"ඒකනේ හ්යොන් මන් ගානට වෙලාවට ආවේ...."
යුන්ගි කාර් එකට හේත්තුවක් දාගෙනම කියුවා...

"කෝ හ්යොන් කා එක ගෙනාවේ නැද්ද මෙතනට "
කුකී ජිරාෆ් කෙනෙක් වගේ බෙල්ල දික්කර කර වටේම කා එක හොයද්දි ජීමින් කුකීගේ ඔලුවට හොද පාරක් ගැහුවා...

"ඒක ගාඩ් කෙනෙක්ට ගේන්න කියුවා mansion එකට...දන්නවද කුකී මොකක්ද ගත්තේ කියලා Lamborghini එකක්"
තමන්ගේ කා එක වගේ ජීමින් ආඩම්බරෙන් කියුවේ කුකීගේ දීලිසෙන ඇස් දිහාත් හොදට බලලා...

"වාහ්... යුන්ගි හ්යොන් මටත් රවුමක් යන්න දෙනවා නේද"
කුකී යුන්ගිගේ අතේ එල්ලීලා කන් කෙදිරි ගෑවේ පොඩිදරුවෙක්ටත් අන්ත විදියට....

"යාහ් ඒක මගේ කාර් එක..තමුන්ට මේ තියෙන්නේ BMW එකක්..."
යුන්ගි හේත්තුවක් දාගෙන ඉන්න කා එකටත් තට්ටුවක් දාගෙනම කුකීට කියද්දී කුකීගේ මූනනම් අහක බලාගෙන දාපු ආප්පයක් වගේ උනේ යුන්ගිගේ මූනටත් චූටි හිනාවක් ගේන ගමන්.....

"ඕකට ඔහොම ඉන්න ඕන නෑනේ මන් විහිලුවක් කරේ කුකී..රවුමක් බැරිනම් රවුම් දහයක් ගියත් කමක් නෑ"
යුන්ගිගෙයි කුකීගෙයි කෝලම් බලාගෙන ජීනුයි,ජීමිනුයි හිටියේ ගෙදර යන්නේ කීයටද වගේ ලුක් එකකින් ඒත් යුන්ගි කියුව දේත් එක්ක කුකී තවත් යුන්ගිගේ ඇගේ දැවටී දැවටී කෝලම.......

-MEANWHILE-

:MELI POV:
ගෙදරට ආව වෙලේ ඉදන් ඇදේ එහාට මෙහාට පෙරලී පෙරලී හිටිය මන් ඇදෙන් නැගිට්ටේ දොරට ගහපු සද්දෙ නිසා...

"දෝණි මොකෝ මේ කා එකක් ගන්න නේද ගියේ කෝ ගත්තේ නැද්ද"
අප්පා කාමරේට ඇවිත් ඇදෙන් ඉදගන්න ගමන් මගෙන් අහද්දී මගේ ඇගේ මාලු නටන්න ගත්තේ මින් යුන්ගිව මතක් වෙලා....

"අප්පා මන් ගිය ශොප් එකකට කොල්ලෙක් ආවා...ඒ සුදුභූතයා මන් ගන්න ගියපු කා එකම ගත්තා.."
මන් දුකින් කියද්දී අප්පා මගේ ඔලුව අතගෑවා.....

"ඉතින් මගේ මෙලී එයාට ඕන දේවල් එහෙම ලේසියෙන් අතාරින කෙනෙක් නෙමේනේ..."

"ඔව් අප්පා මන් වැඩියෙනුත් දෙන්නම් කියලා ඒක ගන්න හැදුවේ මොකද ඒක විතරයි කියුවා තියෙන අන්තිම එක....ඒත් අර සුදුභූතයා මොනවද කියලා ඒක අරගෙන ගියා...."
අප්පගේ උනුහුමට තුරුල් වෙන ගමන් මන් මිමිනුවේ මට ඕනදේවල් නැතිකරගන්න බෑ කියලා හිත තදින්ම කෑගහද්දී.....

||DEAR_MAFIA||Completed Onde histórias criam vida. Descubra agora