🖤🖤Hi Mr Min🖤🖤 04

1.1K 302 38
                                    

"යා නිවී ඇත්තටම ඩොක්ටර් කෙනෙක් ද"

"දේ "

නිවී ගේ කථාව අහගෙන හිටපු ජන්කුක් එහෙම අහද්දි ගානක් නැතුව නිවී ඔව් කියලා දැම්මා,  නිවීට කවදාවත් ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕන වුනේ නෑ,  නිවීට ඕන වුනේ පොලිසියට බැදෙන්න,  හොරු අල්ලන්න, අපරාධ කාරයෝ පස්සේ පන්නන්න නිවීට ඕන වුනේ ඒ දේවල්,  ඒත් නිවීගේ අප්පට ඕන වුනේ නිවී ව ඩොක්ටර් කෙනෙක් කරන්න.

අප්පට ඕන විදියට ම ඉගෙන ගත්ත නිවී ඩොක්ටර් කෙනෙක් වුනත් , නිවී ගේ දෛවය  වෙනස් කරන්න කාටවත් පුලුවන් කමක් තිබුනේ නෑ... උදේ ඉදන් රෑ වෙනකන් වේදනාව එක්ක ජීවත් වෙන මිනිස්සු එක්ක ජීවිතේ ගෙවන එක නිවීට එපා වෙන්න වැඩි දවසක් ගියේ නෑ,  නිවීට ඕන වුනේ නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න,  ඒත් වෛද්‍ය ජීවිතේ වගකීම් ගොන්නක් ඔලුවේ තියාගෙන කරන රැකියාවක්, .

වාහනයක් තිබුනා වුනත්  driver කෙනෙක් තියාගන්න තිබුන අකමැත්ත නිසාම හැමදාම හොස්පිට්ල් එකෙන් ඩියුටි මාරු වෙලා නිවී කරන්නේ පයින්ම ඇවිදගෙන තමන්ගේ අපාර්මන්ට් එකට එන එක, අවශ්‍ය කරන හැමදේම තිබුනත් නිවීට අපාර්මන්ට් එක තවත් එක හිර ගෙයක් වුනා...

පුරුදු පාරෙම වැනී වැනී ඇවිදගෙන ආපු නිවී දැක්කේ වාහනයකින් එලියට ඇදලා දාන මනුස්සයෙක් ව , වාහනේ විදුලි වේගෙන් ඈත වීදියේ නොපෙනී යද්දී නීවීගේ කකුල් නිවීටත් නොදැනීම නන්නාදුනන මනුස්සයා ලගට ඇදුනා. අමාරුවෙන් මනුස්සයා ව කෙලින් කරගත්ත නිවීගේ ඇස් වලට අහුවූනේ තරුණයාගේ බඩේ තිබුන තුවාලයකින් නොනවත්වා ගලන ලේ පාරට. 

පුලුවන් ඉක්මනින් වාහනයක් ගෙන්නගෙන තරුණයා ව තමන් වැඩ කරන  රෝහලටම අරගෙන එන්න නිවීට පුලුවන් වුනා.

ඒ ජේම්ස්!!!

ජේම්ස් තමන්ගේ  ඔම්මා අප්පා කවදාවත් දැකලා තිබුනේ නෑ ජේම්ස් කියන්නේ වීදී දරුවෙක් විදියට හැදුන කෙනෙක්,  ජේම්ස් කලේ එක එක මිනිස්සු වෙනුවෙන් චන්ඩි කම් කරපු එක, නිවී ජේම්ස් ගේ ජීවිතේ බේරගත්තට පස්සේ ජේම්ස් නිවීට හොද යාලුවෙක් වුනා,  ජේම්ස් ගේ යාලුවෝ නීවීගෙත් යාලුවෝ වුනා,  ජේම්ස් නිවී කියන ඕනම දෙයක් කරන්න ලෑස්ති වෙලා හිටියා,  ජේම්ස් හැම වෙලාවකම නිවී වෙනුවෙන් හිටියා...

🖤🖤Hi Mr Min🖤🖤 ||Min Yoongi || [Completed]Where stories live. Discover now