"කා එක්කද සෙල්ලම් කරන්නේ කියලා දන්නවා නේද ආහ්...හොර බඩු දෙන්න තරම් උබ වැඩ්ඩෙක් උනාද"
සුගා ඇලෙක්ස් ගාවට ගිහින් ඇලෙක්ස්ගේ කොන්ඩෙ පිටිපස්සට ඇදලා ගන් එක උගේ මූන දිගේ අරන් ගියා......

"ම්..මිආනේ..බොස්"
ඇලෙක්ස් වෙව්ලන අත් එකතු කරගෙනම සුගාගේ කකුල් දෙක ගාව දනින් වැටුනේ සුගා තමන්ගේ කොන්ඩේ පිටිපස්සට ඇදන් ඉන්නේ කියන දේත් අමතක කරලා දාලා.....

"කවුද මගේ පැටියෝ ඔයාට මේවා කරන්න කියුවේ"
සුගා තමන්ගේ කකුල් ගාව දනින් වැටිලා ඉන්න ඇලෙක්ස්ගේ ඔලුවෙන් ගන් එක තියන ගමන් ඇහුවා...සුගා ඇලෙක්ස්ගේ ගෝලයෝ දිහා බලපු ක්ශනිකව ජීමින්ගේ ගන් එකෙන් ඇලෙක්ස්ගේ ඉතුරු ගෝලයෝ දෙන්නත් බිම වැටුනේ ඇලෙක්ස් තවත් සුගාගේ කකුල් ගාවට වැටෙද්දී.....

"කියන්නකෝ බබා කව්ද ඔයාට කියුවේ මට හොර බඩු දෙන්න කියලා"
තවත් ඇලෙක්ස්ගේ ඔලුවට ගන් එක තද කරන ගමන් සුගා ඇහුවේ හිනාවෙන ගමන්....

"ල්...ලෝරා"
ඇලෙක්ස්ගේ වෙව්ලුම් කන කටහඩින් ලැබුන උත්තරෙත් එක්ක සුගා ක්ලබ් එකටම ඇහෙන්න හිනාවෙන්න ගත්තේ ඇලෙක්ස්ගේ ඔලුවට තද කරලා තිබුන ගන් එක අරන් තමන්ගේ ඔලුවට හිමින් තට්ටුවක් දාගන්න ගමන්.....

"ඕකේ ගුඩ්බායි ඇලෙක්ස්"
ක්ශනයෙන් හිනාව නැවතිලා සුගා තමන්ගේ ගන් එකෙන් ඇලෙක්ස්ගේ ඔලුවට ශූට් කරේ ඇලෙක්ස්ගේ ඔලුව කෑලි කෑලි වලට කැඩිලා පැත්තකට විසිවෙද්දී.....

"කුකී මේක අස්කරන්න කියපන් ලේ බින්දුවක්වත් නැතිවෙන තරමට නැත්තම් රෑට ක්ලබ් එකට එන උන් මේවා දකියි"
සුගා ගන් එකත් ඉනට ගහගෙන ඇලෙක්ස්ගේ නිසල සිරුර උඩින් ඇවිදගෙනම කුකීලා ගාවට ආවා.....

"හ්යොන් කොහොමද"
කුකී පුදුමය එක්ක සුගාගෙන් අහද්දී ගාඩ්ලා තුන්දෙනෙක් ඇවිත් එතන අස්කරා..

"ඉක්මනට ඩීල් එක කරන්න ඕන කියලා ඊයේ කතා කරපු වෙලාවෙම මට තේරුනා නරකක් වෙයි කියලා..."
ක්ලබ් එකෙන් එලියට යන ගමන් සුගා කියුවේ තමන්ගේ පිටිපස්සෙන් එන තුන්දෙනාට ඇහෙන්න කෑගහලා...

"එහෙනම් ඉතින් කුකීවයි මාවයි තනියම එව්වේ මොකටද යුන්ගියා තමුන්ටත් එන්න තිබ්බනේ කාර් එකක් බලන්න ගියේ"
ජීන් යුන්ගිට බැන්නේ නිකමට හරි එයාගෙනුයි කුකීගෙනුයි වැරුද්දක් උනානම් කියන හැගීමත් හිතේ තියාගෙන....

||DEAR_MAFIA||Completed Where stories live. Discover now