්ට් එකක් එක්ක ෂෝට් එකක් ඇදගෙන හිටපු යොන්වා ව දැක්කම නිවීගේ හිතට නන්නාඳුනන වේදනාවක් දැනුනත්,  යුන්ගි ගැන තමන්ගේ හිතේ තියෙන කැමැත්තට යොන්වා ගේ වරදක් නෑ කියලා හිතුන නිසාම නිවී වෙනසක් නැතුව හිනා වෙලා යොන්වාට හායි කිව්වත්, යොන්වා ගෙන් නිවීට ලැබුනේ කෙටි හිනාවක් විතරයි.

වෙනදා පුරුද්දට නිවී හැමෝටම කොෆි හදන්න ලෑස්ති වුනත් යොන්වා හැමෝටම හොට් චොක්ලට් හදලා නිසා නිවි තමන්ට විතරක් කොෆී එකක් හදන්න පටන් ගත්තා. කෙට්ල් එක ඔන් කරලා නිවී පැන්ට්‍රි එකට හේත්තු වෙද්දි කොල්ලෝ එක්කෙනා දෙන්නා ඇවිත් ඩයිනින්ග් ටේබල් එකට වාඩි වුනා.

හැමෝම සද්ද නැතුව ම කෑම කන්න පටන් ගද්දි කොෆි එකක් හදාගත්ත නිවී ආපහු රූම් එකට ආවා.  රූම් එකේ උස ජනේලේ ලග හිටගෙන ඈතට විහිදුනු ගාඩ්න් එක දිහා නිවී හිස් බැල්මෙන් බලාගෙන හිටියා. 

යොන්වා එකතු වූන යුන්ගිගේ පවුල සම්පූර්ණයි කියලා නිවීට හිතුනා.  තව දුරටත් මේ සහෝදර සමාගමය ට, යොන්වාට තමන් කරදරයක් කියලා නිවීට හිතුනා.  හන්ගුක් වලට ආවත් හරි නිව් ජේම්ස් ට කථා කලේ එක වතාවයි. සිද්ධ වුන හැමදේම ජේම්ස් ට කිව්ව නිවී ආපහු පුලුවන් ඉක්මනින් එනවා කියලා විතරයි ජේම්ස් ට කිව්වේ. අද ආපහු ජේම්ස් ට කථා කරලා බලන්න ඕන කියලා නිවීට හිතුනා...

කාත් කවුරුවත් නැතුව තනිවුන හැගීමක් හිතට දැනෙද්දි ඔලුව ගස්සලා ඇගිලි තුඩු වලින් නලල තෙරප ගත්ත නිවී එහෙමම ඇද උඩින් වාඩි වුනේ හේසෝක් ට කියලා ජේම්ස් ට කෝල් එකක් ගන්න හිතාගෙන. 

ඒත් එක්කම  දොරට තට්ටු කරගෙන රූම් එකට ආවේ ජින්..

"ජින් ඔප්පා!!"

"නිවී කෑම කන්නේ නැද්ද "

"මට බඩගිනි නෑ ඔප්පා තාම "

🖤🖤Hi Mr Min🖤🖤 ||Min Yoongi || [Completed]Où les histoires vivent. Découvrez maintenant